(තිළිණි ද සිල්වා)

මෙරට මුහුදු සීමාවේදී මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළව ලැබුණු රුපියල් මිලයන720ක අතුරු වන්දි මුදල මේ වනවිට මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කර ඇති අතර හැකි ඉක්මනින් එම මුදල පීඩාවට පත් වූවන්ට ලබා දෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

එම වන්දි මුදල්වලින් වැඩි ප්‍රමාණයක් නෞකාවෙන් සිදුවූ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින්ට ලබා දීමට පියවර ගන්නා බව එම අමාත්‍යාංශය සදහන් කර සිටී.

ඊට අදාළ කටයුතු  ඒ සම්බන්ධයෙන් පත්කළ කමිටු මගින් සිදුවන බවද අධිකරණ අමාත්‍යාංශය කියා සිටී.

මේ අතර, නෞකාවේ බලපෑමෙන් සෘජුව පිඩාවට පත් ධීවරයින්ට පළමුව වන්දි ලබා දීමට පියවර ගන්නා බව, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය.

එම ධීවරයින්ට ගෙවන වන්දි මුදල කඩිනමින් තීරණය කර එය ලබා දෙන බවද ධීවර අමාත්‍යාවරයා වැඩිදුරටත් කීවේය.