(ඉන්දිකා රාමනායක)
ගාල්ල මානවිල උපනන්ද ජාතික පාසලට බලෙන් ඇතුළුවීමට යාමේදී එහි රාජාකාරියේ නිරතව සිටි හමුදා සෙබළකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි යුද හමුදාව කියයි.
යුද හමුදාපතිවරයාගේ නියමයෙන් මෙම පරීක්ෂණ ආරම්භ කළ බවද හමුදාව පවසයි.
යුද හමුදා පොලිසියේ සාමාජියකු පෙරේදා දිනයේම සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළ බව හමුදාව සඳහන් කරයි.
යුද හමුදා පොලිසිය මේ වනවිට වෙඩි තැබූ හමුදා සෙබළාගෙන් හා සිද්ධිය වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි කිහිපදෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවද හමුදාව වැඩිදුරටත් පවසයි.
මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගාල්ල පිලාන පදිංචි උදය ප‍්‍රදීප් කුමාර (39) නැමැති හිටපු නාවික හමුදා සාමාජිකයෙකි.
COMMENTS
මම හිතනවා මේ හමුදා නිලධාරියා කලේ ඔහුට දුන්න රාජකාරිය . මිය ගිය පුද්ගලයා නාවික හමුදාවේ සිටි අයෙක් නම් ඔහු තුල මිට වඩා විනයක් තිබිය යුතුව තිබුණා .ඒ වගේම පාසලෙන් ආරක්ෂක නිලධාරීන් දැනුවත් කල යුතුව තිබුණා රෝගී වූ දරුවෙකුගේ නිවසෙන් කෙනෙකු එන්නට ඉඩ තිබෙන බව .යම් විදියකින් ඒ පුද්ගලයා දරුවන්ට අනතුරක් සිදු කල නම් එවිටත් වැරදි කරු වන්නේ මේ හමුදා නිලධාරියා ම ද ? ආරක්ෂාව කියන්නේ මොකක්ද? දැන් හරි ප්‍රශ්න ඉවරයි කිව්වම ඉවර වෙන තත්වයක් ද ? මම හිතනවා විදුහල්පති සහ ගුරුවරුන්ගේනුත් ප්‍රශ්න කල යුතුයි .
රටේ යුද්ධයක් නැති නිසා මෙවැනි හමුදා සාමාජිකයින් පාසල් මුර කිරීමට අවශ්‍ය නැහැ.