IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උසස්වීම් නැතැයි පොලිසියේ 33,000 ක් මැසිවිලි කියති

(ජයන්ත සමරකෝන්)

පොලිස් නිලධාරීන් 33000 ක් පමණ වසර 10කට අධික කාලයක් තිස්සේ උසස්වීම් නොලැබ එම තනතුරේ රැඳී සිටින බව පොලිස් පොඩ්ඩෝ පවසති.

මෙම පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට පියවර ගෙන ඇති බවට පසුගියදා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතත් උසස් පොලිස් නිලධාරීන් ඒ සඳහා කිසිඳු පියවරක් ගෙන නොමැති බවට එම පොලිස් පොඩ්ඩෝ චෝදනා කරති.

පොලිස් කොස්තාපල් තනතුරේ වසර 10 කට අධික කාලයක් රැඳී සිටින 18000 ක් ද පොලිස් සැරයන් තනතුරේ වසර 10 කට අධික කාලයක් තිස්සේ රැඳී සිටින 3700 ක්ද වසර 10 කට අධික කාලයක් රැඳී සිටින උප පොලිස් පරීක්ෂකවරුන් 1998 ක්ද වසර 10 කට අධික කාලයක් තිස්සේ එකම තනතුරේ සිටින පොලිස් පරීක්ෂකවරුන් පිරිසක්ද මේ අතර වන බවට පොලිස් පොඩ්ඩෝ පෙන්වා දෙති.

මෙම අසාධාරණයට ලක්ව සිටින පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමෙන් වැටුප් වර්ධක ලෙස මාසිකව රැපියල් ලක්ෂ 84 ක් ගෙවීමට සිදුවන බවද උසස් පොලිස් නිලධාරීන් පෙන්වා දුන්නද මෙම නිලධාරීන් සිදුකරන වැටලීම් වලින් පමණක් ඉකුත් වසරේදී රජයට උපයාදී ඇති දඩ මුදල රුපියල් ලක්ෂ 1490 ක් බවද පොලිස් පොඩ්ඩෝ සඳහන් කරති.



අදහස් (3)

උසස්වීම් නැතැයි පොලිසියේ 33,000 ක් මැසිවිලි කියති

Raveendra Monday, 12 August 2019 01:40 PM

කිසි අහිතක් නොසිතන්න.. මහ එකා තෝරන බලුපොරේ අත ලඟ ලඟ එන නිසා 33000 ටම උසස්වීම් ඉතා ඉක්මණින් ලැබෙනවා. හැබැයි තමන්ගේ ඡන්දය භාවිතා කරනවිට මේ හැලිවඳුරන් 225 ගැන හිතනවද? රට ගැන හිතනවද කියලා කල්පනා කළොත් හොඳයි..

:       2       27

Prabha Monday, 12 August 2019 04:34 PM

ඕක සජිත් හමුවෙලා කිව්වා නම් පොලිසියේ ඔක්කොමලා ඩී.අයි.ජී. ලා ඒ.එස්.පී. ලා කරනවා කියාවි.

:       0       0

AJITH Tuesday, 13 August 2019 02:26 AM

අවුරුදු 10 ක් කියන්නේ පසුගිය රජය කාලේ සිට සිදුවෙන අසාධාරණයක්. මොකද ඒකාලේ මැසිවිලි නැගුවේ නැත්තේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 647 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site