IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


උතුරේ ස්ථාන කිහිපයකින් සැකකටයුතු පුද්ගලයෝ 20 ක් අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)
 
රට තුළ පැවති වතාවරණය හේතුවෙන් උතුරු පළාතේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති අතරම සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් 20 කට අධික පිරිසක් ගෙවී ගිය දින දෙකක කාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇති බවට උතුරේ ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

මේ අතර වන්නි යුද හමුදා බුද්ධි අංශ වෙතට ලැබුණු තොරතුරකට අනුව වවුනියාව නගරයේ සියලුම වෙළඳසැල් වසා දමා නගරයේ සියලුම ස්ථාන හා පුද්ගලයින් සෝදිසි පරීක්ෂාවකට ලක්කෙරිණි.

එහිදී වව්නියාව නගරයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් 10 දෙනෙකු ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගෙන වව්නියාව පොලීසිය වෙතට බාරදීමට පියවර ගෙන ඇත.

යාපනය දිස්ත්‍රීක්කයේ දී සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී ද සැකකටයුතු පුද්ගලයින් 7 දෙනෙකු ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගෙන ඉන් 6 දෙනෙකු මුදා හැර ඇති අතර එක් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේද යුද හමුදාව විසින් පසුගිය දින කිහිපය තුළ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කිලිනොච්චිය පොලීසිය වෙතට බාරදීමට පියවර ගෙන ඇත.

මේ අතර උතුරු පළාතට ඇතුළු වන හා උතුරෙන් පිටවන සියලුම වාහන පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමට උතුරේ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන අතර ඒ සඳහා යුද හමුදාව, නිවාක හමුදාව හා පොලීසිය විසින් ස්ථාන කිහිපයකදී හදීසි සෝදිසි මුර පොළවල් යෙදීමට පියවර ගෙන ඇත.



අදහස් (0)

උතුරේ ස්ථාන කිහිපයකින් සැකකටයුතු පුද්ගලයෝ 20 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 396 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 556 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site