(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ වරායට නුදුරු මුහුදේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ විනාශය සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 40 ක අතුරු වන්දියක් ඉල්ලා ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය.
වන්දි මුදල පූර්ණකාලීනව ගණනය සඳහා ඇමරිකාව ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව යන රටවලින් තාක්ෂණික සහය ලබා ගන්නා බවද ඔහු කීය.
එම ඇමතිවරයා මෙසේ පැවසුවේ පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
ඩොලර් මිලියන 400ක් කියන එක තමයි සත්‍ය...! ඕවට කියන්නේ ‘‘හොරාට ඉස්සෙල්ලා කෙසෙල් කැන වට පනිනවා කියලා නේද?