(ඩයනා උදයංගනී)
එකිනෙකාට ඇගිල්ල දිගු නොකර අන්තවාදී ත‍්‍රස්තවාදය පරාජය කිරීම සදහා එක්ව කටයුතු කරන්නැයි ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ඇතුළු සියළුම දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එම ත‍්‍රස්ත ක‍්‍රියාවලින් දේශපාලන වාසි නොගෙන රටක්, ජනතාවක් ලෙස එක්ව එය පරාජය කළ යුතු බව කී ඇමතිවරයා, බුද්ධි අංශ විසින් අනතුරු ඇගවීමක් කර තිබියදීත් රට තුළ ත‍්‍රස්ත ක‍්‍රියාවක් සිදුවීම වළක්වා ගත නොහැකිවීම සම්බන්ධයෙන් සියලූ දෙනා ලජ්ජාවට පත්විය යුතු බවද සඳහන් කළේය.
සිදුවූයේ මිලේච්ඡ ත‍්‍රස්තවාදී උන්මත්තක ආගමික ක‍්‍රියාදාමයක් බව කී ඇමතිවරයා එය තරයේ හෙළා දකින බව ද ප‍්‍රකාශ කළේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුම ප‍්‍රධාන කාර්යාලයේදී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම ත‍්‍රස්ත ක‍්‍රියාදාමයේ පළමු සිදුවීම වූයේ 2018 නත්තලට පසු දිනයේ මාවනැල්ල ප‍්‍රදේශයේ බුදුපිළිම කිහිපයක් හා දේවස්ථානවලට හානි කිරීම් බවත්, ඉන්පසු පුත්තලම, වනාතවිල්ලූව, අරුවක්කාලූ ප‍්‍රදේශයෙන් ඔවුන්ගේ පුහුණු ක`දවුරක් සොයාගෙන අවි ආයුධ විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් කී ඇමතිවරයා පාස්කු ඉරිදා ප‍්‍රහාරය පසුපස සිටින්නේත් එම පිරිසම බව ආරක්‍ෂක අංශ විසින් පෙන්වා දී ඇතැයි කීවේය.
ආරක්‍ෂක අංශවලට දැන්වත් නිසියාකාරයෙන් නායකත්වය දී, මේ ආගමික පිළිලය සම්පූර්ණයෙන්ම මේ සමාජයෙන් තුරන් කළ යුතු බව ද ඇමතිවරයා කියා සිටියේය.
COMMENTS
බොර දියේ මාලු බාන්න අැවිත් මෙන්න වීරයා.., ඔයාටත් අත පිහදාගන්න බැහැ මහත්මයා ඔයත් හිටගෙන වගකියන්නම ඕනෑ... මේ විනාශයට... අැයි දැන්වත් කියන්නේ අවුරුදු 4ක්ම අාරක්ෂාව සම්බන්ධයෙන් පිස්සුද නැටුවේ..?
අනේ චම්පෝ ඔයාලට හම්බවෙන ඩියුටි ෆ්‍රී වාහනෙත් අපි එකට යමු කියලා කිව්වේ කවදද දන්නේ නැහැ...
ආරක්ෂක අංශයට නිසි නායකත්වයක් ලැබුණේ නැහැ කියලා පිළිගන්නවා එහෙනම්..
අම්මපා මේ ගොයියා කොහෙද හිටියේ..? දණ්ඩ ගොඩ බැස්සේ? කොහේද අන්තරස්දාන වෙලා හිටියේ හැබෑවටම.. අපට නම් පේන්නේ ගොයියා හීනෙන් බයවෙලා නැගිටලා වගේ...
මෙයා කියන දේවල් කවුද පිළිගන්නේ..? අනික මෙයා කවුද ඔය වගේ ප්‍රකාශ කරන්න... දැන්වත් ත්‍රිවිධ හමුදාවට, පොලිසියට බලය දෙන්න දීලා ඔයාලා කට පියාගෙන ඉන්න මහත්තයෝ...
බුද්ධි අංශ අඩපන කිරීමේ විපාක ජනතවට විඳීමට සිදු වීම ගැන අපි බලවත් සේ කණගාටු වෙමු.
කණගාටුයි කියන්න නමුත් මෙම අවස්ථාවේදී සියලුම ඇගිලි අකාර්යක්ෂම හා අදක්ෂ වර්ථමාන පාලනයට පමණක් යොමු වී ඇත. වගකීම බාර ගන්න.
රනිල් පාක්ෂිකයෝ මොකටද මහින්දගේ පැත්තට ඇඟිල්ල දික්කොරන්නේ? මහින්දයි ඇඟිල්ල දික්කරලා කියන්න ඕනේ මම කීවානේ රටේ ආරක්ෂාව පිරිහිලා කියලා.
මෙයා කියන දේවල් කවුද පිළිගන්නේ? අනික මෙයා කවුද ඔය වගේ ප්‍රකාශ කරන්න. දැන්වත් ත්‍රිවිධ හමුදාවට, පොලිසියට බලය දෙන්න දීලා ඔයාල කට පියාගෙන ඉන්න.
රටේ ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නෑ.. ඒවා බලාගන්න ඉන්නවයි කියපු හාදයාද?
වරෙල්ලකෝ ලබන සැරේ ඡන්දෙ ඉල්ලන්න අපි ළඟට..
ඒකතමයි අපිත් කියන්නේ... දැන් තියෙන්නේ එදා හිටපු හමුදාවමයි.., ඒ කොටි ත්‍රස්තයන් පරාදකරපු වීරෝදාර හමුදාවමයි, ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලන අධිකාරියේ. රටේ තියෙන්නේ කිසිදෙයක් කරන්න බැරි ආණ්ඩුවක්. නායකත්වයක් දෙන්න බැරි ආණ්ඩුවක්. එහෙම එකක් කරන්න මෙලෙස රට දුර්වල කරන්න ඔබතුමාත් මැදිහත් වුණා. එක පිළිගන්න, කණගාටුව ප්‍රකාශ කරන්න, වැරැද්ද නිවැරදි කරන්න, ඇමති කමෙන් ඉල්ලා අස්වෙන්න. රටට නියම නායකත්වයක් ගේන්න කැපවෙන්න. ජාතික ආරක්ෂාව එකඑක දේශපාලකයාට ඕනේ විදියට හෝ ඒ ඒ පක්ෂවලට ඕනේ විදියට වෙනස් නොවන වැඩපිළිවෙලක්, නීති රාමුවක් හදන්න. මොකද අපිට කිසිම දේශපාලකයෙක් විශ්වාස නැති නිසා....
මේ ඔක්කොම එකයි..
ශ්‍රී ලංකා බුද්ධි අංශ ලොක්කා නාමල් කුමාරව දැක්කේ නැහැ.
එකා වගේ එකට බේරුණා. කලින් දැනගෙන අපිට කෙලවුණා.
හා හොඳයි.. ඔබ කියනකම් බලන් හිටියේ... අපට මොලයක් නැති නිසා....
ඔලුවිල් විශ්ව විද්‍යාලයේ තියෙන රජයේ නීති වලට පරි බාහිර ඉස්ලාමිය නීති, සිකුරාදා නිවාඩුව, සිකුරාදට හෙල්මට් නැතිව බයිසිකල් පැදීමේ අවස්ථා ඉවත් කරන්න, රටේ එකම නීතියක් ක්‍රියාත්මක කරන්න. අන්තවාදීන්ට රිසි සේ හැසිරෙන්න නොදෙන්න
දික්කරන්න ඕනි ඇඟිල්ල නෙමෙයි කකුලයි...
කතාව ඇත්ත මේ වෙලාවෙත් සමහරු බලයට එන්න මේ මියගිය, ගිලන්වූ, අහිංසක ජනතාව අලෙවිකරන්න පටන් අරන්.. මේ අපේ රටේ කාලකන්නි දේශපාලන තරම... ආරක්ෂාව පිළිබඳව ගැටළුවක් තියනවා.. ආරක්ෂක ඇමති ඍජුවම වගකියන්න ඕනෑ.. එ්ක වෙනම කතාවක්... සියලු ඇඟිලි නමාගෙන එකමුතුව මේ ඇතිවුණු ව්‍යවසනයට විසඳුම් සොයන්න... ඉදිරියේදී මෙවැන්නක් නොවෙන්න කටයුතු කරන්න.. කයිවාරු එපා කොයි දේශපාලකයන් දෙසත් ජනතාව අවධියෙන් ...