IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උමාඔය නඩුව අප්‍රේල් 03 දක්වා කල් යයි

(විජේරත්න රත්නායක )

උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත් ජනතාවට රජය විසින් ලබාදීමට එකඟ වූ සහන කඩිනමින් ලබාදෙන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය බදුල්ල ඌව පළාත්බද මහාධිකරණයේ පවරන ලද නඩුව අද (21) යළි විභාගයට ගත් මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා එම නඩුව යළි  අප්‍රේල් මස 03 වැනිදා තෙක් කල් තැබීය.

     උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවූ නිවාස, දේපළ හා වගා හානි තුළින් අගතියට පත් ජනතාවට ප්‍ර‍මාණවත් ලෙස හා කාර්යක්ෂම ලෙස අවශ්‍ය සහන ලබානොදීම පිළිබඳව විරෝධය පළකරමින් එම ජනතාවට කඩිනමින් හා සාධාරණ ලෙස සහන ලබාදෙන ලෙස ඉල්ලා උමාඔය සහන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, උමාඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ, බදුල්ල දිස්ත්‍රික්

ලේකම්, මහවැලි අමාත්‍යාංශයේ ලේකම්, ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ යන පාර්ශ්වයන් වග උත්තරකරුවන් කරමින් උමාඔය විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, එම පෙරමුණේ ලේකම් වසන්ත සංජීව සෝමසිරි, එහි සම සභාපති එච්.ඒ.බෝධිපාල යන මහත්වරුන් අදාළ නඩුව පවරා ඇත.

     එම නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේ පැමිණිළි පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ විජය නිරංජන් පෙරේරා මහතා අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස, ජලය හා වගා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්ට සිදුව ඇති හානි සහ මෙතෙක් ලැබී ඇති හා ලැබිය යුතු වන්දි ආදිය සම්බන්ධව සවිස්තරව කරුණු ඉදිරිපත් කළේය.

එම කරුණු සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා වගඋත්තරකාර පාර්ශ්වයට කරුණු දැක්වීම සඳහා නඩුව යළි ඉදිරි අප්‍රේල් මස 03 වැනිදා තෙක් කල් තැබීමට තීරණය කළේය.



අදහස් (0)

උමාඔය නඩුව අප්‍රේල් 03 දක්වා කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site