ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ තවත් අලුත් ප්‍රභේදයක් සොයාගැනීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ සමත්ව සිටිති.
බී.1.525 යනුවෙන් නම් කර තිබෙන මෙම නව විකෘති ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදයට බෙහෙවින් සමාන යැයි ද පැවසේ.
මෙම නව ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් වාර්තා වීමත් සමඟ නිවසෙන් නිවසට ගොස් වයිරස ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ පැවැත්වීමට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
එක්සත් රාජධානියේ එඩින්බර්ග් විශ්විවද්‍යාලයේ විද්‍යාඥයන් ඇතුළු පර්යේෂකයන් පිරිසක් මෙම නව ප්‍රභේදය සොයාගැනීමට සමත්ව තිබේ. ඒ අනුව නව ප්‍රභේදය ආසාදනය වූ 36 දෙනකු එංගලන්තයෙන් ද තවත් දෙදෙනකු වේල්සයෙන් ද සොයාගෙන තිබේ.
ඉකුත් දෙසැම්බර් මාසයේ සාම්පල වගයක් පරීක්ෂා කිරීමේදී මෙම නව ප්‍රභේදය හඳුනාගෙන තිබේ.
ඩෙන්මාර්කය, නයිජීරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් කිහිපයකින් ද මෙම නව ප්‍රභේදය වාර්තා වී ඇතැයි මෙම පර්යේෂණයට සම්බන්ධ වී විද්‍යාඥයෝ පවසති.
මේ වයිරස ප්‍රභේදය එක්සත් රාජධානිය විමසිලිමත් විය යුතු ලැයිස්තුවට ඇතුළත් කළ යුතු ද නැද්ද සහ වයිරස ආසාදිතයන් මහ පරිමාණයෙන් හඳුනාගන්නා මහ පරිමාණ පරීක්ෂණ කළ යුතු ද නැද්ද යන වග තවමත් තීරණය කර නැතැයි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රවී ගුප්තා පැවැසීය. මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ කළ යුතු යැයි ද හෙතෙම කීය.
මහාචාර්ය රවී ගුප්තා යනු නව සහ තර්ජනාත්මක වයිරස සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයට උපදෙස් ලබාදෙන විද්‍යාඥයන්ගෙන් කෙනෙකි.
බී.1.525 යනුවෙන් හඳුන්වා දී තිබෙන මෙම ප්‍රභේදය සැලකිය යුතු බලපෑමක් කරනු ඇතැයි ද එහි සැලකිය යුතු විකෘතියක් ඇතැයි ද හෙතෙම කීය.
“එංගලන්ත මහජන සෞඛ්‍ය සේවය මේ පිළිබඳව ඉතා විමසිල්ලෙන් පසුවෙනවා. අපට දැනට ලැබෙමින් තිබෙන දත්ත සියල්ල නිරීක්ෂණය කරනවා. අවශ්‍ය වුවහොත් ආසාදිතයන් හඳුනාගන්න පරීක්ෂණ වැඩි කරනවා. ඒ වගේම ආශ්‍රිතයන් හඳුනාගැනීමේ ක්‍රමවේද ද වැඩි කරනවා” යැයි එම එංගලන්ත මහජන සෞඛ්‍ය සේවයේ මහාචාර්ය ඉවාන් ඩොයිලි ප්‍රකාශ කළාය.
“මේ නව ප්‍රභේදය සම්ප්‍රේෂණය හැකියාව වැඩි ද මෙය ආසාදනය වීමෙන් අසනීප තත්ත්ව උත්සන්න වෙනවාද කියන්න තවමත් දත්ත නැහැ” යැයි ද ඇය කීවාය.
රොයිටර්/ඒ.එෆ්.පී.
055
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක්සත් රාජධානියෙන් නව කොරෝනා වයිරසයේ තවත් අලුත් ප්‍රභේදයක්