බිමල් ශ්‍යාමන් ජයසිංහ
කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සුඛෝපභෝගී මෝටර් රථයකින් රුපියල් කෝටි 51 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී හික්කඩුව බද්දේගම පාරෙදි අද අලුයම අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සමග මත්කුඩු කිලෝ 51 ග්‍රෑම් 728 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත
එම මත්කුඩු තොගය ලබා ගැනීම සඳහා අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම අසල රැඳී සිටි තවත් පුද්ගලයන් දෙදෙනකු වෑන් රථයක් සමඟ ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකවරයා කළුතර දකුණ පොලිසියේ අධිකරණ කටයුතු බාර ස්ථාන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන්නා බවත්,අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු පොලිස් නිල ඇඳුමින් සැරසී සිටි බවත් පොලිසිය කියයි.
සැකකාර උප පොලිස් පරික්ෂකවරයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මේ වන විට විදේශ ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන " පානදුර සලිදු " නැමැත්තාට අයත් මත්කුඩු තොගයක් බවට අනාවරණ කළ බව පොලිස් නිළධාරියෙක් පවසයි.
සැකකාර උප පොලිස් පරික්ෂකවරයා පැදවූ මෝටර් රථයේ තිබූ විශාල කළු පාට ගමන් බෑග් දෙකක මෙම මත්කුඩු තොග අසුරා තිබූ බවත් , මෙම මත්කුඩු තොගය අධිවේගී මාර්ග ඔස්සේ අතුරුගිරියට ප්‍රවාහනය කර දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක් පමණ ගාස්තුවක් ලැබෙන බවත් මෙයාකාරයෙන් අවස්ථා දෙකකදී මත්කුඩු තොග ප්‍රවාහනය කල කළ බවත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී වැඩිදුරටත් අනාවරණය වූ බව අනාවරණය වි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයකි මේ කල්ලතෝනියා කෙසේ පොලිස් සේවයට බැඳුණේද? පොලිසියේ වටිනා නිල ඇඳුම අසුචි වලින් සෝදාගෙන ඇත. විශේෂයෙන් රජයේ ආයතනවලට සේවකයන් බඳවා ගැනීමේදී විශාල අඩුපාඩු තිබෙන බව මෙයද හොඳම උදාහරණයකි. කල්ලතෝනින්ට අප රටේ රජයේ රැකියා කිරීමට හොඳ තෝතැන්නකි. පොලිසියේ "උසස්ම" නිලධාරියාට මෙන්ම බලධාරීන්ගේ අවධානය යොමු වේවා..!!!
පොලිසියේ හොඳ දෙයක් ආරංචි වුණොත් පත්තරේ දාන්න වටිනවා. මෙහෙම ඒවාගේ විශේෂත්වයක් නෑ..
මෙවැනි නිලධාරීන්ට මරණ දඩුවම් දෙන්න ඔනි
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට අප සැමගේ හා රට ජාතියේ ප්‍රණාමය ... !!! එමෙන්ම එතුමා ඊළඟ පොලිස්පති වරයා වීමටද සුදුසු බව හැඟේ.පොලිස් සේවයේ සිටිනා නරුමයන් මේ ලෙස අල්ලා ගැනීමට පතිනායක මහතා ඇතුළු අවංක එඩිතර නිලධාරීන්ට තව තවත් ශක්තිය හා ධෛර්යය ලැබේවා ....
රාජ්‍ය නිල බලය නිසා සයිටම්, RMV, පොලිස්, විදුහල්පති, එකී නොකී මෙකී, හැම කෙනාව දුෂිතයි, හැමතැනම දූෂණ, ගසාකෑම්, නීති විරෝධී ක්‍රියාකාරකම්, පක්ෂග්‍රාහී වැඩ, පරිසර විනාශ කිරීම්, මත්ද්‍ර්ව්‍ය වැහිවැහැලා, කිසි කෙනෙක් විශ්වාස කරන්න බැරි, එකිනෙකා නුරුස්සන් නැති, උද්දච්ච, පීඩාකාරී පරිසරයක් තමයි රටේම තියෙන්නේ...
මම මේ බැලුවේ.. වෙලාවට මට කුඩු ටික හම්බවෙන්නේ කොහොමද කියලා...? මේකනේ රහස
ගුණවත් පුද්ගලයාට වඩා මුදල් ඇති අයට සමාජයේ සැලකිල්ල වැඩිව ලැබෙන තාක් මුදල් සොයා යන මෙවන් අපරාධකරුවන් මැඩලිය නොහැකිය.
මට කල්පනා වුණේ මෙහෙම නිලධාරියෙකුට මත්ද්‍රව්‍ය ඔට්ටුවක් දුන්නා නම්... ජීවිතය ඉවරයිනේ..!!!
වැටත්, නියරත් ගොයම් කා නම්..., කාට පවසන් මේ අමාරුව...!!!