(අංජුල මහීක වීරරත්න)
ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ සිසු සිසුවියන් සඳහා ටැබ් පරිගණකය ලබාදෙන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ත‍්‍රිකුණාමලයේදී අද (27) පැවසීය.
එම යෝධ පියවර ගන්නා ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බව කී අග‍්‍රාමාත්‍යවරයා අධ්‍යාපනය නවීකරණය නොකිරීම රටට කරන අසාධාරණයක් බව ද සඳහන් කළේය.
‘සුහුරු පන්ති කාමර’, ‘සුහුරු පාසල්’ සහ ‘ටැබ් පරිගණක යන්ත‍්‍ර පහසුකම් සපුරාලමින් අනාගත තාක්‍ෂණ ලෝකයට ගැළපෙන පරපුරක් බිහිකිරීමට රජය කැපවී සිටින බව ද අග‍්‍රාමාත්‍යවරයා කීවේය.
දැනට පරිගණක ක්ෂේත‍්‍රයේ රැකියා 90,000ක පුරප්පාඩු තිබෙන බව කී අග‍්‍රාමාත්‍යවරයා ඒ පුරප්පාඩු සියල්ල ශ්‍රී ලාංකිකයන්ගෙන් පිරවීම සඳහා අවශ්‍ය අධ්‍යාපන පසුබිම සකස් කරන බව ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.
උතුරු නැගෙනහිර පළාත් ස්වේච්ඡා ගුරුවරුන් සඳහා පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් මේ බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා ඉදිරියේදී ලබාදීමට නියමිත ටැබ් පරිගණක යන්ත‍්‍රයද එහිදී ජනතාව වෙත ඉදිරිපත් කළේය.
ත‍්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.
(ඡායාරූප - ගයාන් අමරසේකර)


COMMENTS
ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම නායකයා ඔබයි.
පාසල් දරුවන්ට මෙතෙක් කල් ඉගෙනීමට තිබු සියලු මහා දෝෂ මෙයින් අවසන්.
දැන් ඔය ටැබ් එක හරහා පෙළපොත් දෙන්නේ කවද ඉඳලද?
මහ බැන්කුව වක්‍රව සුද්දා කරන්න පටන් ගත් වගයි !
නව තාක්ෂනය සමග අපද ඉදිරියට යායුතුය. එහි කිසිදු වරදක් නොමැත. අපගේ දැනට තිබෙන අධ්‍යාපන ක්‍රමය ලෝකයේ අනිකුත් රටවල් සමග සංසන්දනය කිරීමේදී අප ඉදිරියෙන් සිටීද පසුපසින් සිටීද අපටම තීරණය කරගත හැක. කෙසේ වෙතත් අප විස්වාස කරනවා සියලුම පාසල්වල තිබෙන පහසුකම් එක හා සමානවිය යුතුබවට. මුලික පහසුකම්වත් නැති පාසල් අපරටේ ඕනෑතරම් තිබෙන බව නොරහසකි. එසේ තිබියදී මෙම තීරණය හොදද නරකද යන්න නැවතත් සිතා බැලිය යුතු නොවේද ??
අනාගත UNP ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට අනුවනම් අත්‍යවශ්‍ය සපත්තු සහ නිල ඇඳුම්. තවමත් අපේ පාලකයන්ට අවශ්‍ය දේ සහ අත්‍යාවශ්‍ය දේ ගැන අවබෝධයක් නැහැ.
තුන්වෙනි ලෝකේ පහසුකම් වත් නැති ඉස්කෝල වල ළමයින්ට ටැබ් දෙන්නේ කලින් හැම පන්තියකටම අඩුමගානේ ප්‍රොෙජක්ටර් එකක්වත් ලබාදුන්නොත් ගුරුවරින් ට පුළුවන් තමන් කරන දේ රුපරමු ,වීඩියෝ මගින් තවත් පැහැදිලි කරන්න , එහෙම යි අධ්‍යාපනය දියුණු කරන්නේ
ප්‍රභා ඔයා ඉක්මනට දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ටිකක් ගන්න.
අනේ ඇත්තටම කියන විහිළු නේද? එදා ඩෙනිම් දුන්නා, බ්‍රේස්ලට්, චුයින් ගම් දුන්නා.. අනේ අපිට මතක්වෙනවා ඔයාව...