(දයාරත්න ඇඹෝගම)
ලංකාවේ එකම ජාතියක් නිර්මාණය කරන්න නම් ඉදිරියේදී උසස් පෙළ සමත්වන සියලු ලාංකිකයන් හමුදාවට බඳවා ගෙන හමුදා පුහුණුව ලබාදීමත්, ලංකාවේ ඉතිහාසය ඔවුනට ඉගැන්වීමත් කළ යුතු බව පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ අනුරාධපුරයේදී පැවසූහ.
අනුරාධපුරයේ අද (15) පැවති ව්‍යාපාරික හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.
මෙහිදි රතන හිමියෝ මෙසේද පැවසූහ.
‘‘සාෆි සිහාබ්දීන්ගේ සිද්ධිය සහරාන්ගේ සිද්ධිය වගේ නෙවෙයි. බෝම්බ කාරයෝ අටදෙනෙක් ආවා. හිටි ගමන් මිනිස්සු මරලා යන්න ගියා. සාෆි සාහබ්දීන් කියන්නේ සිංහල මිනිසුන් යාළු කරගෙන මචං කියා ගෙන උපක්‍රමශීලිව කාන්තාවන් වද භාවයට පත්කළ පුද්ගලයෙක්.
දැනට කාන්තාවෝ 900ටත් වැඩි සංඛ්‍යාවක් වද භාවයට පත්කර තිබෙනවා.අපි නොහිටින්න මේ මනුස්සයා නිදහස් වෙනවා.මේ වාගේ මිනිස්සු 20ක් ලංකාවේ හිටියා නම් අවුරුදු විස්සක් යන කොට ලංකාවේ සිංහල ජාතිය වද වෙලා යනවා.මේ වැඩේ කරන්න සවුදියෙන් සල්ලි දිලා තියෙනවා.
එයාගේ ගිණුම් හරියට චෙක් කරලා නැහැ.මේ සියල්ල උසාවියේදී දැන් හෙළිදරව් වෙලා තියෙනවා.වාසනාවට අපිට අධිකරණයෙන් සාධාරණය ඉෂ්ට වුණා. නැත්නම් අපි අන්ත අසරණ තත්වයකට පත් වෙනවා.
ඒ නිසා අපි මේ ප්‍රශ්නයේදී අපි අන්තවාදය තේරුම් ගන්න ඕනේ.අද මද්‍රසා පාසල්වල ඉගෙන ගන්නවා 30,000ක් විතර.මේ තිස් දහස තමයි අන්තිමේදී අන්තවාදි පිරිස. බුදු පිලිම කඩන්න ඕනේ.අල්ලා දෙවියන් වහන්සේ විතරයි ඉන්න ඕනේ. බුද්ධාගම අදහන එවුන් මෝඩයෝ අල්ලා දෙවියන් වහන්සේ අදහන්නේ නියම මිනිස්සු අල්ලා දෙවියන් වහන්සේ අදහන්නේ නැති වුන් මැරුවට කමක් නැහැ.එහෙම වුනාම අපි දිවිය ලෝකයට යනවා.
මේවා ඇත්තද.මේවා උගන්නන්නේ කොහේද.බෝම්බකරුවෝ නෙමේ ප්‍රශ්නේ.තව හිස්බුල්ලා විශ්වවිද්‍යාලය කියලා එකක් හදනවා.රුපියල් කෝටි ගාණක් සවුදි සල්ලි.අපි දැන් බලපෑම් කරලා ඒවා හමුදාවට ගන්න කියලා තියෙනවා.කිසිසේත් ඒ විශ්ව විද්‍යාලය හදන්න අපි ඉඩ දෙන්නේ නැහැ.
ඇයි දෙන්නේ නැත්තේ අපිව මරන්න හදන මනස හදන කර්මාන්ත ශාලාව.බෝම්බ කරුවන් නිර්මාණය කරන ෆැක්ටේරිය තමයි මඩකලපුව විශ්ව විද්‍යාලය.අපිට පේන්නේ නැහැ .ඒක කරන්නේ කවුද ආණ්ඩුකාර හිස්බුල්ලා මහත්තයෙක් වාගේ ලස්සනට ඇද ගෙන,ජනාධිපතිගේ බලතල පාවිච්චි කරලා වැඩේ ලස්සනට කරගෙන යනවා.මම උපවාස කළෙ ඒ මිනිහා අයින් කරන්න කියලා.එතකොට සහාරන්ට වැඩිය හිස්බුල්ලා භායනකයි.සහරාන්ට වඩා සාෆි සිහාබ්දීන් භායානකයි.
ඊලඟට මේගොල්ල රටේ ආර්ථිකය අල්ලා ගෙන තියෙනවා.නගර ආක්‍රමණය කරලා තියෙනවා.ඉඩම් ඇල්ලීමත් කරගෙන යනවා.
මේ ප්‍රශ්නය අපි තේරුම් ගත්තේ නැත්නම් සම්පුර්ණයෙන්ම අපි විනාශ වෙනවා.මේ සුළු ජාතින්ගේ ඡන්ද ලක්ෂ දහයට බය වෙන්නේ නැතිව,අපි කල්පනා කරන්නේ මිනිසුන් සියයට දහයක් දිනා ගන්නත්,සිංහල මිනිසුන් වැඩිපුර සමගි වුනොත් අඩුගානේ සිංහලයෝ සියයට හැත්තැපහක් සමගි වුනොත් ප්‍රශ්නය ඉවරයි.
මේ ආණ්ඩුව පවතින්නේ අද කා නිසාද.රිෂාඩ් බදියුදින්,හකීම් සහ සම්බන්දන් නිසා.විශ්වාශභංගයක් ගේනාවට දිනන්න බැහැ.සිංහල බහුතරය විරුද්ධව ඡන්දය දෙනවා අර ගොල්ල ආණ්ඩුව ආරක්ෂා කර ගන්නවා.එහෙනම් මේ ආණ්ඩුව පරාජය කිරීම සඳහා සිංහලයන්ගේ එකමුතුකම අත්‍යවශ්‍යයයි.
ඉදිරියේදී ආණ්ඩුවේ බලයට එන්නේ කවුද කියන එක නෙමේ අපට වැදගත් වෙන්නේ.අපේක්ෂකයෝ ගොඩාක් ගැන කියනවා නේ.සජිත් කියනවා,කරු කියනවා,ගෝඨාභය කියනවා.රනිල් වික්‍රමසිංහ හෝ ඔහු නියෝජනය කරන කෙනෙක් දිනුවොත් ඔහු දිනුවත් නැතත් ඔහුගේ රුකඩයක් නම් එන්නේ අපි පරාදයි.
මේ පැත්තේ කඳවුරේ කවුරු ආවත් කමක් නැහැ.එ කෙනාගේ නම වැඩක් නැහැ.අපි බලන්න ඕනේ ඒ අයගේ ප්‍රතිපත්තිය අපිට ඕනේ ප්‍රතිපත්තියද කියලා.මෙන්න මේක පිලිගත්තොත් විතරයි බලයට එන්න පුළුවන් වෙන්නේ.අපි හදන්නේ මේ මතයට නගරවල ලක්ෂ ගාණනාවක ජන මතයක් හදන්න.
මට කිසිම පක්ෂයක් නැහැ.කිසිම පක්ෂයක් නියෝජනය කරන්නේත නැහැ.මම මැද ඉන්නේ.සිංහලයාගේ සහ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවට මම ඉන්නේ.
සියළුම පාසල් මිශ්‍ර පාසල් කරන්න ඕනේ.එකම පාසල් නිල ඇදුමක්.මුහුණ ඔළුව වහන්න බැහැ.ඒවා කරන්න ඔනේ නම් යන්න මැද පෙරදිගට.කන්නන්ගර මහත්තයා කිව්වා වාගේ මධ්‍ය විද්‍යාල,මහ විද්‍යාල,ප්‍රාථමික විද්‍යාල තියෙනවා සියළු දෙනා මේ පාසල්වලට යන්න.උසස් පෙළ සමත්වුණ ගමන් සියළු දෙනා හමුදාවට යන්න.හමුදා පුහුණුවක් දෙන්න.එතකොට අපි එක ජාතියක්.හැමෝම ලංකාවේ ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ.උතුරු නැගෙනහිර අය දෙමළ ඉගෙන ගත්තට කමක් නැහැ.අනිත් පැතිවල අය අපිට සිංහලෙන් කතා කරලා බඩු විකුණනවා නම් ඇයි සිංහල කතා කරන්න බැරි.
මේ අධ්‍යාපන ප්‍රතිපත්තියට මේ අය එකගකරවා ගන්න ඕනේ. එකම ජාතික අධ්‍යාපන පද්ධතියක් සකස් කළ යුතු බවද උන්වහන්සේ මෙහිදී පැවුසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් පෙළ අසමත් අය?
මේක කාලෝචිත වැඩ පිළිවෙලක්, අපි සියළුම පුරවැසියන්ට හමුදා පුහුණුව සහ ඉතිහාසය ඉගැන්වීමක් ඕනා.
උසස්පෙළ සමත් සිංහල සිසුන්ට කියා සංශෝධනය කරන්න. මොකද අපිට මෙරට රැකගන්න වෙලා තිබෙන්නේ දෙමල හා මුසල්මානු ත්‍රස්තයාගෙන් අපේ හාමුදුරුවනේ.
ඒක නම් හාමුදුරුවනේ මොලේ තියෙන කතාවක්. ඊශ්‍රයල්,නෝර්වේ, දකුනු කොරියා වගේ රටවල් වල එවැනි ක්‍රමයක් තියෙනවා. අපෙත් එවැනි ක්‍රමයක් ගේන්න ඔන එතකොට අපේ මිනිස්සුන්ගේ තියෙන පසුගාමී ගතියත් නැතිවෙලා යාවී.
හමුදා පුහුණුවට වඩා වටිනවා, උසස් පෙළ සමත් හැම සිසුවෙකුම ඉතිහාසය පිළිබද පාඨමාලාවක් හැදෑරීම. උසස් පෙළ ලකුණුවලට මෙමගින් අමතර ලකුණක් දෙකක් එකතු වන ක්‍රමයක් හැදුවොත් බහුතරයක් ඔය පාඨමාලාව කරනවා සිකුරුයි. ඒ වගේම දියුණු රටවල පුරවැසි බව දෙන විට එරට ඉතිහාසය සංස්කෘතිය ගැන, දේශපාලන දැනීම, එරට පරිපාලනය නීතිය ගැන පරීක්ෂණයකින් සමත් විය යුතුයි. මෙමගින් කොහෙන් ආවත් ඒ හැමෝම එක බෝට්ටුවේ දමන එකයි කරන්නේ. අපෙත් එහෙම එකක් දෙන්න ඕන මොන ජාතියේ උනත්. හරියට 16න් පසුව ජාතික හැදුනුම්පත නිකුත් කිරීමට මේ වගේ පරීක්ෂණයකින් සමත් වීමේ ක්‍රමයක්.
අනිවාර්යයෙන්ම කල යුතු දෙයක් හාමුදුරුවනේ. දරුවෝ මතෙන් ගලවගන්නත් පුළුවන් වෙයි. තෙරුවන් සරණයි.
ඉතිහාසය උගෙන මක් කරන්නද
හාමුදුරුවනේ අර ඊශ්‍රායල් වල කරනවා වගේ 18 උනාම හැම ළමයෙක්ම අඩුම තරමේ අවුරුද්දක් ගොවි හමුදාවට සමාන වැඩ පිළිවෙලක් හදල රටට ආදරය ඇති වැඩ පිළිවෙලක යොදන්න ඕනේ .
මේවගේ දේවල් අපිට හිතිලා ගොඩක් කල්
මේවගේ දේවල් යෝජනා කිරීමවත් ශ්‍රී ලාංකීය සමාජය සුදුසු නොවෙන්නේය.. එමෙන්ම එවැනි දෙයක් අතිශය භයානක ප්‍රතිඵල ලබාදීම ඉඩ ඇත. අපේ රටේ ඉතිහාසය,සංස්කෘතිය ,සහ පරිපාලනය නීතිය පිලිබදව නේවාසික පුහුණු පාඨමලාවක් ලබාදීම කාලෝචිතයි.
මේක කාලෝචිත වැඩ පිළිවෙලක්,
හාමුදුරුවනේ ඡන්දය අතලඟ නේ
අහිංසක මිනිස්සුන්ගේ ළමයි ටික හමුදාවට යයි . පෝසත් එවුන්ගේ ළමයි ටික රට යයි . අනික් එවුන් ටික මහන වෙයි කලේ ගෙවෙනකන්. අනික් ආගම්වල එවුන්ගේ ළමයි මොන හරි ජාතිවාදී , ආගම්වාදී කේස් එකක් ඇදල් උන්ගේ ළමයි බේර ගනී.........
හොඳ අදහසක් කියමුකෝ. ඒ වගේම හාමුදුරුවන්ට ධර්මය කියා දිය යුතුයි.
ස්වාමීන් වහන්ස! අරි අටඟි මගේ යන්න මොකටේ ආයුධ පුහුණු?
හාමුදුරුවනේ ඔබ වහන්සේට මම රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම නිසා මම ගරුකරනවා නමුත් උසස්පෙළ සමතුන්ට හමුදා පුහුණුව දීල ගෙදර ඇරියම , ඔවුන්ගෙන් සමහරක් ඔවුන්ට ලැබුන අවි පුහුණුව උපයෝගීකරගෙන මංකොල්ල කන්න සහ පාතාල ක්‍රියාකාරකම් කරන්න පටන් ගතහොත් මොකද කරන්නේ ? හාමුදුරුවනේ අපේ රටට නැත්තේ යුරෝපේ රටවල ඉන්න ආකාරයට පුහුණු ශ්‍රම බලකායක් , හාමුදුරුවනේ උසස්පෙළ සමත්වෙලා ගෙදරට වෙලා ඉන්න තරුණ තරුණියන්ට උසස් ප්‍රමිතියක් ඇති අවරුදු 3 කවත් වෘත්තිය පුහුණු පාඨමලාවක් දෙන්න ඕනේ, එතකොට රට නිකන්ම දියුණුවෙනවා , පසුගිය ප්‍රහාරය වලක්වා ගන්න බැරිවුනේ හමුදාව සහ බුධි අංශ දුර්වල නිසා නොව ඔව්න්ට නිසි දේශපාලන නායකත්වයක් නොලැබුන නිසාය ,
හමුදා පුහුණුවකින් කෙරෙන්නේ අවි පුහුණුවක් සමඟ නීතිගරුක විනයක් ලබාදීම යන්න මගේනම් හැගීම. ඒ නිසා අවි පුහුණුව කෙසේ වෙතත් විනය පිළිබදවනම් (ඒ - ඉසෙඩ්) දෙන්නම වටිනවා.
ධර්මය පසෙක තියා සියලුම හාමුදුරුවන්ට අවි පුහුණුවත් ලබා දෙනු. කලියුග කාලෙ මෙහෙම බණත් අහන්න ලැබූණානේ.
මේක හොඳ අරමුණක්. ඉක්මනින් ආරම්භ කරන්න.
හාමුදුරුවනේ මීට වඩා හොද නැද්ද උගතුන් පාර්ලිමේන්තුවට යවන්න අවම සුදුසුකම උසස් පෙළ අසමත් අය කියල සහ ඇමති දුරයක් දරන්න අදාල ක්ෂේත්‍රයේ උපාධියක් තිබීම අනිවාර්ය කලානම්. මොකද උසස් පෙළ අසමත් අය යුධ පුහුණුව ලබලා ඊට පස්සේ විශ්වවිද්‍යාලෙ ගිහින් උපාධිය අරන් ගෙදර එද්දී වයසට ගිහිල්ල ඒ අයට හැරමිටියෙන් තමා කසාද බදින්න වෙන්නේ. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ උගත්තු දේසපාලන පක්ෂ නායකයෝ වෙලා උගත්තු දේසපලකයෝ උනානම් මොකද රට මේතාක් විනාස කලේ අද පාර්ලිමේන්තුවේ ඉන්න හා උන්න නුගත් දේසපාලකයන් මිස රටේ ජනතාව නෙවේ
හමුදාවට පුහුණුවට යවන්න කියල කියන එක කියන්න ලේසියි කරන්න අමාරුයි.
හමුදාවකට වඩා සැබෑ විනය ගොඩනැගුණු තැන බුදුදහම. ගැටලුව අද හැමදෙයම වෙනස්වෙලා.. අධ්‍යාපනය තුලින් ඉතිහාසය ගැන හා සැබෑ ආගමික දර්ශනයන් දරුවන් වෙත ලබාදීම වැදගත්. රටේ නීතිය, විනය ඇතිකිරීම කාටත් නීතිය සමානව සලකන තත්ත්වයක් ඇති කල යුතු වගෙම හමුදා පුහුණුව සමාන මානසිකත්වය වර්ධනයක් තරුණ පිරිසට ලබාදීමට වැඩසටහනක් අවශ්‍යයි. එය හමුදාව තුලින් නෙමෙයි වියයුත්තක් උවත් අද තරුණයා වැරදි නම් එයට මෙරට පාලනයන් වගකිවයුතු ප්‍රතිපත්ති නම් කඩදාසි වලින් කවුරුත් ඉදිරිපත් කරයි. නමුත් එය ඉදිරිපත් කරන පුද්ගලයන් හා ඔවුන්ගේ වටේ සිටින අයගෙ අතීතය වඩාත්ම වැදගත් වෙනවා ඉදිරියට රටෙහි නායකයකු තේරුමට...
අපිට කනගාටු බුද්ධ පුත්‍රයන් බුදුන්ගේ දහමට පිටුපාමින් කටයුතු කරන එකටයි .
එතකොට හාමුදුරුවනේ පාර්ලිමේන්තුවේ ඉන්න අපොස සාපෙ වත් නැති අයට මොකද කරන්නේ ?
එතකොට උසස්පෙළ සමත් දෙමළ, මුස්ලිම් ළමයින්ටත් හමුදා පුහුණුව දුන්නට කමක් නැද්ද ?
ධර්මය දේශනා කරගෙන ඉන්න අපේ හාමුදුරුවනේ...
ඊට වඩා හොඳ නැද්ද නිකම් කකා බිබී ඉන්න අයව හමුදාවට ගත්ත නම්?
අනේ බුදුන්වහන්සේ දේශනාකළ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන, සතර සෘද්ධි පාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බෝජ්ජංග, අරි අටගි මග ඔස්සේ ප්‍රත්‍ය සම උත්පාදනය හේතු ඵල ලෙස දකින සියුම් ප්‍රඥාව ඇතිකරගැනීමට ගිහිගෙය අත්හැර ගිය ඔබ ඔය කරන වැඩේ දෙව්දත් කල වැඩේටත් වඩා නුසුදුසුය. බුදුන් වහන්සේගේ ලේ සෙලවීම නිසා දේවදත්ත බුද්ධාන්තර ගණන් අපායේ පැසෙන්න හේතු ඇතිකරගත්තේය. බුද්ධ පුත්‍රයෙකු ලෙස පෙනීසිටිමින් අබුද්ධ වැඩ කිරීම නිසා (නිවැරදි දැකීම, කල්පනාව, සිහිය, අරමුණ, වචනය, උත්සාහය, ක්‍රියාව, හා ජීවනය) ඔබට දැනටමත් නැති බව නම් ඉතා පැහැදිලිය. පුලුවන්නම් හතර අපායේ නොවැටී බේරෙන්න. ඒ සඳහා සෝවාන් විය යුතුය... නොහොත් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා හා සීලබ්බත පරාමාසයෙන් මිදිය යුතුයි. සකෘදාගාමී වීමට නම් කාමච්ඡන්ද හා ව්‍යාපාද ප්‍රහීන කළයුතුය. අනාගාමී වීමට කාමචන්ද හා ව්‍යාපාදය ප්‍රහීන විය යුතුය. එවිට මාන්න උද්දච්ච රූපරාග, අරූපරාග හා අවිද්‍යා (රාග, ද්වේශ මෝහ) ප්‍රහීන වී රහත් ඵලයට පත්වෙන්නේය. මගඵලලාභී ගිහියන් හා රහත් ඵල ලාභී පැවිද්දන් අදත් සිටිති.
අපේ හාමුදුරුවෝ කියන්නේ සහතික ඇත්ත කතාවක්. අද අපේ තරුණ පරපුර දන්නේ මුහුණු පොතේ ගිහින ලෝකෙනැති ඕපාදුප හොයන එක සහ ඒවාට ලයික් දමන එක විතරනේ. සිංහල අපි බෙදිලා ඉන්න තරමට අනෙක් අයට පුළුවනි අපට ගහන්න.
හාමුදුරුවනේ ලංකාවට තිබෙන ලොකුම ප්‍රශ්නය නිතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම් , නඩු පමාවීම වැනි දේවල් , ලංකාවේ මහේස්ත්‍රාත් අධිකරණයක ඉන්නේ එක විනිසුරුවරයෙකි , කරුණාකර මේ ඉන්න විනිසුරුවරු ප්‍රමාණය දෙගුණයකින්වත් වැඩි කරන්න , නීතිපති දෙපාර්තමේන්තුවට කරන දේශපාලන බලපෑම් අඩු කරන්න කටයුතු කරන්න , ඔබ වහන්සේ පාර්ලිමේන්තුවේ ඉන්න නිසා මේවා යෝජනා කරන්න පුළුවන් . ලංකාවේ මිනියක් මැරුවත් මාස 3ක් රිමාන්ඩ් එකේ ඉඳල නඩුව ඉවරවෙනකම් අවරුදු 10-20 එළියේ ඉන්න පුළුවන් ,
විවිධාකාර නම් වලින් තියෙන පාසල් සියල්ලම එක නමකින් නම්කරන්න. පාසලේ නමට ගමේ නම ඉදිරියෙන් ලියන්න. ජාතික පාසල්,වන් ඒබි පාසල්,වන් ඒබී සුපර්,ලයිට් හවුස් පාසල් සියල්ලම අහෝසි කරලා ග්‍රාම සේවක වසම් දෙක තුනකට හෝ ජනගහනය 5000 කට එක ප්‍රාථමික පාසලක් නම් කරන්න. එතකොට බර අඩුවෙන කොට සිංහල අම්මල තාත්තල තව තවත් දරුවො හදාවි. ඒ වගේම ගමින් ගමට වෛද්‍ය පහසුකම් ඇති කරන්න. වෙනද වගේම ගමේ පන්සල වටා මූලික අධ්‍යාපනය ඇති කරන්න. එතකොට නිකකම්ම සිංහල දරු පරපුර වැඩි වේවි. දරැවන් දෙමාපියන්ට බරක් නොවන විදියට දැනුනොත් සිංහල දරුවො බිහිකරාවි. එතකොට ඒකත් හොද විසදුමක්. කොහොමටත් ඔබ වහන්සේගේ උත්සාහය,කැපකිරීම,ජාති හිතෛෂීභාවය,දහමට තිබෙන ඇල්ම ගෞරවය එය ආරක්ෂා කිරීමට දරණ උත්සාහය අපි ඉතාමත්ම අගේ කරනවා. ඔබ වහනසේනට නිදුක් නිරෝගී ජීවිතයට වාසනාව උදාවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.
හරිහැටි නීතිය ක්‍රියාත්මක කරන පරිසරයක් හැදුවම හොඳටම ඇති. හමුදා පුහුණුව නොවේ තරුණ තරුණයින්ට ජීවත් වීමට සුදුසු වෘත්තීය පාඨමාලා හදාරන එක අනිවාර්ය කරන්න. එතකොට නිකන්ම රට ඉදිරියට යාවි. සමෘද්ධිය වගේ හොරු බෝ කරන වැඩසටහන් වලට යන මුදල ඒවාට යොදවන්න.