(රංජන් කස්තුරි)
උපයනවිට ගෙවීමේ බද්ද ඉවත් කිරීමේ සහනය ජනතාවට හිමිවන්නේ ලබන ජනවාරි මාසයේ පළමු වැනිදා සිට බව මුදල් අමාත්‍යාංශය කියයි.
ජනතාවට ලබාදුන් සහන පැකේජයට අනුව උපයන විට ගෙවීමේ බද්ද ඇතුළු සෘජු බදු සහන ජනවාරි මාසයේ පළමු වැනිදා සිට ක්‍රියාත්මක බවද එම අමාත්‍යාංශය කියයි.
ඒ අනුව මසකට රුපියල් 250,000 දක්වා ආදායම් උපයන විට ගෙවීමේ බද්දෙන් නිදහස් වන අතර 250,000 කට වඩා වැඩි ආදායම් උපයන්නන් ආදායම් බදු ගෙවීමට යටත්වේ.
මේ අතර වැට් බද්ද ඇතුළු වක්‍රබදු අඩුකිරීමේ සහනය ඉකුත් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කර තිබේ.
COMMENTS
මට නම් හිතෙන්නේ මේක ඡන්ද ගුණ්ඩුවක්... මොකද ඕනෑම රටක ප්‍රධානම ආදායම් මාර්ගයක් වන්නේ මේ බද්දයි. ඒක දියුණුම රටවල්වලටත් පොදුයි. ඉතින් අපේ වගේ ආර්ථිකය වැටිලා තියෙන ණය කන්දරාවක් තියෙන රටකට මේ ආදායම නැතිවුණාම ඔලුව උස්සන එක පහසු නෑ.
මම නම් සත 5ක් වත් ලංකාවෙන් උපයන්නේ නැහැ... මාසෙකට ලක්ෂ 5ක් ජපානෙන් උපයලා ලංකාවට එවනවා. ජපානෙට පින්සිද්ද වෙන්න පවුලේ කට්ටිය ලංකාවේ බදු ටිකත් ගෙවලා කාලා ඇඳලා ඉන්නවා. ගොඩක් කොල්ලෝ කෙල්ලෝ රට ගිහින් ඉන්න හින්දා තමයි දැන් ටිකක් ලංකාව තත්වෙකට ඉන්නේ...
පැට්‍රල් මිල වැඩි කිරීමෙන් බදු පාඩුව මකා ගන්න. එය සාමාන්‍ය ජනතාවට පාඩුවක් නොවෙයි. සුපිරි කාර් බදු වැඩිකරන්න.