IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


උසස් පෙළ සමතුන්ට ලක්ෂ 11 දක්වා ණයක්

(රංජන් කස්තුරි)
 
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමතුන්ට මෙරට උසස් අධ්‍යාපන ආයතනවල උපාධි හැදෑරීම සඳහා රුපියල් 1,100,000 දක්වා උපරිමයකට යටත්ව ණයක් ලබාදෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේ අද(07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
 
අයවැය යෝජනාවක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මත කෙරෙන අතර එමගින් රටේ තරුණ ප්‍රජාවගේ දැනුම වර්ධනය කිරීම අරමුණ වන බවද එහිදී මංගල සමරවීර මහතා කීය.
 
උසස් පෙළ සමතුන්ට රාජ්‍ය බැංකු මගින් මෙම ණය ඉල්ලුම් කළ හැකි අතර වසර 15කින් එම ණය ගෙවීම සඳහා ඉඩ ලැබෙන බවද එහිදී ඇමතිවරයා පැවසීය.
 
ඔවුන්ට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල උපාධි මට්ටමේ පාඨමාලා හැදෑරිය හැකි අතර පසුකලෙකදී  රැකියාවක් කරමින් තමන් ලබාගත් ණය ගෙවා දැමිය හැකි බවද ඇමතිවරයා කීවේය.
 
වසරකට සිසුන් 240,000ක් උසස් පෙළ සමත්වන අතර රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නේ ඉන් සිසුන් 30,000ක් පමණක් වන හෙයින් මෙම වැඩපිළිවෙළ රටට අත්‍යවශ්‍ය බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
 



අදහස් (10)

උසස් පෙළ සමතුන්ට ලක්ෂ 11 දක්වා ණයක්

kule Thursday, 07 March 2019 09:09 PM

අදහස නම් හොදයි නමුත් නව තරුණ ඡන්දය බලාපොරොත්තුව දෙන අල්ලසක් නොවෙයි නේද

:       14       23

Jehaan Thursday, 07 March 2019 09:13 PM

අදහස ඉතා හොඳයි. ඒ වගේම මේ පිළිබඳව නිවැරදිව ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතුයි. පොලිය කුමක්ද. අදාළ ඇප මොනවද ? සම්බන්ධ වන්නේ රජයේ බැංකු නිසා ඉල්ලුම්කරුට හැට පනින තෙක් ණය පෝලිමේ ඉන්න සිදුවෙයිද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි. එමෙන්ම ණයකරු උසස් අධ්‍යාපනය නිමකර බැංකුවට පොලු තබා, ඔස්ට්‍රේලියාවට ඇමෙරිකාවට පැනගතහොත් ඒ ණය ගෙවන්න වෙන්නේද සෙසු බදු ගෙවන්නන්ටය. ණය කොන්දේසි ඉතා පැහැදිලිව ණයකරු අවබෝධ කරගත යුතු අතර අනේ මම මේක ආපසු ගෙවන්න ඕන කියලා දන්නේ නැහැ මොකද්දෝ කොලයකට හීනෙන් අත්සන් කළා මතකයි කියන්න ඉඩ තියන්න එපා. සිසුන්ට මෙවැනි පහසුකම් සෑම දියුණු රටකම ඇති අතර එය ඒ රටවල නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක වෙන බව කිව යුතුමය. අපිත් උත්සහ කර බලමු.

:       0       130

Chathura Friday, 08 March 2019 03:55 AM

ඒ යෝජනාව ගොඩක් හොදයි, වර්තමානයේ උසස් අධ්‍යාපන අවස්ථා සාමාන්‍ය පවුල් වල දරුවන්ට විශාල මුදලක් වියදම් කිරීමට නොහැකි නිසා අහිමි වී ගොස් තිබේ. එම හේතුව නිසා බොහෝ වෙලාවට දක්ෂ දරුවන්ට ඉදිරියට යාමට ඇති මග අවහිර වී ගොස් ඇත. මෙම යෝජනාව ඉක්මනින් ක්‍රියාත්මක කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

:       0       28

Raveendra Friday, 08 March 2019 04:18 AM

හොද වැඩසටහනක්. නමුත් මෙය නිසිලෙස ක්‍රියාත්මක කිරීමට නම් හැකිවේද යන්න සැක සහිතය.

:       0       24

sujeewa Friday, 08 March 2019 04:21 AM

මේ රටේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ගැන මම හොඳට දන්නවා. හතරක් පහක් හැර අනෙක් සියල්ල බොරු කරන්නේ. ඒවා ටියුෂන් මඩු වගේ. රජයෙන් දෙන මේ මුදල් ඒවගේ ජාවාරම්කාරයෝ ටිකක් අතට යන්නේ. ලංකාවේ රට පුරාම විහිදුනු හොඳ කාර්මික පුහුණු ආයතන ජාලයක් තියෙනවා. ඒවා තව ටිකක් විධිමත් කරලා ගත්තොත් හැම ළමයකුටම මීට වඩා හොඳ උසස් අධ්‍යාපනයක් දෙන්න පුළුවන්. සමහර කාර්මික පුහුණු ආයතන වලට ගුරුවරු නැත. නිසි කාලසටහනකට අනුව උගන්වන්නේ නැත. ඒ නිසා උසස් පෙළ ලියු ළමයි ඒවාට යන්නේ නැත.

:       0       72

himalFriday, 08 March 2019 09:48 AM

මේ යෝජනාව දැනටමත් ක්‍රියාත්මකයි. සිසුන්ට ණය ලැබෙන්නේ රජයේ අනුමත පුද්ගලික ආයතනවල ඉගෙන ගන්න මිසක් ඕනම කඩයකට යන්න නෙවෙයි. නමුත් රජයේ වේවා, පුද්ගලික වේවා සකල සිරින් පිරි ආයතන බිහි වෙනකම් ඉගෙන ගන්න බලා ඉන්න බෑ. සල්ලි ආයතන අතට ගියාට ඉගෙන ගන්නේ ළමයෙක්. ඒක වටිනවා. කාර්මික විද්‍යාලවලට ළමයි ඉගෙන ගන්න එන්නේ නැත්තේ ගොඩ දෙනෙක් ත්‍රී වීල් පදින්න යන නිසාත්, නුපුහුණු ශ්‍රමිකයො විදිහට හරි රට යන්න හදන නිසාත්. දැන් රජයේ කාර්මික අධ්‍යාපනය නොමිලේ දෙන්නේ.

:       0       1

මායිමේ banda Friday, 08 March 2019 06:53 AM

මේ ක්‍රමේ හරිම කාලෝචිතයි. ලෝකයේ හැම දියුණු රටකටම මේ වගේ ක්‍රම තියෙනවා. ඉන්දියාවේ පවා රාජ්‍ය බැංකුවලින් ඉන්දියානු ලක්ෂ දහයක් වගේ මුදල් උසස් අධ්‍යාපනය වෙනුවෙන් ළමයින්ට ලැබෙනවා. ඉන්දියන් කාරයෝ ලෝකේ හැමතැනම රැකියා කරන්නේ ඔවුන් ඒ ලබාගත් දැනුමින්. හැබැයි ඉතින් මේක ලබා ගැනීම තමා ප්‍රශ්නය ආච්චිලාගේ සීයලාගේ රජතුමාලගෙ ඉදන් අත්සන් ගන්න වෙයිද දන්නෑ

:       0       1

Perera Friday, 08 March 2019 07:25 AM

එක හොඳයි රටේ මිනිසුන්ව දැන් තියෙන ණය මදිවට තව තව ණය ගැති භාවය වැඩිකරන්න.

:       0       1

de silva Friday, 08 March 2019 09:35 AM

ඔය ණය දෙන්න කලින් ඔවුන්ට අධ්‍යාපනය ලබන්න පුළුවන් ආයතන මොනවද? ඒ වගේ ප්‍රමිතිය කොහොමද? මෙම විභාග පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුව හෝ රජයේ විශ්ව විද්‍යාල මගින් හෝ කරනවද, අන්තිමට ඔවුන්ට ලැබෙන උපාධිය කුමක්ද? උපාධිය ලංකාවේ පිළිගන්නවද? යන්න සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පනතක් මගින් සම්මත කරගත යුතුය. එහෙම නැතුව බැංකු ණය දීලා, බාගෙට අධ්‍යාපනය කරගෙන යන අතරතුරේ රජයේ විශ්වවිද්‍යාලවල සිසුන් උද්ඝෝෂණය කරනවා කියලා මේවා ඉදිරියට එන වෙනත් ආණ්ඩුවකින් නවත්තලා දැම්මොත් වෙන්නේ විශාල විනාශයක් .

:       0       1

එස්.පී.කේ.නිවර්තනා Tuesday, 06 August 2019 04:09 AM

අදහස නම් ගොඩක් හොඳයි බොරුවක් නෙවෙයි නේද මේක මේ පිලිබඳ තව තොරතුරු ඕන ගන්නේ කොහොමද ඇප ඕනෙද මුදල් අතට දෙනවාද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 276 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site