IMG-LOGO

‘එජාපයේ අපේක්ෂකයා නුදුරේදීම ප්‍රකාශ කරනවා’

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂය තම ජනාධිපති අපේක්ෂකයා නුදුරේදීම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් තෝරා පත් කර ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සූදානම්කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති මහාමාර්ග සංවර්ධන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අපි අපේක්ෂකයා කිසි විටෙක අධිකරණය හමුවේ හෝ ජනතාව ඉදිරියේ චෝදනා ලැබුවකු නොවන අතර අනාගත පරපුර නව ලෝකයකට ගෙන යා හැකි දුප්පතාගේ දුක හඳුනන උගත් පුද්ගලයකු බවත් එජාප සභාපතිවරයා සඳහන් කරයි.

අමාත්‍ය කබීර් හෂීම් මහතා නිකුත් කළ නිවේදනයේ තවදුරටත් මෙසේ ද සඳහන් වේ.



අදහස් (19)

‘එජාපයේ අපේක්ෂකයා නුදුරේදීම ප්‍රකාශ කරනවා’

sirimal Monday, 12 August 2019 11:20 AM

අර නාලිකාව මඟින් අඬබෙර ගහල විශාල ප්‍රචාරයක් දීල පටන් ගත්තු "මංගල උත්සවයට" මොකද දන්නේ නැහැ කළු ඇඳගෙන ආවේ.

:       0       0

Nuwan Monday, 12 August 2019 11:32 AM

එහෙමද ආස???

:       0       0

kolam boss Monday, 12 August 2019 12:24 PM

ඒ සුදුසුකම් තියෙන අපේක්ෂකතුමා ඉපදිලද ඉන්නේ? මේ රටට ඕන දුප්පතාගේ දුක හඳුනන කෙනෙක් නෙමෙයි. රට සංවර්ධනය කර රැකීරක්ෂා බිහිකළ හැකි නායකයෙක්වයි.

:       284       617

Savanth Monday, 12 August 2019 12:36 PM

එතකොට අර හරීන් සහ සජිත් මේ වෙලාවේ බදුල්ලේ පිළිගැනීම් උත්සව තියන්නේ ඇයි? ඔය ගොල්ලන්ගෙන් කවුද හරි?

:       6       203

Amila Monday, 12 August 2019 12:53 PM

ජෝන් බාස් දැම්මොත් හොඳ නැද්ද? එහෙන් දාලා තියෙන්නේත් ඔන්න මැරෙයි, මෙන්න මැරෙයි වගේ මුත්තෙක් නිසා... එතකොට රටේ අයට හොඳම වයසක පුද්ගලයා තෝරන්න පුළුවන්...

:       233       189

RaveendraMonday, 12 August 2019 01:27 PM

ජෝන් බාසා නම් වැඩේට හොඳයි. එ්ත් ඉතින් තුවාය ඇඳගෙන ඉස්පිරිතාලේ යන්න හැදුවොත් හැමදාම... මොකද? ඔන්න වලපයයි, මෙන්න වලපයයි වුණාට ජෝන් ආතා හොඳ හිතහයිය කෙනානේ..

:       5       139

Raveendra Monday, 12 August 2019 12:58 PM

අප නොදන්නා නිසා මෙම පැන ඇසීමට කැමැත්තෙමු. කව්රුන් හෝ ඒ පිළිබඳව අපව දැනුවත් කරන්නේ නම් අප අගය කරන්නෙමු. දැන් මේ කබීර් නමැති මහජන නියෝජිතයා භාවිතා කර ඇත්තේ ශ්‍රී ලංකා රජයේ ලාංඡනය සහිත ශීර්ෂපාඨය අඩංගු රජයට අයිති ලිපි කඩදාසියක් නොවේද? එවන් දෙයක් භාවිතා කර තමන්ගේ පක්ෂයක කටයුතු සඳහා ලිපි ඉදිරිපත් කිරීමට හැකිද? අප වැරදිනම් කිසිවෙකු ඒ පිළිබඳව සිත් තැවුලට පත් වුණානම් අප කණගාටු වෙන්නෙමු.

:       1       454

indikaTuesday, 13 August 2019 04:58 AM

තව මාස 2-3කින් පස්සේ එවයි වැඩක් නැහැනේ. එක හින්ද තියෙන ටික ඉවර කරලා දානවා ඇති!

:       0       4

purawasiyaa Monday, 12 August 2019 01:46 PM

අධිකරණය හමුවේ හෝ ජනතාව ඉදිරියේ චෝදනා ලැබුවකු නොවන අතර අනාගත පරපුර නව ලෝකයකට ගෙන යා හැකි දුප්පතාගේ දුක හඳුනන නීතිය පිළිබඳ දැනුමක් ඇති උගත් පුද්ගලයකු බවත් එජාප සභාපතිවරයා සඳහන් කරයි.

:       2       42

Gihan Monday, 12 August 2019 03:47 PM

ඒ වුණාට මෙතුමාත් ගෝඨා හම්බෙන්න ගියා කියලා ආරංචියි. ඒක නෙමෙයි ඇමතිතුමා, රුපියලක් දීලා කොළයක් අරන් කරන නිවේදනයක් කරගත්තා නම් නේද හොඳ? අමාත්‍යංශ කොලේ ඕක දාන්නේ නැතුව... කැතයිනේ නේ...?

:       20       134

Abaran Monday, 12 August 2019 10:35 PM

ඒ කතාව නම් ඇත්ත ..රජයේ මුදල් අවභාවිතාව කියන්නේ මේවට තමයි.මේ උදවියට ඒ වගේ සුළු දේකින්වත් ගැලවෙන්ට බැහැ වගේ...

:       5       1

sirimal Monday, 12 August 2019 05:52 PM

ප්‍රකාශ කරන්න දෙයක් නැහැ. එක්කෙනෙක් දැනටම ප්‍රචාරක කටයුතු පවා පටන් අරගෙන.

:       0       1

මුණසිංහ Tuesday, 13 August 2019 01:57 AM

වැඩක් වෙන එකක් නැහැ වගේ. ඡන්දෙන් පස්සෙම තීරණය කරන්න.

:       0       0

මනෝජා වාහලතන්ත්‍රි Tuesday, 13 August 2019 04:01 AM

එතකොට 12දා බදුල්ලේ අටමගලේ කුමක්ද? පක්ෂයේ කුණු ජනතාවට ප්‍රදර්ශනය කිරිමක් ලෙසයි මා එය දකින්නේ

:       0       0

thilakasiri Tuesday, 13 August 2019 06:21 AM

සියළු බුදුවරුන් මෙන් ගෞතම බුදුන්ද උපායයෙන් හේතු ඇති පිරිස ගොනුකර පිරිනිවන් කාළය පැමිනණි විට සත්‍ය වූ අවසාන මහා ධර්මය දේශනා නොකරකරත්දී සැරියුත් තෙරුන් ඇතුළු සියලු භික්ෂු ශ්‍රාවකයින් මහලු වියට පත්ව සිටි බවත්. එවන් මහලු සැරියුත් තෙරුන්ටත් අදහාගත නොහැකි ඉන් පෙර නැසූ ධර්මයක් එසේ දේශනාකරනු අසා මාරයා බුදුන්ගේ වෙසින් මෙසේ දේශනාකරන්නේද කියා සැකයක් ඇතිවී බුදුන්ගෙන් ප්‍රශ්න කරත්දී ගැඹුරු මහ සයුරසේ නිශ්චලව ඒ ප්‍රශ්නවලට උත්තර දෙත්දී මාරයට එවැනි පිළිතුරු සැපයිය නොහැකි බව දැන සැකහැර බුදුන්වහන්සේ කෙරෙහි සර්ධාවෙන් යථා අවභෝදයට පත්වූ බවත් තරුණ අවදියේදී ඒ මහා ධර්මය වටහාගැනීමට තරම් සියුම් ප්‍රඥාවක් ඇති නොවන නිසා මෙසේ මහලු වියට පත්වන තුරු මේ ධර්මය දේශනා නොකළ බවත් සුදුසෙකුට හැර වගකීමෙන් තොරව සත්‍යවූ මේ මහා ධර්මය දේශනා නොකරන ලෙසත් එසේ කළහොත් එය වටහාගත නොහැකිව විරුද්ධවී බුදුවරයෙකු දැකීමට පවා නොහැකි වන මහා අකුශලයක් අසන්නා කරගන්නා බවත් දේශනා කර ඇති බව මහායානයේ සදහන්ව ඇත. තරුණයින් ජව සම්පන්න වුවාට සියුම් බුද්ධිය උපාය කෞශල්‍ය හීන බැවින් තීන්දු තීරණ ගතයුත්තේ පළපුරුදු වැඩිහිටියන්ගේ අදහස් අනුව බව ඉන් පැහැදිලිය.

:       0       3

RaveendraTuesday, 13 August 2019 08:20 AM

තිලකසිරි මයා වෙත, ඔබ විසින් සදහන් කර ඇත්තේ බෞද්ධ ධර්මය ආශ්‍රිතව ඉතා වටිනා අදහස් ගොන්නකි. " තරුණයින් ජව සම්පන්න වුවාට සියුම් බුද්ධිය උපාය කෞශල්‍ය හීන බැවින් තීන්දු තීරණ ගතයුත්තේ පළපුරුදු වැඩිහිටියන්ගේ අදහස් අනුව බව ඉන් පැහැදිලිය." යන වැකිය නම් මේ ඉන්න අයගෙන් ලබාගත හැකිද යන්න පිලිබදව ඔබ දකින්නේ කිනම් අදහසක්ද?

:       0       0

sirimal Tuesday, 13 August 2019 08:36 AM

තවත් මොනවද ප්‍රකාශ කරන්න ඉතුරුවෙලා තියෙන්නේ ? එක්කෙනෙක් දැනටම කටයුතු කරන්නේ අපේක්ෂත්වය කොහොම වෙතත් එයා ජනාධිපති වෙලත් ඉවරයි වගේනේ. දැක්කේ නැද්ද ? දැන් ඉතින් එයාට නොදී බැරිවෙයි.

:       0       55

thilakasiri Tuesday, 13 August 2019 09:41 AM

සිරිමල් කෙනෙක් දැනටම කටයුතු කරන්නේ අපේක්ෂත්වය කොහොම වෙතත් එයා ජනාධිපති වෙලත් ඉවරයි වගේ බව කාටත් පෙනිලා තරු විසිවෙලා ඉන්නේ බැරිවෙලාවත් එයා ජනාධිපති උනොත් වෙන්න පුළුවන් වින්නැහිය ගැන හිතලා. ඒ වගේ අය දැගලුවට පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට ක්‍රියා නොකලොත් අපි ඡන්දෙ දෙයි කියල හිතනවද?

:       0       0

rohan Wednesday, 14 August 2019 06:48 AM

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස කියා මම ප්‍රකාශ කරනවා. සැමට නිවසක් ශ්‍රී ලංකාවට ජයවේවා..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 448 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 887 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site