IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උමාඔය නඩුව තීන්දුවකින් තොරව අවසන්

(විජේරත්න රත්නායක )

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් ජනතාවට සහන ඉල්ලා ‘‘උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ‘‘ විසින් ඌව පළාත්බද මහාධිකරණයේ පවරන ලද නඩුව තීන්දුවකින් තොරව අවසන් කිරීමට මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා අද (08) තීරණය කළේය.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ භූගත උමං මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් හටගත් විවිධ පාරිසරික ව්‍යසනයන් මත සිදුවූ නිවාස, දේපළ හා වගා හානි තුළින් අගතියට පත් ජනතාවට ප්‍ර‍මාණවත් ලෙස හා කාර්යක්ෂම ලෙස අවශ්‍ය සහන ලබානොදීම පිළිබඳව විරෝධය පළකරමින් එම ජනතාවට කඩිනමින් හා සාධාරණ ලෙස වන්දි හා සහන ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්, උමාඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ, උමාඔය සහන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සහ ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ යන අය වග උත්තරකරුවන් කරමින් උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, එම පෙරමුණේ ලේකම් වසන්ත සංජීව සෝමසිරි, එහි සම සභාපති එච්.ඒ.බෝධිපාල යන අය විසින් ඌව පළාත්බද මහාධිකරණයේ අදාළ නඩුව පවරා ඇත.

අද වන විට එම නඩුව දස වතාවක් විභාගයට ගෙන තිබූ අතර  පැමිණිළි පාර්ශවය වෙනුවෙන් ආරම්භයේ සිට මේ දක්වාම ජනාධිපති නීතීඥ විජය නිරංජන් පෙරේරා, නීතීඥ යසන්තා රාජපක්ෂ සහ නීතීඥ ඕෂධී පෙරේරා යන මහත්ම මහත්මීහු ඉදිරිපත්ව සිටියහ. වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් රජයේ නීතීඥ අවින්ද්‍රා ද සිල්වා මහත්මිය ඇතුළු රජයේ නීතීඥවරුන් කිහිප දෙනෙක් වරින් වර ඉදිරිපත් වූහ.

අද දින නඩුව විභාගයට ගත් අවස්ථාවේ මෙහි පැමිණිළි පාර්ශවය විසින් ඉල්ලා සිටින සහනයන්ම ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේද නඩුවක් විභාග වන බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා, එකම කරුණක් උදෙසා ශ්‍රේෂ්ඨාධිකරණයේද විභාග වන නඩුවකට සමාන නඩුවක් ඌවපළාත්බද මහාධිකරණයේද පවත්වාගෙන යාම අනවශ්‍ය බැවින් දෙපාර්ශවයේම එකඟත්වය මත මෙම නඩුව අදින් අවසන් කිරීමට තීරණය කළ බව ප්‍රකාශ කළේය.

අදාළ නඩුවේ පැමිණිළිකරුවන් වන උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, එම පෙරමුණේ ලේකම් වසන්ත සංජීව සෝමසිරි, එහි සම සභාපති එච්.ඒ.බෝධිපාල යන අයද වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් හා ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ නියෝජනය කරමින් නියෝජිතයින් හා එම පාර්ශවයේ නීතීඥයින් කිහිප දෙනෙක්ද එම අවස්ථාවට සහභාගී වූහ.

 

 

 

 

 

 



අදහස් (0)

උමාඔය නඩුව තීන්දුවකින් තොරව අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site