(නිමන්ති රණසිංහ)
අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ උදයංග වීරතුංග මහතා 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (14) නියෝග කළේය.
උදයංග වීරතුංග මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)




COMMENTS
හිනහ යනවා මේ රඟපෑම් වලට... අතට වළලු දැම්මා, දැන් යහපාලනේ පළිගැනීම් ගැන කියලා ඡන්දය ගන්න පුළුවන්. මට මතක් වුනේ මොකෙක්ද නිවේදකයෙක් අස් කළා කියලා නාහෙන් අඬලා මාතරින් ලිස්ට් එකේ පළමු තැනට ආපු එක... මේ උන්නැහේටත් එ්කම කරත හැකියි.
අප්පට සිරි අඳුනා ගන්නත් බෑ. අදහා ගන්නත් බෑ.
අප්‍රේල් මාසය ඉවර වෙනකොට මෙයා කොහේ ඉඳීවිද? මිනිස්සු ආයෙත් රැවටුණා...
හිඟන්නෙක් වගේ... පව් අනේ. මේ ඔය කියන හොරා නොවෙයිද දන්නෙත් නැහැ. මේ ගොල්ලෝ ඔය පාරේ ඉන්න හිඟන්නෙක් කලිසමක් අන්දලා ගෙනාවද දන්නෙත් නැහැ...
මගේ නම් හිත උණුවුණා මේක දැකලා….. හැබෑට නොදන්නාකමටයි අහන්නේ, මේකත් අර මේ ඡන්ද ගුණ්ඩුවක්ද ?
මහින්ද මහත්තයාගේ රාජතාන්ත්රිකයෙක්.
අත් දෙක උඩට උස්සල පෙන්නන්නේ නැතෙයි? එහෙම තමයි කරන්න ඕනේ...
ඉවසන්න තව මාස 02යි.
ටික දිනකට නාට්‍යක්.
සැඟවී ඉන්නේ මොකටද අපි ඔහුව නිත්‍යානුකූලව නිදහස් කරමු. එක පැත්තකින් ඉදිරි මැතිවරණයේදි රජය හොරු අල්ලන බවට වාසියක් ලබන්න පුළුවනි. මැතිවරණයෙන් පසු එය යහපාලනයේ දේශපාලන පලිගැනීමක් වී ඔහු නිදහස් වෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ප්‍රථම මෙයාව අත්අඩංගුවට නොගත්තොත් රජය එයටද ජනතාවට පිළිතුරු දියයුතු වෙනවා. මේක උවමනාවෙන්ම අත්අඩංගුවට පත්වීමක්. එයා නිදහස් වෙන එකත් සිකුරුයි. රන්ජන් රාමනායක කිවේ ඇත්තකි. " හොරු කවදාවත් මල්ලි හොරැන්ව හිරේ දමනවාද?" ගිනි අවිය නැවත අළුත් නොකිරීම සහ හඬ පටි සංවාදවලට හිරේ යන හැටිත්, පට්ට හොරු නිදහස් වෙන හැටිත් අපි බලා සිටිමු.
ඉදිරි ඡන්දය වෙනුවෙන් හොදම කැරට් අලයක්. මෙතෙක් කල් කට්ටි පැනලා දැන් එන්න මතක්වුනේ මොකද?
පුතනුවනි බිය නොවනු. වැරදිකරු වී හිරේ සිටි පියානෝ අද සිටින තැන අනුව ඔබ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු යනවා. නැත්නම් නැවතත් මහ කොමසාරිස් . ( වන්දිත් සමගම ) අන්න එය තමා අපි රටක් හැටියට පැතූ වෙනස . තව අඩු 2/3 බලය විතරයි. ඒකත් රනිල් සහයෝගය දුන්නොත් බොහෝ දුරට ගොඩ. ලෝකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි.
මේවා නාටක, ඕන ඔට්ටුවක් අල්ලනවා ... හොරකම් කළත් හිරේ යන්නේ නෑ. කව්ද ඔට්ටුවට එන්නේ...?
අයියා මල්ලී ගැටුමේ ගොදුරක්ද ? නැතිනම් ඡන්ද ගන්න වැඩක්ද ?
බය වෙන්ඩ දෙයක් නැහැ. බලය තියෙන නිසා ඉක්මනින් නිදහස් කරාවි. ඔහොම දේවල් ද මීට කලින් සිද්ද වූනේ?
අනේ තවත් ගේමකට වගේ ආරාධනා.
ඡන්දෙ අභියස ජනතාව රවට්ටන තව ජවනිකාවක් මේ. මෙයාව අල්ලගන්න බැරිව ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබුනා, එහෙම කෙනා කටුනායකට දැන් එන්නේ අත්අඩංගුවට ගන්නමද? ඔය මිග් ගනුදෙනුවේ මෙයා අතරමැදියෙක් ඔකේ එක කෙළවරක ඉන්න ප්‍රධානම චරිතයක් අද රටේ ලොකු පුටුවක ඉන්නේ. ඒ පුද්ගලයාව මේ කපේදී කිසි විටෙක අත්අඩංගුවට නම් පත් වෙන්නේ නැහැ.
හිරේ දාන්න නියම කිරීම නම් හොඳ වැඩක් නොවේ.
හිරේ විලංගුවේ වැටෙන එක බලපෑම් කරලා නවත්ත ගත්තත් මේවගේ හොරකම් ඉතිහාස ගත වෙනවා.
මීයෙක් බළලාගේ උකුලට පැන්නේ බෙල්ල හපනබව නැතිවද දන්නේ මීයගෙ වෙලාව ඇවිදින් වැන්නේ බළලා මැටි වූ බව තේරෙන්නේ
හරියට රන්ජන්ගේ සහෝදරයෙක් වගේ.
කවුද එන්න කියලා කිව්වේ.
මේවා ඔක්කොම මහජනතාව රැවටීම පිනිසයි. ඡන්දය ඉවර වූන ගමන් නිදොස් කොට නිදහස් කරන ලදී.
මේ මනුස්සයා සෑහෙන්න වෙනස්වෙලා නේ. ප්‍රශ්න නිසා වෙන්න ඕනි.
මහින්ද චින්තනයේ රාජතාන්ත්රිකයක්.
මේ රංගන වලටත් වියදම් වෙන්නේත් අහිංසක ජනතාවගේ සල්ලි. ඒ නිසා ඔයාව ඉක්මනට නිදොස් කොට නිදහස් කළොත් කීයක් හරි ඉතුරු වෙයි. කොහොමත් අන්තිමට වෙන දේ. ඊයේ මම කියපුදේ වැරදියට තේරුම් ගෙන තිබුනා. සමාවෙන්න.
ගහපු ගැහිලි වල හැටියට දවස් 03 ක් විතරද ? "හොරකම කරනවානම් ලොකුවටම කරන්න .. එවිට ගැලවීමේ සම්භාවිතාවය ඉතා ඉහළය.
මෙන්න ප්රවෘත්ති......
හරියට දැන් වැලිකඩ ඉන්න රන්ජන්ගේ අයියා වගේ මට නම් පෙන්නේ.
මෙයා හිගන්නෙක් වගේනේ......අර කෝටි ගණන් හොරකම් කරපු සක්විති වගේ.
ඇඳලා ඉන්න කලිසම නම් වටිනා වර්ගයක එකක වාගෙයි.
මෙච්චර කල් හැංගිලා ඉඳලා දැන් ලංකාවට එන්නේ රාජපක්ෂලා බලයේ ඉන්න නිසා. නැත්නම් මෙයා බබෙක් ද? දැන් අපි බලමු ලක්ෂ 69 ක් ඡන්දෙ දුන්න වීර ජනපති මොකද කරන්නේ කියලා.
දැන් අලුත්ම නාට්ටිය උදයංග වීරතුංග ද ...?
මහජන මුදල් කොල්ලකන අයට විලි ලැජ්ජාවක් නෑ.
නීතියෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඔබ නිදහස ලබා ගත්තත්, සැබෑවටම වරදක් කර ඇත්නම් ඔබේ හෘද සාක්ෂියෙන් නම් කිසිදා සමාවක් ලැබෙන්නේ නැත. දිට්ටධම්මවේදය අප හැමෝටම පොදුයි. ඔබගේ අවස්ථාවත් ඉක්මනින්ම උදාවෙයි. එදාට ඔබ වෙනුවෙන් හඩක් නගන්නට කිසිවෙකුත් නැත.
17 සඳුදා උදේ ඇප. සවස ටීවී නාලිකාවක සාකච්ඡාවක්.
මමත් ඔය කියන එක විස්වාස කරනවා. ඒත් කාටද සහෝදරයා එහෙම වෙලා තියෙන්නේ.
දැන් ඉතින් බයවෙන්න දෙයක් නෑ. ඉදිරිපත් වෙලා ඇත්තම කිව්වත් කරන්න දෙයකුත් නෑ. ඇයි ඉතින් ජනාධිපතිට එරෙහිව නඩු දාන්න බැහැනේ. මේකත් අනිත් නඩු වගේම අවුරැදු ගානක් ඇදි ඇදී යයි. අන්තිමේදී ලිපිකරු මට්ටමේ කෙනෙක් වැරදිකරු වෙයි.