(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය තම ජනාධිපති අපේක්ෂකයා නුදුරේදීම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් තෝරා පත් කර ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සූදානම්කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති මහාමාර්ග සංවර්ධන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අපි අපේක්ෂකයා කිසි විටෙක අධිකරණය හමුවේ හෝ ජනතාව ඉදිරියේ චෝදනා ලැබුවකු නොවන අතර අනාගත පරපුර නව ලෝකයකට ගෙන යා හැකි දුප්පතාගේ දුක හඳුනන උගත් පුද්ගලයකු බවත් එජාප සභාපතිවරයා සඳහන් කරයි.
අමාත්‍ය කබීර් හෂීම් මහතා නිකුත් කළ නිවේදනයේ තවදුරටත් මෙසේ ද සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නාලිකාව මඟින් අඬබෙර ගහල විශාල ප්‍රචාරයක් දීල පටන් ගත්තු "මංගල උත්සවයට" මොකද දන්නේ නැහැ කළු ඇඳගෙන ආවේ.
එහෙමද ආස???
ඒ සුදුසුකම් තියෙන අපේක්ෂකතුමා ඉපදිලද ඉන්නේ? මේ රටට ඕන දුප්පතාගේ දුක හඳුනන කෙනෙක් නෙමෙයි. රට සංවර්ධනය කර රැකීරක්ෂා බිහිකළ හැකි නායකයෙක්වයි.
එතකොට අර හරීන් සහ සජිත් මේ වෙලාවේ බදුල්ලේ පිළිගැනීම් උත්සව තියන්නේ ඇයි? ඔය ගොල්ලන්ගෙන් කවුද හරි?
ජෝන් බාස් දැම්මොත් හොඳ නැද්ද? එහෙන් දාලා තියෙන්නේත් ඔන්න මැරෙයි, මෙන්න මැරෙයි වගේ මුත්තෙක් නිසා... එතකොට රටේ අයට හොඳම වයසක පුද්ගලයා තෝරන්න පුළුවන්...
අප නොදන්නා නිසා මෙම පැන ඇසීමට කැමැත්තෙමු. කව්රුන් හෝ ඒ පිළිබඳව අපව දැනුවත් කරන්නේ නම් අප අගය කරන්නෙමු. දැන් මේ කබීර් නමැති මහජන නියෝජිතයා භාවිතා කර ඇත්තේ ශ්‍රී ලංකා රජයේ ලාංඡනය සහිත ශීර්ෂපාඨය අඩංගු රජයට අයිති ලිපි කඩදාසියක් නොවේද? එවන් දෙයක් භාවිතා කර තමන්ගේ පක්ෂයක කටයුතු සඳහා ලිපි ඉදිරිපත් කිරීමට හැකිද? අප වැරදිනම් කිසිවෙකු ඒ පිළිබඳව සිත් තැවුලට පත් වුණානම් අප කණගාටු වෙන්නෙමු.
අධිකරණය හමුවේ හෝ ජනතාව ඉදිරියේ චෝදනා ලැබුවකු නොවන අතර අනාගත පරපුර නව ලෝකයකට ගෙන යා හැකි දුප්පතාගේ දුක හඳුනන නීතිය පිළිබඳ දැනුමක් ඇති උගත් පුද්ගලයකු බවත් එජාප සභාපතිවරයා සඳහන් කරයි.
ඒ වුණාට මෙතුමාත් ගෝඨා හම්බෙන්න ගියා කියලා ආරංචියි. ඒක නෙමෙයි ඇමතිතුමා, රුපියලක් දීලා කොළයක් අරන් කරන නිවේදනයක් කරගත්තා නම් නේද හොඳ? අමාත්‍යංශ කොලේ ඕක දාන්නේ නැතුව... කැතයිනේ නේ...?
ප්‍රකාශ කරන්න දෙයක් නැහැ. එක්කෙනෙක් දැනටම ප්‍රචාරක කටයුතු පවා පටන් අරගෙන.
වැඩක් වෙන එකක් නැහැ වගේ. ඡන්දෙන් පස්සෙම තීරණය කරන්න.
එතකොට 12දා බදුල්ලේ අටමගලේ කුමක්ද? පක්ෂයේ කුණු ජනතාවට ප්‍රදර්ශනය කිරිමක් ලෙසයි මා එය දකින්නේ
සියළු බුදුවරුන් මෙන් ගෞතම බුදුන්ද උපායයෙන් හේතු ඇති පිරිස ගොනුකර පිරිනිවන් කාළය පැමිනණි විට සත්‍ය වූ අවසාන මහා ධර්මය දේශනා නොකරකරත්දී සැරියුත් තෙරුන් ඇතුළු සියලු භික්ෂු ශ්‍රාවකයින් මහලු වියට පත්ව සිටි බවත්. එවන් මහලු සැරියුත් තෙරුන්ටත් අදහාගත නොහැකි ඉන් පෙර නැසූ ධර්මයක් එසේ දේශනාකරනු අසා මාරයා බුදුන්ගේ වෙසින් මෙසේ දේශනාකරන්නේද කියා සැකයක් ඇතිවී බුදුන්ගෙන් ප්‍රශ්න කරත්දී ගැඹුරු මහ සයුරසේ නිශ්චලව ඒ ප්‍රශ්නවලට උත්තර දෙත්දී මාරයට එවැනි පිළිතුරු සැපයිය නොහැකි බව දැන සැකහැර බුදුන්වහන්සේ කෙරෙහි සර්ධාවෙන් යථා අවභෝදයට පත්වූ බවත් තරුණ අවදියේදී ඒ මහා ධර්මය වටහාගැනීමට තරම් සියුම් ප්‍රඥාවක් ඇති නොවන නිසා මෙසේ මහලු වියට පත්වන තුරු මේ ධර්මය දේශනා නොකළ බවත් සුදුසෙකුට හැර වගකීමෙන් තොරව සත්‍යවූ මේ මහා ධර්මය දේශනා නොකරන ලෙසත් එසේ කළහොත් එය වටහාගත නොහැකිව විරුද්ධවී බුදුවරයෙකු දැකීමට පවා නොහැකි වන මහා අකුශලයක් අසන්නා කරගන්නා බවත් දේශනා කර ඇති බව මහායානයේ සදහන්ව ඇත. තරුණයින් ජව සම්පන්න වුවාට සියුම් බුද්ධිය උපාය කෞශල්‍ය හීන බැවින් තීන්දු තීරණ ගතයුත්තේ පළපුරුදු වැඩිහිටියන්ගේ අදහස් අනුව බව ඉන් පැහැදිලිය.
තවත් මොනවද ප්‍රකාශ කරන්න ඉතුරුවෙලා තියෙන්නේ ? එක්කෙනෙක් දැනටම කටයුතු කරන්නේ අපේක්ෂත්වය කොහොම වෙතත් එයා ජනාධිපති වෙලත් ඉවරයි වගේනේ. දැක්කේ නැද්ද ? දැන් ඉතින් එයාට නොදී බැරිවෙයි.
සිරිමල් කෙනෙක් දැනටම කටයුතු කරන්නේ අපේක්ෂත්වය කොහොම වෙතත් එයා ජනාධිපති වෙලත් ඉවරයි වගේ බව කාටත් පෙනිලා තරු විසිවෙලා ඉන්නේ බැරිවෙලාවත් එයා ජනාධිපති උනොත් වෙන්න පුළුවන් වින්නැහිය ගැන හිතලා. ඒ වගේ අය දැගලුවට පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට ක්‍රියා නොකලොත් අපි ඡන්දෙ දෙයි කියල හිතනවද?
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස කියා මම ප්‍රකාශ කරනවා. සැමට නිවසක් ශ්‍රී ලංකාවට ජයවේවා..!!!