ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හිදී අද (22 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 16 ක පරාජයක් උරුම විය.

වැඩිදුර තොරතුරු සඳහා http://tinyurl.com/y4nzouwe වෙත පිවිසෙන්න.
- 036

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසුරු උදාන, අසේල ගුණරත්න , ජීවන් මෙන්ඩිස් , සික්කුගේ ප්‍රසන්න වැනි ක්‍රීඩකයන් අර ඉස්සර සනත් - කළු ගේ ස්ථාන වලට දැම්ම නම් මුල් ඕවර වලදී වැඩිපුර ලකුණු ටිකක ගහගන්න පුළුවන්, මේ ක්‍රීඩකයන්ට පන්දු යවන්නත් පුළුවන්. ඊට පස්සේ අර පුහුණුකරු වෙනුවන් ගහනවා කිව ලෝක පුජිත ක්‍රීඩකයන්ට ඉතුරු ටික ටෙස් තරඟයකට ක්‍රීඩා කරනවා වගේ හෙමින් හෙමින් ලකුණු ටිකක් ගහගන්න පුළුවන්, මේ පුහුණුකරු කොහොමත් ගෙදර යවන්න වෙනවා. එතුමා හැමදාමත් වැඩ බැරි පිතිකරුවන්ට එක්දින පිටියේ ස්ථානය දෙනවා. කුසල් මෙන්ඩිස් , චන්දිමාල් වැනි ක්‍රීඩකයන් ටෙස් ගහන්න නම් හොඳය. එක්දින සහ 20-20 මෙගොල්ලට බැරිය , උපුල් තරංගට අන්තර් සමාජ ක්‍රිකට් පුළුවන් වුනාට ජාත්‍යන්තර ක්‍රිකට් දැන් බැරිය.
අලුතෙන් ආව හෝ බොහෝ වෙලාවට නැවත කැදවීමක් ඉසුරු උදාන ඉස්සෙල්ලම ආවේ 2009. ලැබුනු ගමන් ලකුණු හෝ කඩුලු ලබා ගැනීම සාමාන්‍යයෙන් වෙන දෙයක්. එම රිද්මය දිගටම රදවගන්න බැරි වෙන්නේ අනිත් කණ්ඩායම් මේ ක්‍රීඩකයන්ගේ දුර්වලතා හදුනාගෙන ඉක්මනින්ම දවා ගැනීම. උදාහරණයකට චන්දිමාල් ආපූ මුල් කාලේ හොදටම ටෙස්ට් වල සෙල්ලම් කරා. මෑතදී අපි දැක්කා තිසරත් විශාල ලකුනු වලට යනවා නමුත් මේ සිරීස් එකෙදී නැවතත් අසාර්තකයි. මේකට මූලික හේතුව ක්‍රීඩකයෝ ඉක්මනින් දුර්වලතා හදා නොගන්න එක සහ ඒවා හදා නොගන්න එක උනන්දුව නැතිකම වෙන්නත් පුලුවන්. අනික පුහුණුකරුවන් වුනත් කොච්චර කියලා දුන්නත් හැදෙන්නේ නැති කෙනා කොහොමත් හැදෙන්නේ නෑ නේ. 2014 සිට කොච්චර පුහුණුකරුවෝ සිටියද !
ඉසුරු උදාන සමග අසේල ගුණරත්න එකතු වුනානම් කොහොමට තියෙයිද? අසේලට කරපු වැඩේ උදානට කරන්න එපා.
දැන් නම් අපේ ටීම් එක ටුවරිස්ට්ල ටිකක් වගේ. රට රටවල සංචාරය කරනවා මිසක් කරන වැඩක් නැහැ. හෙට අනිද්දා දඹදිවත් යැවුවොත් හොඳයි. මොකද සමහරු ඉන්නේ ඒ වයසෙනේ.
පුතේ නුබට අපගේ උණුසුම් සුබ පැතුම්!! නුබගේ පිතිහරබය විශිෂ්ටයි. තරගය පැරදුනත් හාදයොන්ට රිදෙන්න ගහපු ගැහිල්ල අපගේ සිත්වල නොමැකෙනු ඇත. අහිංසක රටවැසියන්ගෙන් අද දින තරගය වෙනුවෙන් නුබ ලබාගත් සෑම ශතයක්ම නුබට ප්‍රයෝජනයක් වේවා යන්න අප හදවතින්ම ප්‍රර්ථනා කරන්නෙමු. තමන් උපන් මව්බිම වෙනුවෙන් තම යුතුකම් ඉෂ්ට නොකරන්නේ කවුද ඔහු වැඩි දුර නොයනු ඇත.