(මොහොමඩ් ආසික්)
ජනාධිපතිවරණය ළංවෙමින් තිබියදී එක්සත් ජාතික පක්ෂයට ඉතිරිව ඇත්තේ ‘කැපුවත් කොළ’ කියන සුළු පිරිසක් පමණක් බවත්, ඒ පිරිස ඉදිරි දිනවලදී තමන් සමඟ එක් වනු ඇති බවත් මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා අද(10) පැවැසීය.
හිටපු පළාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගේ සංවිධායකත්වයෙන් පූජාපිටිය ප්‍රදේශයේ පැවැති රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරයා එසේ කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ දිලුම් අමුණුගම මහතා මෙසේද කීය.
“මේ වන විට වැනෙන එක්සත් ජාතික පක්ෂ කාරයෝ කවුරුත් නෑ. මේ වන විට පාවෙන ඡන්ද කියල දෙයක් නෑ. ඒ ඔක්කොම අපිත් එක්ක එකතු වෙලා ඉවරයි. තව ඉතිරිවෙලා තියෙනවා ‘කැපුවත් කොළ’ කියන සුළු පිරිසක්. මේ පිරිසට කරුණු පැහැදිලි කරන්න ඕන. මුලින්ම ඒ අය තමන් දාගෙන ඉන්න කණ්ණාඩිය ගලවලා මේ රට වැටිල තියෙන තත්වය බලන්න ඕන. මේ රට මේ තත්වයට වැටීමට වග කියන්න ඕන කැපුවත් කොළ කියන ඔය අයගේ නායකයින් කියලා ඔවුන්ට කියල දෙන්න ඕන. 2015 ජනාධිපතිවරණය තියෙනකොට මේ රට තිබුණේ හොඳ තත්වයක. ආර්ථික වර්ධන වේගය තිබුණා 7.8% ක තත්වයක. එදා මේ රටේ ත්‍රස්තවාදයක් තිබුණේ නෑ, සාමය තිබුණා.
නමුත් 2015 ඒ රජය බලයට පැමිණීමත් සමඟ 2019 මැතිවරණය පවත්වනකොට ඒ තිබුණු සියලු දේ නැති වෙලා ගියා. ඊට හේතුව වෙන කිසිවෙක්වත් නෙවෙයි, එක්සත් ජාතික පක්ෂ පාලකයනුයි. එක්සත් ජාතික පක්ෂයට ආදරය කිරීම ගැන අපට ගැටලුවක් නැහැ. නමුත් ඒ පක්ෂයේ වර්තමාන නායකයින් ගැනයි ගැටලුව තියෙන්නේ. 2015 ජනාධිපතිවරණය පැවැත්වෙනකොට රටේ තිබුණේ සාමාන්‍ය තත්වයක්. ඒ තත්වය 2019 වෙද්දි අසාමාන්‍ය තත්වයක් බවට පත් වෙලා” යැයිද ඒ මහතා කීය.

2025 දෙසැම්බර් මස 18
190
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
“එජාපයට ඉතිරිව ඇත්තේ ‘කැපුවත් කොළ’ කියන සුළු පිරිසක් විතරයි”