IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඌව පළාත් සභාවේ අනුමැතියකින් තොරව දෙමළ ළමුන්ට කුරාණය උගන්වන මධ්‍යස්ථාන හතරක්

(විජේරත්න රත්නායක )

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව බදුල්ල දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ පාසල් හතරක වතු ද්‍රවිඩ තරුණ තරුණියන් 500 දෙනෙකුට අරාබි භාෂාව හා අල් කුරාණය, ඉරාන දේශපාලනය වැනි විෂයයන් උගන්වන පාඨමාලා පවත්වාගෙන යන බව අනාවරණය වී ඇතැයි ඌව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා පැවැසීය.

හපුතලේ දෙමළ මහ විදුහල, බණ්ඩාරවෙල දෙමළ මහ විදුහල, පස්සර දෙමළ මහ විදුහල සහ බදුල්ල සරස්වතී දෙමළ මහ විදුහල යන විදුහල්වල මෙම පාඨමාලා නීති විරෝධී ලෙස මේ වන විටත් මාස අටක පමණ කාලයක් පවත්වාගෙන ගොස් ඇති බව ඒ මහතා කීය.

මෙම වැඩසටහන අවුරුදු දහයකට සැළසුම් කර ඇතැයිද මේ වන විටත් ඊට සහයෝගය ලබාදෙන විදුහල්පතිවරුන් හා ගුරුවරුන් දස දෙනෙකුට ඉරානයේ චාරිකාවක් පවා ලබාදී තිබීමෙන් මේ පිළිබඳව දැඩි සැකයක් පවතින බවද පළාත් අමාත්‍යවරයා පැවසීය.

මෙම පාඨමාලා සඳහා අදාළ ප්‍රදේශවල සාමාන්‍ය පෙළ හා උසස් පෙළින් පසු පාසල් හැරගිය තරුණ තරුණියන් 650 දෙනෙකු බඳවාගෙන ඇති අතර ඉන් 130 දෙනෙකු මුලදීම ඉන් ඉවත්ව ඇත.

ඉතිරි 520 දෙනා අතරින් 20 දෙනෙකු පමණක් මුස්ලිම් ළමුන් වන අතර ඉතිරි 500 දෙනාගෙන් සුළු පිරිසක් කතෝලික හා බහුතරයක් හින්දු ආගමිකයින් වන වතු ද්‍රවිඩ තරුණ තරුණියන් බව හෙළිවී තිබේ.

ඉරානයේ අල් මුස්තාපා විශ්ව විද්‍යාලය නම් ආයතනයක මෙහෙයවීමෙන් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.අරවින්ද කුමාර් මහතාගේ මැදිහත් වීමෙන් අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ද සම්බන්ධ කරගෙන මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.‍

මෙය අයි එස් අයි එස් වැනි ත්‍රස්තවාදී සංවිධානයක ඉදිරි ඉලක්කයක් මත ක්‍රියාත්මක කරන වැඩසටහනක් බවට සැකකෙරෙන බවත් එබැවින් මේ සම්බන්ධයෙන් රහස් පොලීසියට පැමිණිළි කර ඇති බවත් අදාළ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී මෙවන් කටයුතු ඌවේ වතු හා වතු ද්‍රවිඩ ජනතාව ආශ්‍රිතව සිදුවීමට ඉඩ නොතබන බවත් ඌව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (7)

ඌව පළාත් සභාවේ අනුමැතියකින් තොරව දෙමළ ළමුන්ට කුරාණය උගන්වන මධ්‍යස්ථාන හතරක්

ranjan Friday, 03 May 2019 02:28 PM

මේවා සැලසුම්ගත මුස්ලිම් දේශයක් කරා දිවෙන දිගුකාලීන ව්‍යාපෘති...

:       111       904

Hafeel Friday, 03 May 2019 03:00 PM

ඉරානය සම්බන්ධනං, ඔතන අල් කුරානයත් හෝ අරාබි භාෂාවත් හෝ නොවෙන්න පුළුවන්...

:       219       889

JayaSaturday, 04 May 2019 02:42 AM

එතකොට ඉරානය අරාබි භාෂාව කතා කරන්නෙත් නෑ. කුරානය පිළිගන්නෙත් නෑ. නියමයිනේ

:       63       4

DumaaSaturday, 04 May 2019 04:36 AM

ඉරානය කියන්නෙත් මුස්ලිම් රටක්. අල් කුරානය තමයි එයාලත් පිළිපදින්නේ

:       148       6

rocky Saturday, 04 May 2019 02:19 AM

අධ්‍යාපන අමාත්‍යංශයේ දැනුමකින් තොරව එහෙම කරන්නේ කොහොමද? මේ ගැන වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. විද්‍යාලපතිවරයාගේ වැඩ තහනම් කල යුතුයි.

:       0       20

de silva Saturday, 04 May 2019 03:43 AM

ඕව උගන්වන්න ඕනේ නැහැ. පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සිරියාව වැනි මුස්‌ලිම ආගමික රටවල් වල ,අවුල් වියවුල් සහ ජන ජිවිතවලට විශාල තර්ජන ඇතිවෙලා. මිනිස්සු ජිවත් වෙන්නේ ඉතා අපහසුවෙන්, ලෝකයේ දැන්වත් මුස්ලිම් රටවල් වන සවුදි අරාබිය , කුවේට් වැනි රටවල් වලත් ක්‍රියාත්මක වෙන්නේ මෙලෙච්ච නීති ,

:       1       30

de silva Sunday, 05 May 2019 01:24 PM

දෙමල ළමුන්ට කුරානය උගන්වන්න කිසිම අවශ්‍යතාවයක් නොමැත ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 878 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site