IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උප්පැන්න

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

උප්පැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනයේ "ජාතිය" සදහන් කිරීමට ඇති තීරුව හිස්ව තැබීමට  හෝ එම තීරුවේ "ශ්‍රී ලාංකික " ලෙස  සදහන් කිරීමට ඇති හැකියාව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (09) නීතිපතිවරයාට නියෝග කළේය.

තම දරුවාගේ උප්පැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනයේ  ජාතිය ලෙස" ශ්‍රී ලාංකික "යන්න  සදහන්  කරන ලෙස  කල ඉල්ලීමක් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා  ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව  නීතිඥ නුවන් බෝපගේ මහතා  ගොනු කල රිට් පෙත්සමක්  පිළිබඳව  කරුණු  සලකා බැලූ අධිකරණය මෙම නියෝගය කලේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි .

එහිදී  පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ  රොමේෂ් ද සිල්වා මහතා එහිදී සදහන් කලේ මෙරට තුළ  සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන්  නිරන්තරයෙන්  කතා බහට ලක්  වුවද උප්පැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනයේ ජාතිය  කුමක්දැයි සඳහන් කිරීම  මගින්  ජාතින්  ලෙස බෙදීමකට  ලක් කර ඇති බව ය.

ඒ වෙනුවට  එම තීරුවේ  ශ්‍රී ලාංකික ලෙස  සඳහන්  කල යුතු බවට ඒ මහතා  කරුණු ඉදිරිපත් කලේය.

එම කරුණු  සලකා බැලූ නීතිපති වරයා වෙත  ඉහත නියෝගය කළේය.

පෙත්සම පෙබරවාරි මස  17වැනිදා කැඳවීමට නියම කෙරිණ.

රජයේ නීතීඥ රජික අලුවිහාරේ  මහතා  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.



අදහස් (0)

උප්පැන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 204 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site