IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ඌරු මස් මදිවී උරණව පහර දීම ඔප්පු වෙයි

බිමල් ශ්‍යාමන් ජයසිංහ

උයන ලද ඌරු මස් ව්‍යාංජනය ප්‍රමාණවත් නොමැති යැයි උරණව නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවස්නය තුළ දී එය බාරව සිටි පොලිස් පරීක්ෂකවරයාට ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයකු පහරදුන් බව මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාගේ නියමයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් නුවරඑළිය බලා පිටත්ව ගොස් සිදුකළ විමර්ශන වලදී ඒ බව හෙළි වී ඇත.

වලදී පහර කෑමට ලක්වූ පොලිස් පරීක්ෂක දයානන්ද අලහප්පෙරුම මහතාගෙන් මෙන්ම, අරක්කැමියාගේ එහි වේටර්වරයාගෙන් මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිවස්නය බාර සහකාර පොලිස් අධිකාරවරයාගෙන් ද ප්‍රකාශ ලබා ගත් බව විශේෂ විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතා පැවසීය.



අදහස් (29)

ඌරු මස් මදිවී උරණව පහර දීම ඔප්පු වෙයි

chathuri Friday, 08 March 2019 03:32 PM

රටේ හැම උසස් නිල දරන හැම කෙනාම තම තමන්ගේ වටිනාකම දන්නේ නැහැ. මොකද මේ බඩගෝස්තරය නිසා. හැමතැනම අපරදයක් සිදුවුනොත් වෙන්නේ මේ ගිජු උදරය නිසා. කවදාවත් අහලලා නැහැ පලා මිටියකට රණ්ඩු වෙනවා මහා තැන ඉඳලා පොඩි තැනට යනකම් සේරම එකයි. මෙවැනි අය කොහොමද ජනතාවට හරිමග පෙන්වන්නේ. ජනතාවට මේ අයට කියලා සාධාරණයක් ඉටුකර ගන්න මස් රාත්තලක්, අරක්කු බෝතලයක් දෙන්නම ඕන. හොඳ මිනිස්සුත් ඉන්නවා. ඒ කට්ටියව පාලුවට ගිය ප්‍රදේශ වලට මාරු කරනවා. රටේ ජනතාවට කවදාවත් සතුටින් ජිවත් වෙන්න බැහැ. මේ අය පැරදුනත් එකයි. දිනුවත් එකයි.

:       0       815

RaveendraFriday, 08 March 2019 05:09 PM

චතුරි මහත්මිය/මෙනෙවි ඔබගේ අර්ථවත් මෙන්ම සත්‍ය අදහස් අප ඉහලින්ම අගය කරන්නෙමු.

:       0       379

පෙරුමාල්Sunday, 10 March 2019 04:20 AM

විත්තිකරු නිදොස් කොට නිදහස් කරමි. නඩුව අහල බලල ඉවර වෙලයි මං මේ කියන්නෙ.

:       0       5

Buddika Friday, 08 March 2019 03:36 PM

ලැජ්ජ නැද්ද ඒ මිනිහට? මම හිතන්නේ මිට කලින් කාලා පුරුද්දක් නැ

:       0       386

Raveendra Friday, 08 March 2019 03:37 PM

මාංශ භංශකයෙක් වූ මෙමා හට... ඌරු මාංශ මදි බව පෙනුණු නිසාවට... පැන්නා නේද මල් පොකුරම නහුතෙටම.. නෙළුවා නේද අඩි හත අටක් අනිකාට...

:       144       882

ravi Friday, 08 March 2019 03:38 PM

මේ .. උෟරු මස්ද? හොර උෟරු මස්ද?

:       0       290

prabha Friday, 08 March 2019 03:53 PM

උෟරු මස් ග්‍රෑම් 500 තම සහෝදර නිලධාරියෙකුට පහරදෙන්න තරම් පහත් මිනිහෙක්...

:       4       521

Dammi Friday, 08 March 2019 04:12 PM

පෙරේතකම

:       5       212

de silva Friday, 08 March 2019 04:26 PM

මොහුව ගෙදර යවමු

:       2       229

Amila Friday, 08 March 2019 04:30 PM

ජීවිතේ පලමු සැරේට ඌරු මස් කාපු කෙනෙක්.

:       10       221

nana Friday, 08 March 2019 04:53 PM

පහරකෑ නිලධාරියා අත වරදක් තිබෙන්නටම බැරිද?

:       679       109

තුශා Friday, 08 March 2019 05:04 PM

කවුද දන්නේ , මෙයාගේ බිරිඳ සහ දරුවන් ඔක්කොටම වගකියලද කියලා. මේවා අහන කොටත් ලැජ්ජයි..මෙයාගේ ගෙදර වැඩට කවුරුහරි ඉන්නවානම් එයාට දෙවියන්ගේම පිහිටයි.!

:       0       426

gunda Friday, 08 March 2019 05:50 PM

සමහරුන්ගේ ජන්ම ගති, උණ පුරුකේ දමාවත් හොඳ අතට හැරවිය නොහැකිය.

:       0       141

anura Friday, 08 March 2019 08:17 PM

මේවගේ ප්‍රේතයන් අප සමාජයේ බහුලය

:       0       139

vidya Friday, 08 March 2019 09:04 PM

උරා කියන්නේ බුද්ධිමත් සත්වයෙක්. ඌ මරාගෙන කන කෙනා තිරිසනෙක් , තිරිසනුන්ගෙන් මීට වැඩිය දෙයක් බලපොරෝත්තු වෙන්න පුලුවන්ද ?

:       4       137

පිටිගල මිලානෝ Friday, 08 March 2019 11:01 PM

පොලිස් රාළහාමිලා මසට තියෙන්නේ පුදුම කෑදරකමක්.

:       0       130

sarath Saturday, 09 March 2019 04:45 AM

පොලිස් කොත්තු, පොලිස් ප්ලේන් ටී අස්සේ පොලිස් උෟරෙක් !

:       0       84

Sampath Saturday, 09 March 2019 05:33 AM

ඌරු ජුවල් ගියා වෙන්න ඇති. අනෙක උෟරුමස්වලට ජලභීතිකාව ඇවිස්සෙනවා.

:       0       47

sena Saturday, 09 March 2019 06:31 AM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා කතාවක් තියනවනේ...

:       0       5

ranjith Saturday, 09 March 2019 07:19 AM

මේ වගේ මස් පෙරේතයෝ...

:       0       31

wimal Saturday, 09 March 2019 07:40 AM

ඕක සිම්පල් කේස් එකක්....මිනිස්සු අරන් ගිහින් මරලා පුච්චන රට.. ඕක මහින්ද ලොක්කගේ කුමන්ත්‍රණයක්...

:       14       28

chamath Saturday, 09 March 2019 08:28 AM

මේ ගහපු නිලධාරියාත් තනි උෟරෙක්ම තමයි.

:       0       76

Nuwan Saturday, 09 March 2019 09:07 AM

මස් නිසා අර ව්‍යාපාරිකයන් දෙන්නෙකුත් පරලොව යැව්වේ ළඟදී...

:       0       31

Asanka Saturday, 09 March 2019 10:45 AM

මේවගේ අවස්ථා වලදී උසස් නිලධාරිකම් අමතක කරලා අායේ දත්වලින් බත්කන්න බැරිවෙන්න සලකන්න ඕනෑ. මේ වගේ අධමයෝ හැදෙන්නේ එතකොටයි. රටේ හැම ආයතනයකම මේ වගේ සක්කිලි වැඩ කරන උසස් නිලධාරීන්ට පහළ නිලධාරී ඒ වෙලේම දතකට හැලෙන්න සලකනවා නම් මාස 3ක් ඇතුළත හැමෝම හැදෙයි. මේවාට උසාවි ගියා කියලා මුකුත් වෙන්නේ නැති කාලයක් මේ...

:       0       192

විජිත් Saturday, 09 March 2019 04:17 PM

අසංක මල්ලි, ශ්‍රී ලාංකික සමාජයේ මේ පවතින තත්වය දිගටම පැවතුනොත් ඉතාම මෑතකදී ඔබ කිව තත්වය උදාවේවි. ඒවගේමයි මහා ජනයා නීතිය අතට ගත්තම පොලිස් නිලධාරීන්ව සම්බෝල කරන්න පුළුවනි.

:       0       20

de silva Saturday, 09 March 2019 11:02 AM

යුනිෆෝර්ම් ඇන්ද උෟරන්ට උෟරු මස් කමින් සැපගන්න අපේ බදුමුදලින් සර්කිට් බැන්ගලෝ අපි නඩත්තු කරමු.

:       0       635

kanchana Saturday, 09 March 2019 03:35 PM

නුවරඑලිය පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය තමයි ඉතාම අසාධාරණ ලෙස බොරු නඩු වලින් අහිංසක මිනිසුන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉඩම් බලපත්‍ මත ලබාදෙන ඉඩම් සැලසුම් සහගත ලෙස කොළඹ සිටින පුද්ගලයන් වෙනුවෙන් මුදලට මංකොල්ල කන්නේ බොරු අපරාද නඩු දාලා.

:       0       14

kanthi Saturday, 09 March 2019 04:19 PM

මෙයා මස් අරන් තියෙන්නේ මස් කඩේ මුදලාලිව බය කරලා කියලයි ආරංචිය.

:       1       17

desilva Saturday, 09 March 2019 06:17 PM

හොඳ වෙලාවට මේකේ සේවයට යොදවලා සිටියේ පොලිසියේම මනුෂ්‍යයෙක්, වැරදිලාවත් සිවිල් මනුශ්‍යයෙක් මේකේ වැඩ කලානම්, ඔහුට මස් නොදුන්න රත්ගම ව්‍යාපාරිකයන්ට අත්වුණ ඉරණම අත්වෙන්න තිබුනා

:       0       47

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 277 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 408 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site