IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


‘එක්ස්ප්‍රස් පර්ල්‘ වගකිව යුක්තන්ට එරෙහි පෙත්සම සලකා බැලීමට නියම කරයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට වෙරළේ දී මුහුදුබත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් , පරිසර විද්‍යාඥවරියක වන  ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය  සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ජෙරාන් ජෙගතිෂන් යන මහත්ම මහත්මීන් ගොනු කළ   මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන අගෝස්තු 03 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) දින නියම කළේය.

මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ  කැඳවනු ලැබූ අතර එහිදී පෙත්සම සලකා බැලීම මෙදිනට නියම කෙරිණි.පෙත්සම කැදවූ අවස්ථාවේදී  මෙම නඩුවේ නීතිපතිවරයා හැර සෙසු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර නොමැති බව අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට පෙන්වා දුන්නේය.

එහිදි ඊට පිළිතුරු දුන් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ  පසුගිය දිනවල පැවති සංචාරණ සීමා හේතුවෙන් වගඋත්තරකරුවන්ට නිසි පරිදි නොතිසි යැවීමට නොහැකි වූ බවය.

කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම අගෝස්තු 03 වැනිදාට දින නියම කළේය.

මෙම සිද්ධිය නිසා මෙරටට ලැබෙන වන්දි වලින් සියයට  70කට නොඅඩු මුදලක්  සමුද්‍රීය පරිසර හානිය වැළැක්වීම සදහා පරිසර සංරක්ෂණ අරමුදලක් පිහිටුවීමට බලධාරීන්ට නියෝග කරන ලෙසද මෙම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ එහි සභාපති දර්ශනි ලහදපුර,  ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.

ඉකුත් මෙරට වෙරළේදී ගිනිගැනීමෙන් පසුව මුහුදුබත් වූ ඒක්සප්‍රස් පර්ල් නෞකාවේ බහාලුම් 1486 ක් තිබී ඇත.ඒම බහාලුම් විවිධ වර්ගයේ රසායනියකයන් අඩංගු වී තිබිණි.ඒ අතර නයිට්‍රික් අසිඩ් , ලිහිසි තෙල් ආදියද තිබූ බවත් හෙළි වීණී.ඊට අමතරව ලැබී ඇති තොරතුරු අනුව මෙම යාත්‍රාව අවසාන මෙහෙයුමේදී  රැගෙන ගිය බහාලුම්  අඩකටම ලිතියම්-යකඩ බැටරි, ඊයම් ඉන්ගෝට්, තඹ, නයිට්‍රික් අම්ලය, ලිහිසි තෙල්, යූරියා, සෝඩියම් මෙතොක්සයිඩ්, ඇලුමිනියම් සැකසුම් අතුරු නිෂ්පාදන, සල්ෆර් ඇතුළු විවිධ රසායනික ද්‍රව්‍ය 42 ක් අඩංගු විය. සමහර නොදන්නා අකාබනික ද්‍රව්‍ය මෙන්ම බහාලුම් 439 ක් (බෑග් 46,960 ක්) එල්ඩීපීඊ සහ එච්ඩීපීඊ ප්ලාස්ටික් නූඩ්ල්ස් (ප්ලේට්ස්) සහ තවද, අවශ්‍ය ඉන්ධන සහ වෙනත් තෙල් වර්ග සාමාන්‍යයෙන් නෞකාවක ගෙන යන අතර තවත් මෙට්‍රික් ටොන් 300 බන්කර් තෙල් ද මෙම බහාලුම් වල තිබිණි.

මෙම සියලු විෂ රසායනික ද්‍රව්‍ය මේවන විට මෙරට මුහුදට එක්වී ඇත.මේ හේතුවෙන් සමුර්‍දීය පරිසර පද්ධතියත් , කොරල් පර පද්ධතියත් විනාශයට ලක් වෙමින් පවතී.ඊට අමතරව බිලියන 70 -75ත් අතර ප්‍රමාණයක් ප්ලාස්ටික අපද්‍රව්‍යයද මුහුදට එක්වී ඇත.මෙම සියලුම අපද්‍රව්‍ය සාගර ජීවීන් ගේ ජීවිත වලට විශාල තර්ජනයක් වී ඇත.

එබැවින් එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද , මෙම සිද්ධියෙන් සිදුවූ සමුද්‍රීය පරිසර හානිය වැළැක්වීම සදහා සංරක්ෂණ අරමුදලක් පිහිටුවීමට නියෝග කරන ලෙසද , එම අරමුදල සමුද්‍රීය පරිසර ආරක්ෂා කිරීම වෙනුවෙන් යොදවනට ලෙසට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසද , මෙම සිද්ධියට වගකිව යුත්තන්ට නඩු පැවරීමට නියෝග කරන ලෙසද , පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

 



අදහස් (0)

‘එක්ස්ප්‍රස් පර්ල්‘ වගකිව යුක්තන්ට එරෙහි පෙත්සම සලකා බැලීමට නියම කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1617 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1393 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 494 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site