(ආරියරත්න රණබාහු)
මිලේනියම් චැලේන්ජ් කොපරේෂන් ගිවිසුම අනුව ඇමෙරිකන් කොරිඩොවක් හෝ එක බිම් අගලක් හෝ ඇමෙරිකාවට දෙන බව සඳහන් වැකියක් එම ගිවිසුමෙහි පෙන්නුවහොත් තමා දේශපාලනයෙන් සමුගන්නා බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (06) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
රාජපක්ෂවරු විසින් විවිධ කාලවලදී නොයෙකුත් දේ මවා පා ජනතාව භීතියට පත්කිරීමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා මෙම ගිවිසුමද එවැන්නක් යැයි කීය.
ඉන්දියන් සුවසැරිය ගිලන් රථ සේවය පැමිණෙන විටදී ද බිලලකු මවා පෑ බව කී ඇමැතිවරයා වර්තමානයේ එම සේවයේ ඇති ඵලදායිතාවය නිසා ඒ ගැන කිසිවක් නොකියන බවද කීය.
ඊට පෙර 1988 ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේදී රණසිංහ ප්‍රේමදාස අගමැති වශයෙන් කටයුතු කරද්දී ඉරණවිල ඇමෙරිකන් හඬ ගුවන් විදුලි මධ්‍යස්ථානය පිහිටුවීමේදී ද විපක්ෂයේ ජනතාව නොමග යැවූ බව තී ඇමැතිවරයා පසුගිය 2017 වසරේදී එම සමාගම ගුවන් විදුලි මධ්‍යස්ථානය ඉවත් කර ඉඩම බාදී ගිය බවද සිහිපත් කළේය.
එමෙන්ම ගාලු කොටුව විකිණිම , සිංහරාජය හා සීගිරිය ඇමෙරිකාවට දීම යනාදිය ගැන විපක්ෂය බොරු බිල්ලන් මවා පෑවද ඒ කිසිවක් සිදු නොවණු බවද හෙතෙම කීය.
ඒ අනුව මෙම ගිවිසුමද මේ රටට සම්පතක් වන ගිවිසුමක් වන බව කී ඇමතිවරයා එය කැබිනට් මණ්ඩලයෙන් සම්මත කරගනු ලැබුවේ ලබන දෙසැම්බර් දෙවන සතියේ පැවැත්වෙන එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලවල රැස්වීට පෙර එය කළ යුතුව තිබූ නිසා යැයිද කීය.
කෙසේ වෙතත් මෙම ගිවිසුම බලාත්මක වනුයේ ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේනුතුව ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව බවද ඇමැතිවරයා පැවසීය.
කෙසේ වෙතත් මෙම ගිවිසුම බලාත්මක වනුයේ ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව බවද ඇමැතිවරයා පැවසීය.
මෙම ගිවිසුම අනුව ඇමෙරිකන් ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් මේ රටට හිමිවන අතර එ මගින් ප්‍රවාහන ව්‍යාපෘතියට රුපියල් මිලියන 63000 ක් ද , ඉඩම් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන් 12114 ක්ද වෙන් කෙරෙන බව කීය.
ප්‍රවාහන ව්‍යාපෘතිය යටතේ නවීන රථ වාහන කළමනාකරණ පද්ධතියට රුපියල් මිලියන 28800 ක්ද බස් ප්‍රවාහන සේවය නවීකරණයට රුපියල් මිලියන 9000 ක් ද තෝරා ගත් ග්‍රාමීය මාර්ග ජාලයේ නවීකරණනයට රුපියල් මිලියන 25200 ක් ද යොදවන බව සමරවීර මහතා කීය.
ඉඩම් ව්‍යාපෘතිය යටතේ ඉඩම් කැබලි මූලික සිතියම් සහ රජයේ ඉඩම් ලේඛන ඩිජිටල්කරණය පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 4212 ක්ද ඉඩම් තක්සේරු ක්‍රියාවලිය ඩිජිටල්කරණය රුපියල් මිලියන 1170 ක්ද ඉඩම් හිමිකම් වාර්තා ඩිජිටල්කරණය පුළුල් කිරීමට රුපියල් මිලියන 2052 ක් ද ඉඩම් ඔප්පු හිමිකම් සහතික කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රුපියල් මිලියන 3474 ක් ඉඩම් පරිපාලන හා ප්‍රතිපත්ති සඳහා පර්යේෂණ වලට රුපියල් මිලියන 11286 ක්ද වෙන් කෙරෙන බව මුදල් ඇමතිවරයා පැවසීය.
COMMENTS
නැහැ ...!!! අපි හොඳටම දන්නවා අපේ රට පාවාදුන් බව. කෙසේ වෙතත් මේ පාර ඔබ ඡන්දයෙන් පරාද වෙනවාමයි. ඒ නිසා දේශපාලනයෙන් විශේෂයෙන් සමුගන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඔබගේ හිතවතා ඇමෙරිකාව ලවා එක්සත් ජාතීන්ගේ මොකක්හරි රස්සාවක් ලබාගන්න.
"...ලබන දෙසැම්බර් දෙවන සතියේ පැවැත්වෙන එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලවල රැස්වීට පෙර එය කළ යුතුව තිබූ නිසා යැයිද කීය..." කොහෙවත් ඉන්න රටවල් කන අධ්‍යක්ෂ මණ්ඩලයද ලොකු රටේ මහජනතාවද. ඔබගේ ලුණු ගොරකා මදි අපිව තම්බන්න.
වසර පහකට පත්වෙන ඔබතුමාලා මුළු අනාගත පරපුරට බලපාන ගිවිසුම් හංගලා ගහන්නේ ඇයි ?
අක්කර ලක්ෂ 12 හේ තියෙන්නේ මොනවාද...? කනිජ, ලෝහ, ඒ මදිවට අපිටම අනන්‍ය ජෛවවිවිධත්වය... ඒවා ගන්න පුළුවනි නේද....? ඔය ගිවිසුම කීයටවත් අත්සන් කරන්න නොලැබේවා.! ඩොලර් මිලියන 450 ක් අපිට කොහෙන් හරි හොයාගන්න පුළුවනි. එත් අපේ ස්වයිරිත්වය..? අපේ රට..? අපේ සතා සීපාවා ඇල දොළ... අහස මේවා අපිට වටිනවා. අපේ දුප්පත්කම අපිට හොඳයි. අපිව දුප්පත් කලේ අවුරුදු 70ක්ම මේ රට පාලනයකළ හොර නඩ 2 යි.
ආයේ ඉතින් ඕක හින්ද ගියා කියන්න ඕන නැහැ. කොහොමටත් යන්න වෙනවනේ?
මෙතුමා දේශපාලනයෙන් සමු ගන්නවාද නැද්ද යන්න මාතර බුද්ධිමත් ජනතාවට බාරයි. මෙතුමා මුදල් ඇමති. බලන්න මාතර රෝහලේ රෝගීන් සඳහා තිබෙන පහසුකම්. මෙතුමාගේ එක පෑන් පහරින් විශ්‍රාම යන ජනාධිපතිවරයාට කෝටි සියගනනක නිවසක්.
එහෙනම් ඉතින් දශක දෙක තුනකට කලින් තමයි. දේශපාලුවන්ගේ සාමාන්‍ය ක්‍රමයනේ "තොගවශයෙන් බොරු කීම " .මෙයත් තව එක් උදාහරණයකි.
බොරු කයිවාරු එපා! ඉඩම් ගන්නවා කියලා කෙලින්ම කියන්න තරම් ඇමෙරිකාව මෝඩ නෑ. අනික, අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සුමාන මාසයක් කල් දාන්න බැරිද ඒ අයට? ඒ අයගේ කාල සටහනට වැඩ කරන එකට තමයි නිවටයි කියන්නේ.
දැන් මේකෙන් එක්සත් ජනපදයට මුකුත්ම වාසියක් නැද්ද තුමනි? හෙන පාඩු ව්‍යාපෘතියකටනෙ ඒ ගොල්ලොත් අත ගහලා තියෙන්නෙ..
දෙන්නෙ මේන් කියලා නොවෙයිනේ. අකුරු තර්ක නොකර ඇත්ත කියන්න මහත්තයෝ රට මෙහෙම විනාශකරන්නේ මහජන මුදලින්ම කාලා ඇදල මොනහිතකින්ද ?
"ඒ අනුව මෙම ගිවිසුමද මේ රටට සම්පතක් වන ගිවිසුමක් වන බව කී ඇමතිවරයා" අපේ රටට සම්පතක් ගෙනෙන්න ඩොලර් මිලියන හාරසිය ගණනක ණයක් නොවන ප්‍රධානයකුත් දීලා ගිවිසුම් ගහන්න ඇමරිකාවට තිබෙන අමාරුව මොකක්ද කියලා මංගල පැහැදිලි කරනවාද ? රටට සම්පතක් වෙනවානම් මොකටද කොරිඩෝවක් වෙන්කර ගන්නේ. මොකද ඔය කොරිඩෝවදිගේ ඇති ඉඩම් විතරක් මනින්නේ? මොකක්ද මේ කොරිඩෝව.
කීපාරක් සමුගත්තු කෙනෙක්ද මේ. දේශපාලන අනාථයෝ. රට සතපහකට වැඩක් නැති අය මේ.
මේ MCC ගිවිසුම ලංකාවට ලැබුනේ වෙන කිසිදෙයක් නිසා නොවෙයි... යහපාලනයෙන් රටේ උදාවුණු රටේ නීතිගරුක බව, නිදහස් මාධ්‍යක් ඇතිකිරීම, යහපත් ජන ජීවිතයක් රටේ ඇතිකරපු නිසයි. මේ ගිවිසුමෙන් අපිට කල නොහැකි විශාල ප්‍රතිලාබ රටේ දියුණුවට ලැබෙනවා. මේක රටේ බුද්දිමත් ජනතාව හොදින් දන්නවා.
එහෙම පැහැදිලිව කියන්න ඇමරිකන් කාරයො ගොන්නුද? පෘතුගීසින්, කොළඹ කොටුව හදන්න ඉඩමක් ඉල්ලද්දිත් බලකොටුවක් හදන බව කිව්වෙ නැත.
වැඩිය මහන්සි වෙන්න අවශ්‍ය නැහැ 17 ට පස්සේ දේශපාලනෙන් අතුගෑවිලාම යන්න පුළුවන්.
ඔය කියන දේ ඒ විදිහට ම වෙඅනවානම් මොකටද පරල වෙලා දඟලන්නේ. කොහොමටත් සමුගන්න කාලය ඇවිත්.
එක බිම් අගලක් ගැන නෙමෙයි මේකේ කතාකරන්නේ. අක්කර දොළොස් ලක්ෂයක් විතර දෙන්න. ඇමරිකාවට පිස්සුද අපිට ඩොලර් මිලියන 480 ක් නිකම්ම දීලා තවත් සල්ලි දෙන්න? ඇමරිකාවේ ඕනේ තරම් හිගන්නෝ ඉන්නවා. ගෙවල් නැති උදවිය ඉන්නවා. මේ සල්ලි වලින් ඒ උදවියට උදව් කරන්නේ නැතිව අපිට දෙන්න පිස්සුද? ඔය තරම් අපේ රටට හිතකර නම් මොනවටද ගිවිසුම ප්‍රසිද්ධ නොකර හංගගෙන අත්සන් කරන්නේ ?
යන විදිහට නම් ඔබතුමාලට කොහොමත් සමුගන්න වෙයි වගේ.
මෙහෙම කිව්ව අය ඒ පොරොන්දු ඉටු නොවුනම දේශපාලනෙන් සමුගත්තනම් මේ රට මීට වඩා ගොඩක් ලස්සන රටක් වෙන්න පුළුවන්.
ඒක ඇත්ත. මේ ගිවිසුමෙන් සියලු ඉඩම් ක්‍රමානුකුලව ලේකනගතවෙනවා. කෙනෙකුට තමන්ගේ ඉඩම විකිනීමට හෝ උකසට තැබීම ඉතාමත් පහසු කටයුත්තක් වෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ අන්න එතනයි. ගිවිසුමේ නැතත් වක්‍රාකාරයෙන් ඒ දෙයම සිදුවීමට අනුබලයක් ලැබෙනවා.
අනේ සමුගන්නකො.
පිහියෙන් ඇන ගන්නවා කිව්වා එක්කෙනෙක්. වහ බොනවා කිව්වා තව එක්කෙනෙක්... ඉල්ලා අස් වෙන්න ගොඩක් අය හිටියා. එකක් වත් වුනේ නැහැ.
ඇමරිකාව අපි ගැන එච්ච්චාර ආදරයි නම්, අනුකම්පා නම්, ඒ ඇමරිකාවට කියන්න කෝ ජිනීවාවල අපිට එරහිව බොරු චෝදනා එල්ල කරන්න එපයි කියලා. අපිට කරදර කරන්න නැතුව පාඩුවෙන් ඉන්න කියන්න කෝ.
දැන් මොනවා කිව්වත් වැඩක් නැහැ. බුද්ධාගමට නිගා කරලා, අපේ හමුදුරුවොන්ට නිගා කරලා දැන් ඔක්කොම අනාගෙන ඉවරයි.