(නිමන්ති රණසිංහ)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට එම නෞකාවේ දේශීය සමාගමේ සේවකයන් හත් දෙනකු එක් අයෙකුට රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා අද (10) නියෝග කළේය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ සේවකයන් හත්දෙනකු අද (10) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ඇප මත මුදා හැරියේය.
මෙම දේශීය සමාගමේ සභාපතිවරයා වන අර්ජුන හෙට්ටිආරච්චි ., එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු මින් ඉහතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 16 වැනිදා ය.
එහිදී මහධිකරණය, ඔවුන් ඇප මත මුදා හළ අතර මේ වන විට මෙම සිද්ධියේ සැකකරුවන් ගන්න දොළොස් දෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දත්ත මැකිල හරියටම ඔය කාලෙට අදාල, ඔයාල ගොඩ බයවෙන්න එපා. මේක සිරිලංකාව.