(ඞී.කේ.රත්න , කපිල චන්දන කුරුප්පුආරච්චි සහ විජේරත්න රත්නායක)
සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර හා ණය දෙන සමිතියේ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා රජයේ දේපළ අවභාවිත කිරීමේ යෙදී ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ බදුල්ල දිස්ත‍්‍රික් සංවිධානය අද (04) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
මෙම මැතිවරණය මේ මස 08 වන දින පැවත්වීමට නියමිත අතර එම මැතිවරණයේදී ගුරුවරුන්ගේ ඡන්දය ලබා ගැනීම සඳහා මේ වනවිටත් රජයේ වාහන භාවිතා කරමින් ප‍්‍රචාරක කටයුතු සිදු කරන බවත් ඊට අමතරව පළාතේ ගුරුවරුන් සඳහා කෑම බීම ලබාදෙමින් සතුටු කිරීමට කටයුතු කරන බවත් ලංකා ගුරු සේවා සංගමයේ බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රියන්ත වර්ෂමාන මහතා පැවසීය.
මෙම මැතිවරණය මේ තාක් කිසිදු දේශපාලන පක්ෂයකට යට නොවී ස්වාධීනව පැවති අතර ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙවර මෙම මැතිවරණය දේශපාලනීකරණය කිරීමට කටයුතු කරන අතර ඊට එරෙහිව තම සංගමය කටයුතු කිරීමට සැලසුම් කරන බවද ලංකා ගුරු සේවා සංගමයේ බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රියන්ත වර්ෂමාන මහතා පැවසීය.
COMMENTS
අම්මපා... පුදුම හතෙන් එකක් හොයාගෙන වගෙයි.. මේ උන්නැහේ දියවන්නා ඔය පැත්තේ ගිහින් බලන්නකෝ මීහරක් 225ම එහෙම තමා. ඉතින් ඔය පොඩි වසුපැටියෙක්, අම්බරුවෙක් ඕවා කරාම මොකද වෙන්නේ..? ඔහෙලා කරුණාකරලා තමන්ගේ වැඩක් බලාගන්නකෝ.. මේ හරකුන්ට, වසුපැටියන්ට අම්බරුවන්ට යනකොට පෙට්ටිය ලඟින් තියාගෙන යන "අපායට " අරගෙන යන්න. පව් නේද "ඒ තිරිසනුන් "ටිකත් ජීවත් වෙන්න ඕනේ නේද...?
අපේ රටේ උගතුන් නියෝජනය කරන ගුරුවරුන් බුද්ධිමත්ව ඡන්දේ දෙයිද කියලා 8 වෙනිදට බලා ගන්න පුළුවන්.
රවින්ද්‍ර මහත්තයෝ පොඩි අය තමයි හදන්න ඕනම අය. ලපටි ගස් නාවන්න පුළුවන් උනාට මෝරපුවා නාවන්න බෑ මහත්තයෝ...
ජනතා ධනය විනාශකරන පළාත්සභා සුදු අලි අහෝසිකළ යුතුය , එතකොට මේ පිස්සු නටන මහමැතිලා ,.ආණ්ඩු කාරයෝ ඔක්කොම නැති නිසා රටට විශාල සහනයක් දැනෙනු ඇත .