
(නිමල කොඩිතුවක්කු සහ සුජිත් හේවාජූලිගේ)
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි සමගි ජනබලවේගය ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව අද(22) පෙරවරුවෙහි කථානායකවරයාට භාර දෙනුු ලැබීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ විපක්ෂ නායක ලේකම් නීතිඥ රවි ජයවර්ධන යන මහත්වරු මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාර දෙනු ලැබූහ.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ඉකුත් බදාදා (16) වනදා ආරම්භ කෙරිණි.
ඒ සඳහා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පක්ෂ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන් සහ පක්ෂ නායකයන් ඇතුළු මන්ත්‍රීවරු 43දෙනෙක් ඒ සඳහා අත්සන් තැබූහ.
විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාර දීමෙන් පසුව දින පහක් ඇතුළත එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු බව ද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
COMMENTS