IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


උද්ධමනය තවත් ඉහළට

(055 සහ යොහාන් භාසුර)

නොවැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 2.3කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව ඉකුත් ඔක්තෝබර් මාසයේ දී පැවැති සියයට 7.6ක පැවැති මෙරට උද්ධමනය නොවැම්බර් මාසයේ දී සියයට 9.9 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මෙලෙස ඉහළ ගොස් තිබේ.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස ඔක්තෝබර් මාසයේ දී සියයට 4.8ක්ව පැවැති අතර එය නොවැම්බර් මාසයේ දී සියයට 5.3ක් දක්ව ඉහළ ගොස් ඇත.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මෙලෙස නොවැම්බර් මාසයේ දී උද්ධමන ඉහළ යෑමට හේතු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉකුත් ඔක්තෝබර් මාසයේ දී සියයට 12.8ක් ලෙස දැක්වුණු අතර නොවැම්බර් මාසයේ දී එය සියයට 17.5ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී සියයට 5.4ක් වූ අතර නොවැම්බර් මාසයේ දී සියයට 6.4ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද මහ බැංකුව කියයි.

මේ වසරේ නොවැම්බර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස සියයට 2.3 (2.57) ලෙස වාර්තා වූ අතර මේ සඳහා ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකේම අයිතමවල මිල ගණන් වැඩි වීම හේතු වී තිබේ. ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන් සියයට 1.76කින් ද ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන් සියයට 0.81කින් ද ඉහළ ගොස් තිබේ.

මේ අනුව නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩය තුළ එළවළු, සහල්, කිරිපිටි, ලොකු ලූණු, කුකුල් මස්, මාළු (නැවුම් මත්ස්‍ය)වල මිල ගණන් ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව කියයි. ආහාර නොවන කාණ්ඩය තුළ ප්‍රධාන වශයෙන් නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන (එල්.පී.ගෑස්, නඩත්තු කටයුතු,/නැවත ඉදිකිරීම්) සහ විවිධ භාණ්ඩ සහ සේවා (කොණ්ඩය කැපීම සහ රැවුල බෑම) යන උප කාණ්ඩවල අයිතමවල මිල ගණන් ද නොවැම්බර් මාසයේ දී ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.

මේ අතර වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී පැවැති සියයට 6.3 සිට නොවැම්බර් මාසයේ දී සියයට 7ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී පැවැති සියයට 3.6 සිට නොවැම්බර් මාසයේ දී සියයට 4ක් දක්වා ඉහළ ගොස් ඇත. 



අදහස් (2)

උද්ධමනය තවත් ඉහළට

sharm warn Wednesday, 01 December 2021 12:13 PM

අර සල්ලි අච්චු ගහපු මහා මොල කාරයා කිව්වා නේද උද්ධමනයක් වෙන්නේ නැහැ කියලා..දැන් මොනවද මේ කියන්නේ ?

:       0       7

Lionel Wednesday, 01 December 2021 02:14 PM

සතුටුයිද දැන් හැමදේම ඉහළ යනකොට?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 227 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 281 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1197 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site