(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්වලට පක්ෂව කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ලබා දී ඇති බැවින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔවුන්ව අනිවාර්යයෙන්ම එම අමාත්‍ය ධූර වලින් ඉවත් කළ යුතු වුවත් , මෙතෙක් එය සිදු වී නොමැති බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.
අදාළ පෙත්සම් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥවරයා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කළ සෑම අවස්ථාවකදීම අදාළ අමාත්‍ය ධූර වලින් ඉවත් කළ බවත්ය.
ඒ අනුව 1947 වසරේදී රජයේ අයවැය විවේචනය කළ අමාත්‍ය එම්.ඩී.එච්.ජයවර්ධන මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බවත් , දිවංගත හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති විවේචනය කළ ලලිත් ඇතුළත්මුදලි , ගාමිණී දිසානායක සහ ජී.එම්.ප්‍රේමචන්ද්‍ර ඇමතිවරුන් ඔවුන්ගේ ධූර වලින්ද ඉවත කළ බවට දේශපාලන ඉතිහාසයේ කරුණු ඇති බවද ජනාධිපති නීතීඥ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එහෙත් මෙවර යුගදනවි බලාගර කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරී සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කළ අමාත්‍යවරු තිදෙනෙකු අධිකරණයට දිවුරුම් ප්‍රකාශ ලබා දී තිබියදීත් ,ඔවුන්ව මේවනතුරුත් කැබිනට් අමාත්‍ය ධූර වලින් ඉවත් කර නොමැති බව ද ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පැවසීය.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ,සමගි ජන බලවේගය , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ පළමු වරට සලකා බැලීම සදහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් , විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්. ටී.බී.දෙහිදෙනිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවිණි.
2025 නොවැම්බර් මස 04
263
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2105
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1608
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උදය , වාසු , විමල් ඇමති ධූර වලින් ඉවත් කළ යුතුයි
අගුපිලගේ Thursday, 16 December 2021 07:03 PM
කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම් කැඩු නිසා ඉවත් කරන්න කියන්නෙ අතීතයේ එහෙම කල නිසාලු.මම හිතන්නේ කැබිනට් එකට වඩා රට රැකීම වැදගත් කියලා ,මෙතැනදි සොයන්න ඕන ඇයි මොවුන් එහෙම කියන්නෙ කියලා සමහර විට මණ්ඩලයේදී මොවුන්ට අදහස් ඉදිරිපත් කරන්න නුදුන්නා වෙන්න බැරිද, කොහොම වුනත් ඉවත් වෙලාම විරෝධය කලානම් හොදයි
fairoos Thursday, 16 December 2021 08:29 PM
තුන්දෙනාටම ලැජ්ජා නැතිකම තමයි.. හරිනම් ඉල්ලා අස්වෙන්න ඕනේ...!
leel gunawardena Friday, 17 December 2021 12:24 AM
මේ අය එක වල්ලෙ පොල්. දැන් දැන් එක එක බිමට වැටෙනවා...
චන්දන Friday, 17 December 2021 07:40 AM
ඒක වෙන්නේ කෙහොමද . පාර්ලිමේන්තු ගිහිල්ලා ඕන කෙනෙක් කියන දේකට යර්ස් කියන්න ඕන නැහැ. වැරැදි දේට වැරදි කියල කියන්න කොන්ද පන තියෙන්න ඕන . එවැනි අය සිටිය යුතුය .
GEMUNUFriday, 17 December 2021 12:40 PM
මම සම්පූර්ණයෙන්ම එකඟයි. මෙතැන වැදගත්ම කරුණ නම් මේ ඇමැතිවරු තුන්දෙනාම වැඩකරන්නේ මේ පෙත්සමට පක්ෂව. එහෙනම් ඇයි කාදිනල්ගේ නීතීඥවරයා ඔවුන් ඉවත් කරේ නැතිබව ඉස්මතු කරන්නේ..? ඒ මිනිස්සු ඇමැතිකමේ හිටියාම ඒක මේ නඩුවට අදාල වෙන්නේ කොහොමද?
විමර්ශන Friday, 17 December 2021 12:39 PM
ජනතාවටත් මොළේ තියනවා නම් තේරුම් යයි මේ රටේ වහල් ඇමතිලා කව්ද කියලා. පාර්ලිමේන්තු නියෝජිතයින් ඉන්නේ ජනපති වහල්කමට නොවේ. ඔවුන් රටේ ප්‍රශ්න ජනතාව වෙනුවෙන් විවෘතව කථා කළ යුතුයි. විරුද්ධ මත යනු විනිවිද භාවය වැඩි කරන්න උදව් වෙන සාධකයක්. මෙහි ඉන්න සමහර වහල් ඇමතිලා වැස්සකටවත් ඉස්කෝලෙ ගියාද සැකයි. නැතිනම් මනුස්ස ආත්මයක් ලබලා මේ තරම් සපත්තු ලෙවකයිද? මේ තුන් දෙනා මේ වෙලාවේවත් ජනතා නියෝජිතයන්ගේ කාර්යය කරන එක සුබවාදීව බලන්න ඕනේ...