
(එම් .සුසිල් ප්‍රියන්ත)
විදුහල්පති මාරුවට පක්ෂව හා විපක්ෂව දෙපිරිසක් අද (9) පෙරවරුවේ උද්ඝෝෂණ පැවැත්වීමත් සමගම ඌරගස්මංහන්දිය ඇළකාක මහා විද්‍යාලය ඉදිරිපිට මහ මාර්ගයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට ඌරගස්මංහන්දිය පොලීසියේ නිලධාරීන්ද කැඳවා තිබෙනු දක්නට ලැබිණ.
විදුහල ඉදිරිපිට මේ දෙපිරිස කරන උද්ඝෝෂණය දැකබලා ගැනීම සඳහා එම විදුහලේ ගුරු, සිසුන් පංති කාමරවලින් පිටතට පැමිණ සිටිනු දන්නට ලැබුණු අතර ඔවුන්ට සිය පන්ති කාමරවලට යන ලෙස කිහිපවිටක්ම ශබ්ද විකාශන යන්ත්‍රය මගින් දැනුම් දෙනු අයුරු ද අසන්නට ලැබිණ.
හිටපු විදුහල්පති තුෂාර කරුණාරත්න මහතාගේ ස්ථාන මාරුකිරීමට මෙන්ම නව විදුහල්පතිනි ලෙස චන්ද්‍රිකා වික්‍රමාරච්චි මහත්මිය පත් කිරීමට විරෝධය පාමින් පිරිසක් උද්ඝෝෂනය කළ අතර, හිටපු විදුහල්පති තුෂාර කරුණාරත්න මහතා ස්ථාන මාරු කිරීමට පක්ෂව හා නව විදුහල්පතිනිය ලෙස චන්ද්‍රිකා වික්‍රමාරච්චි මහත්මිය පත්කිරීමට පක්ෂව තවත් පිරිසක් මෙසේ ඇළකාක මහා විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ උද්ඝෝෂණයේ යෙදී සිටියහ.
මේ දෙපිරිස ම විරෝධතා පුවරු ඔසවාගෙන උද්ඝෝෂණයේ යෙදි සිටි අතර අවස්ථා කිහිපයකදී ම ඔවුන් අතර ඇතිවෙන්නට ගිය උණුසුම් තත්ත්වය පොලීසිය මැදිහත්වෙමින් සමථයකට පත් කෙරිණ.
මේ සම්බන්ධයෙන් ඇල්පිටිය අධ්‍යාපන කලාප කාර්‍යාලයෙන් කළ විමසීමකදි එහි ප්‍රකාශකයකු කීවේ මේ ස්ථාන මාරුවීම් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ එකක් බැවින් එයට තමන්ට මැදිහත්වීමට නොහැකි බවය.

2025 දෙසැම්බර් මස 18
374
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌරගස්මංහන්දිය උණුසුම් වෙයි