(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක්වූ ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා ඇතුළත් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට යළිත් පක්ෂයට එක් වීම සඳහා අවස්ථාව දීමට එජාපය තීරණය කර තිබේ.
පක්ෂය මේ තීරණය ගනු ලැබූවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.
එක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජන බලවේගයට එක් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් 44 දෙනෙක් යළි එජාපයට පැමිණි බවත් තවත් මන්ත්‍රීවරුන් 18 දෙනෙක් පක්ෂයෙන් ඉවත් කළ බවත් කෘත්‍යාධිකාරීමණ්ඩල රැස්වීමේ දී අනාවරණය විය.
යළි පක්ෂයට එක් වීමට කැමති පළාත් පාලන මන්ත්‍රීවරුන් ගැන තීරණයක් ගැනීමට එජාප සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන් වෙත පැවරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන දෙවන පියවර යටතේ ප්‍රධාන තනතුරු දරන්නන්ට වගකීම් ලබා දීමේ බලය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළේය .පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා වගකීම් බෙදා දීමත් සමඟ අංශ ගණනාවක් ඔස්සේ ප්‍රතිසංවිධානය දෙවන පියවර ඇරඹේ.
ඊට අමතරව සංවිධායකවරුන් පත් කිරීමේ නිර්දේශ නායකත්වයට දීම සඳහා කමිටුවක් ද පත් කරනු ලැබීය.
පළාත් සභා මැතිවරණයේදී කාන්තාවන්ට එජාප අපේක්ෂක ලැයිස්තුවෙන් 25% ක් වෙන් කිරීමේ යෝජනාවට ද කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමි විය.
COMMENTS
ගිලපු නැවට කාට හරි නගින්න පුලුවන්ද? ඔය නැව ගිලිලා ඉවරයි. ලැබිච්ච එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පුරවන්න පක්ෂයක්.
බංකොලොත් භාවයක තරම...
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක්වූ ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ සහ බොහෝ දෙනෙකුගේ බලවත් ඉල්ලීම මත එජාපයෙන් ගිය අයට යළි දොර විවෘත කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත...
එක්සත් ජාතික පක්ෂය 2024 රජයක් පිහිටුවීමේ අරමුණ සාර්ථක කිරීම සදහා සහ ඉදිරි රජයේ 75% නවක යන සදහා වෙන් කිරීම සුදුසු වේ. එමෙන්ම රට තුල කරගෙන යන්නාවූ සංවිධාන කටයුතුවල දී ජනතව දනුවත් කල යුතුවන්නේ ඉදිරි මැතිවරණයේදී රට වෙනුවෙන් රටේ නනගත පරපුර වෙනුවෙන් තරුණ දක්ෂ කණඩායමක් පාර්ලිමේන්තුවට පත් කිරීමට කට යුතුකරන ඉල්ලීම ජනතවට ලබාදිය යුතුවේ. දුෂිත චෝදනලද සහ පක්ෂවලින් පනින්නාවූ සහ නායකත්වයට එරෙහි සියලු දෙනාට ඉදිරියෙද අවස්ථාවන් ලබාදිය යුතු නොවේ. එක්සත් ජාතික පක්ෂය සක්තිමත් කිරීමට නම් ආරම්බයේ සිටම මෙම පණිවුඩය ජනතවට සහ පක්ෂයේ තනතුරු ලබා සිටින කණ්ඩායම දැනුවත් අවිය කරුණකි.