(ටී.කේ.ජී.කපිල)
මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පිට, ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලැබ සිටි, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද(14) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්.- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
COMMENTS
අද අත්අඩංගුවට.... ඡන්දෙ දිණුවට පස්සේ නිදහස් වෙයිද?
හොදයි ඉක්මනට මේක නිදොස් කර ඉවර කරනවානම්. ජනතාවගේ සල්ලි?
ලොක්කගේ ඥාතියා. හැරුණු තැපෑලෙන් නිදහස්.
ජයවේවා... 69 ලක්ෂෙ අපේ අනාගත ප්‍රාර්ථනාව... ඊළඟ ඡන්දෙට රට දිනවන අපේක්ෂකයා. ජයවේවා !!! යන විදිහට ඒකත් වෙයි.
ranjith, කියන්නේ මිග්වලට දුන්න සල්ලි ගැන නේද.
ඔවු දැන් ඉතින් කාට බය වෙන්නද?
ටික දවසකින් පස්සේ ආපහු පරණ තානාපති කම ම දේවි, ආපහු පරණ සෙල්ලමම පටන් ගනීවි , කොමිස් කුට්ටි වලින් හතරවරිගේම එතෙර කර ගනීවි.
නාම යෝජනා භාරදෙන්න වෙන්න ඇති එන්න කියන්න ඇත්තේ.
එතකොට රංජිත් මහත්තයො, මිග් යානාා ගනුදෙනුවෙන් ගේම දුන්නෙ අපේ සල්ලිවලට නෙවෙයිද. ඔය එක එක ජාතියේ වීරවරයෝ ගේම දෙන්නෙ අපේ සල්ලිවලට.
තවත් ඇස් බැන්දුමක්. දින කීපයකින් මෙයා නිදහස්! කාටද ආඩම්බර?
දවල්ට ඇප.
ෆිල්ම් එක පටන් ගත්තා.
රටේ නිතිය ගැන පුදුම පැහැදීමකින් ඇවිත් බාරවෙන්න ඇත්තේ
මෙන්න 69 ලක්ෂයක ඡන්ද ප්‍රතිපල.
ඇයි දැන් ආවේ ? මෙච්චරකල් ඇයි නාවේ? කවුද මල් මාල දැම්මේ ?
අපි පොඩි ඔට්ටු සෙල්ලමක් කරමු ..පැය කීයකින් ඇප දෙයිද ..?? කට්ටිය ලන්සු තියන්න බලන්න ...
හදිසියේ ඇති වූ අසනීප තත්වයක් නිසා බන්ධනාගාර රෝහලට ඇතුලු කරන ලදී.
හරිම හාස්‍යජනකයි, මහා බලසම්පන්න රුසියන් පොලීසියටවත් අත්අඩංගුවට ගන්න බැරි වුන, ජාත්‍යන්තර පොලීසියකටත් අත්අඩංගුවට ගන්න බැරි වුන, ඒත් මෙන්න හිටපු තානාපතිතුමා ස්වේච්ඡාවෙන් ම ලංකාවට එනවා අත්අඩංගුවට ගන්න නියෝගයක් ගුවන්තොටුපොළේ තියෙන බව දැන දැනම ඇයි ඒ?
අර්ජුන් වත් ඔය විදියට ගෙන්න ගමු. ජයවේවා !
අලුත් නාටකයක්
තවත් නාට්‍යයක් පටන් ගත්තාය.
බැසිල් වැඩේ සෙට් කරන්න ඇති. නඩුව වැරදි විදිහට ෆයිල් කෙරුවා කියලා නිදහස් කරාවි.
කුණු සේරම එක තැන ගොඩ ගැහැන හැඩයි.
හඬ පට ජවනිකාව අවසන් විය. කොරෝනා අවසන් විය. දැන් උදයංග ජවනිකාව පටන්ගතාය.
ආවේ බිස්නස් ක්ලාස් ද ? මේවා පෙන්නලා ජනතාව රවට්ටන්න බෑ
තවත් මාද්‍ය සංදර්ශනයක්. ඔන්න අයට තිබුන සියලුම ප්‍රශ්න අමතක කරන්න පුළුවන්.
දැන් ඉතින් ඔප්පු කරලා පෙන්නයි මිග් ගනුදෙනුවේදී කව්රුත් හොරකම් කරේ නැහැ කියලා.
ඔය එන්නේ පරණ නාටකය ආපහු පටන්ගන්න වගේ. ඔක්කොම හොරු ටික එකා දෙන්නා ආපහු රඟ මඩලට. 10% විතරක් තාම තිරය පිටපස. අමතක උනා. මාසෙකින් එකහාමාරකින් තමා මුහුරත් උළෙල තියෙන්නේ. ප්‍රසිද්ධ රඟ මඩලට එළි දැක්වෙන්නේ ඊටත් පස්සේ නේද? ප්‍රේක්ෂකයිනි, අලුත් නාටකය රඟ දක්වනතුරු ඉවසිල්ලෙන් බලා ඉඳින්න.
දැන් පෙන්වනවා අලුත්ම නාටකය. අදම නරඹන්න. පවුලේ අය රඟපාන අලුත්ම පවුලේ ඉදිරිපත් කිරීම. නිදොස් කොට නිදහස් කිරීමට පෙර නරඹන්න.
හැමදේම ගානට සැලසුම් කරලා එන්න කියල සියලුම චෝදනා වලින් නිදහස් කරලා දමාවි.
සැරද ගරු මැතිඳ ... අප මාතෘභුමියේ භෞමික අඛණ්ඩතාව, නීතියේ ආධිපත්‍ය සහජීවනය, දුක්විදින ජනතාවගේ සදාකල් අරගලයේ ජයග්‍රහණය උදෙසා ද වූ අරකද මේකද එකී නොකී සේරම වෙනුවෙන් දිවි පරදුවට තබා ඉන්ටර්පෝල් නම් අධිරාජ්‍යවාදීන්ගේ කනෙන් පමණක් නොව අනිකුත් තැන් වලිනුත් රිංගා මෙලකට සැපත් වූ ඔබ සදාකල දිනේවා.
බය වෙන්න එපා එයත් දින 14 නිදහස්. එක කෝල් එකයි. සියළු ආයතන දැන් ස්වාධීනයි. ජනතාවට අබ සරණයි.
ෆිල්ම් එක පටන් ගත්තා.
කුමක්ද වෙන්නේ කියල තව මාස තුන හතරකින් බලාගන්න පුළුවන් , මහාපරිමාණ ලෙස මහජන මුදල් අවභාවිත කරපු කිසිවෙකු තවම දඩුවම් ලැබුවේ නැහැ , තත්වය එහෙම තිබෙනකොට මොහුට දඩුවම් ලැබේවි කියල හිතන්න බැහැ
මෙය මෙගා ටෙලියක් නොවේ. කොටස් 2 ක් හෝ 3 කට පමණක් සීමා වෙනු ඇත. ඉන් පසු "සමාප්තයි" තිරයේ දිස්වෙනු ඇත.
ඔන්න දැන් බලාගන්න පුළුවන් ලක්ෂ 65ක් චන්දෙ දුන්න වීරයාගේ වැඩ. තවත් එක නළුවෙක් ද? නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන නායකයෙක් ද කියලා.
අයියටයි මල්ලිටයි රට බර ගත්තා විතරයි සේරම හොරු මිනීමරුවෝ කැමැත්තෙන් බාර වෙනවා නේද ? මේ කරන නාඩගම් ජනතාවට තේරෙන්නේ නැහැ කියලද හිතන්නේ ? පිරිත් කියන්න හාමුදුරුවෝ අවේ නැත්ද? සේරම සිංහලයින් රට කරන්න ඕන කියලා හොරු ටිකට රට බාර දෙන්න හාමුදුරුවනේ අඩියෙන්අඩිය. පන්සල් හදල. මහා පරිමාණයෙන් ආදරයක් ලැබුනම ඇති. හාමුදුරුවරු හිතන්නේ. හොරකම් කරලා පන්සල් අවම බුදු දහම රැකෙනවා කියලා. ඊලග දේව සාපේ ලැබෙන්නේ ලංකාවට දෙවියන් රවටනවට. දැන් නායකයෝ දෙන්නා මස්සිනා වෙනුවෙන් පෙනි සිටියි. කෝටි ගණන් ගහපු සල්ලි බෙදා ගත්තනේ. මේ අයට තුනෙන් දෙකේ බලය තියා පොඩි බලයක්වත් දෙන්න එපා. රට නැත්තටම කාලා මෙදා සැරේ යන්නේ.
චෝදනා තියෙන මිනිස්සු තමුන් බලේ ඉන්න නිසා හිමින් සැරේ ගෙනැල්ලා ඇප දීලා පස්සේ නඩුව හිමිහිට ලිස්සලා යවනවා. කොහොමද ටිකිරි මොළේ
දැන් රතු නිවේදන තියෙන මිනිස්සුත් ලංකාවට කැමැත්තෙන් එන වාතාවරණයක් තියෙන්නේ
ඔහු ආවත් වැරදි ආණ්ඩුවය. ඔහු නාවත් වැරදි ආණ්ඩුවය. වැස්සත් වැරදි ආණ්ඩුවය, නොවස්සත් වැරදි ආණ්ඩුවය.
රෝහලට ඇතුල් වෙන්න පහසුකම් ඔක්කොම සූදානම් ඇති! හැදෙන්න ඉඩ තියන ලෙඩවලට ප්‍රතිකාර ගන්න...!
ඔන්න අලුත් නාඩගම පටන්ගත්ත පරණ මගඩිය වසා දමන්න. මූව නම් පණපිටින් හම ගහන්න ඕනේ...
හොඳම විහිළුව.
කට්ටි පැන පැන හිටපු එකා... මොකද දන්නේ නැහැ හිටපු ගමන් කඩා පාත් වුනේ... අනුමානයක් නැහැ අලුත් ජවනිකාවකට වගේ. බය වෙන්න දේකුත් නැහැනේ... බලයේ ඉන්නේ තමුන්ගේම අයනේ...?
මෙතන දාපු කමෙන්ට්ස් දිහා බැලුවම මට නම් පේන්නේ අපේ මිනිස්සු නන්නත්තාර වෙලා කියලා. මෙතෙක් කල් කිව්වේ රාජපක්ෂලා මෙයා රකිනවා.. ලංකාවට ගෙන්නන්නේ නැහැ කියලා. දැන් ඇවිත් ඇරෙස්ට් කළාම ඒකත් දකින්නේ නුහුරට... නමුත් ගෝඨා තවම පීල්ලේ නිසිලෙස යනවා කියන එක අපි දකිනවා...
වීරතුංග මහත්තයාගේ තත්වය සොයා බැලීම සඳහා ආණ්ඩුවේ බලවතෙක් තමන්ට "හිතවත් නිලධාරීන් කිහිපදෙනෙක් යොදවා ඇති අතර කිසිඳු ආකාරයක බිය වැද්දීමකින් තොරව ඔහුගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස නියෝග කර තියෙන බවත්" වාර්තා වෙනවා...
පොල් ජෝක් මේවා...!!!
රාජපක්ෂලාගේ 2020 අති දැවැන්ත සිනමා නිර්මාණය... උදයංග වීරතුංග... සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන්න. අවශ්‍ය සියලු පිඹුරුපත් සකස් කර අවසන්... අබරන් සීයේ මෙන්න වැඩක්...!!!
අන්තිම පුවත... දැන් තව සතියක් ඇද්දහැකි...
ජයමහ.. නිදහස් දුමින්ද සිල්වා... උදයංග, සියලුදෙනා නිදහස් විය යුතුව ඇත...
මීළඟ ගුවන් යානයේ එන්නේ මහ බැංකු ඩීලර් වන අර්ජුන් මහේන්ද්‍රන්ද කියා ජනතාව කට ඇරගෙන බලා ඉන්නවා. ඡන්දෙ ළඟනිසා මෑන් සමහරවිට ඉක්මනට ගොඩ බහින්නත් පුළුවන්...!!! ඡන්ද ගුණ්ඩුවල සීමාවක් නැහැනේ කියා මගේ සීයා කියනවා.
හැකියාව සහ නොහැකියාව !
කොන්ඩේ බැදපු චීන්නුන් මේවා හොදයි. මහ මැතිවරණය දිනන්න දාන තුරුම්පු මේවා.