(අංජුල මහික වීරරත්න)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් පසු ආණ්ඩුව විමර්ශන කමිටු හතරක් පත් කළත් වරද කාගේ දැයි සෙවීමට කමිටුවක් පත් නොකිරීම බරපතල සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ මැද කොළඹ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
මින් ඉදිරියට මෙවැනි වරදක් නොවීම සඳහා වරද කාගේ දැයි හෙළිදරව් කිරීම වගකිවයුතු ආණ්ඩුවක මූලික කාර්යභාරයක් බව ද මුජුබර් රහුමාන් මහතා සඳහන් කළේය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ මුජිබුර් රහුමාන් මහතා සඳහන් කළේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් වූ පරිසර හානිය,ආර්ථික හානිය ආදිය සෙවීම සඳහා ආණ්ඩුව කමිටු හතරක් පත්කර තිබෙන නමුත් ආණ්ඩුව අත්‍යවශ්‍යම කමිටුව පත් කර නැති බවයි.
COMMENTS
අරාබියේ නැව්වලත් වැරැදි හොයනවද මේ කමිටුවෙන්... ?
පාස්කු ප්‍රහාරය වගේ මේකත් වැරදි උපදෙස් දුන්න ලොක්කො ගැන කතාවක් නැහැ.
ඔයාලා දාපු පාස්කු කොමිසම වගේ තමයි. මුකුත් වෙන්නේ නෑ...
කොහෙන් හිනාවෙන්නද මන්දා..? බැංකු මංකොල්ලය ... හම්බන්තොට වරාය විකුණපු වෙලාවේ කටක් හොල්ලපු නැති මිනිස්සු...
ඔයාලගේ කාලේ හරියට වැඩක් කළාද? දැන් ඒවා හොයනවා. අනුන්ගේ වැරැදි හොයන්න කලින් තමන් හරියට කළාද කියලා බලන්න. බොරු කයිවාරු එපා...
වරද නැවේ, නැව ගිනිගන්න දේවල් ගෙනල්ලා, ඒක ලීක් කරගෙන රටවල් කිහිපයක් පසුකරගෙන ඇවිත් ලංකාවේ සහාය ඉල්ලනවා. ලංකාව උත්සාහ කරනවා නැවේ ගින්න නිවන්න. ඒක නිවන්නම ඕනේ කියලා ලංකාවට වගකීමක් තියෙනවද? එහෙම තියෙනවා නම් ඔබ පාලන කාලයේ මෙවැනි අනතුරක් වෙයි කියලා හිතුවේ නැතිද? මොනවද ගත්තු ක්‍රියාමාර්ග? අනතුරු දායක නැවක් රට ඇතුලට ගෙනැල්ලා.., එ්කේ ගින්න නිවන්න උදව් කරන්න ගියපු අපි වැරදි කියන්න තරම් මේ අය කුහක දේශපාලකයන් වෙලා. මේ කෙමිකල් නැවේ ගෙනාපු අයට ගින්න නිවන්න හරි ආරක්ෂක පියවර ගන්න හරි උපකරණ තිබ්බේ නැත්තේ කියලා මේ අයට අහන්න හිතෙන්නේ නැහැ. ඒ රට විකුණලා හරි තමන්ගේ දේශපාලන මතය ගොඩගන්න හදන කාලකන්නි කම නිසා...
මේකත් පාස්කු ප්‍රහාරය වගේ වේවි..!!!
එකත් එකටම මේකත් විපක්ෂය සම්බන්දයක් තියෙයිද සොයාබලන්න ඔනි නේද?
"අංගොඩහේවා" කියලා අන්වර්තනාමයක් වැටිලා ඔන්න. කාටද මන්දා... වියතෙකු විසින් කැස්බෑවන් මියයන නිවැරදි ආකාරය සත්ත්ව විද්‍යාත්මකව පහදා දුන්නු කතාවකට සම්බන්ධයි කියලයි කියන්නේ.
තවම මහබැංකු පාස්කු කේස් කළේ කවුද කියලා හොයාගන්න බැරි වුණා. දැන් මේ නැව ගැන අහනවා. කොරෝනා හැදුණට පස්සේ අවුල් වගේ..