IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


එජාපය අනගාරික ධර්මපාලතුමන්ගේ සහ ජේ.ආර් ජන්ම දින සමරයි

(අංජුල මහික වීරරත්න)

අනගාරික ධර්මපාලතුමන්ගේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායක සහ ප්‍රථම විධායක ජනාධිපති  ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජන්ම දින සමරුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන එජාප නායකයින්ගේ සහභාගීත්වයෙන් ආගමික වැඩසටහනක් රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් විහාරස්ථානයේදී අද (17) පැවැත්විණි. 

අනගාරික ධර්මපාලතුමන් සහ හිටපු ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජන්ම දිනය මෙන්ම එක්සත් ජාතික පක්ෂයට වසර 75ක් පිරීම, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන වසර 75ක් පිරීම මෙන්ම  ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවට නිදහස ලැබීමද සිහිපත් කරමින් මෙම ආගමික වැඩසටහන පැවැත්වීම විශේෂත්වයක් විය.

මෙම අවස්ථාවට පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය, එජාප බෞද්ධ කමිටුවේ සභාපති මහරගම සංවිධායක නීතීඥ සුදත් ජයසුන්දර, රත්මලාන එජාප බලමණ්ඩලයේ ලේකම් හිටපු නාගරික මන්ත්‍රී අකිල රාජපක්ෂ සහ බෞද්ධ කමිටුවේ ලේකම් මහරගම නාගරික මන්ත්‍රීනී රේණුකා සේනාරත්න යන මහත්ම මහත්මීහූ ද සහභාගි වූහ.



අදහස් (1)

එජාපය අනගාරික ධර්මපාලතුමන්ගේ සහ ජේ.ආර් ජන්ම දින සමරයි

sena Friday, 17 September 2021 07:20 PM

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමට සියලු දෙනාම කැපවිය යුතු වේ

:       8       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 252 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1600 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site