IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


උතුරේ පක්ෂ පහේ යෝජනාවලිය දේශපාලන නාඩගමක්

(එෆ්.අස්ලම්)

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය කිසිදු ජනපති අපේක්ෂකයකු පිළිනොගන්නා බවත් මෙය දෙමළ ජනතාව රැවටීමේ නාඩගමක් සේ දකින බවත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වී.ආනන්ද සංගරි මහතා අවධාරණය කර සිටීයි.

ෆෙඩරල් විසඳුමක් නොදෙන බවට හා ඒකීය රාජ්‍ය සංකල්පයෙන් බැහැර නොවන බවට ජනපති අගමැති ප්‍රමුඛ රජයත් දකුණේ දේශපාලන නායකයිනුත් පුන පුනා ප්‍රකාශ කර තිබියදීත් මේ ආකාරයේ යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත්තේ දෙමළ ජනතාව ඉදිරියේ ඔවුන් වෙනුවෙන් කැපවෙන නියෝජිතයන් බව පෙන්වීමේ අරමුණින් යැයි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ තවදුරටත් සදහන් කර සිටී.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම,ඒකීය රාජ්‍ය සංකල්පයෙන් බැහැර ෆෙඩරල් විසදුමකට බලකිරීම ඇතුළු ඉල්ලීම් 13ක් ඇතුළත් කරමින් උතුරේ දේශපාලන පක්ෂ පහක් විසින් අත්සන් කර ඇති ගිවිසුම පිළිබඳ අද (21) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සංගරි මහතා මේ බව අවධාරණය කළේය.

එහි වැඩිදුරටත් මෙසේ සදහන් කර ඇත.

දෙමළ දේශපාලන පක්ෂ පහක් එක්ව ඉදිරිපත් කර ඇති යෝජනාවලියෙහි ඇති ඉල්ලීම් කිසිදු ජනපති අපේක්ෂකයකුට පිළිගත හැකි ඒවා නොවෙයි. ඒ බව දැන දැනත් තමන් දෙමළ ජාතිකත්වය වෙනුවෙන් කැපවෙන වෙහෙසෙන බව පෙන්වීම සඳහා ඉදිරිපත් කළ නාඩගමක් විදිහටයි මෙය දකින්නේ.

දකුණේ දේශපාලන නායකයින් ජනපති අගමැති අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන පක්ෂ ජාතික ගැටළුවට ෆෙඩරල් විසඳුමක් නොමැති බවත් ඒකීය රාජ්‍ය සංකල්පයට අනුව විසඳුම් ලබාදෙන බවටත් පුන පුනා ප්‍රකාශ කර තිබෙනවා. ඒ බව දැන දැනත් මොවුන් මේ ආකාරයේ සාක්ෂාත් නොවන ඉල්ලීම් ඇතුළත් කරමින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙන්නේ දෙමළ ජනතාව රැවටීමේ අරමුණින්.

දෙමළ ජාතික සන්ධානය ඇතුළු මේ යෝජනාවලියට අත්සන් කළ පක්ෂ පහටම ඇත්තේ විසදුම් දෙකක් පමණයි. එක ඡන්දය දැමීමෙන් වැළකී සිටින්නැයි කීම. දෙවැන්න මේ ඉල්ලීම් පිළිගන්නා සිවාජිලිංගම් මහතාට සහාය දෙන්න යැයි කීම.මේ දෙකෙන් එකක් හෝ මොවුන් කියාවිද ?

මේ යෝජනාවලියේ ගැටළුකාරී ඉල්ලීම් හැර අනෙක් ඉල්ලීම් සියල්ලම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් ජනපති හා අගමැතිවරුන්ට ඉදිරිපත් කරපු ඉල්ලීම්. 2005 වසරේදී ෆෙඩරල් ව්‍යූහයේ දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරල රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරග කරපු අවස්ථාවේදී ඒ විසඳුම පිළිගනිමින් 49%ක ප්‍රතිශතයක් රනිල් වික්‍රමසිංහට ඡන්දය ප්‍රකාශ කළා. නමුත් එදා ඒ තිබුණු තත්වය අද නැහැ. 

එදා ඒ විසදුම ප්‍රතික්ෂේප කරමින් දෙමළ ජනතාවට ඡන්දය ලබාදෙන්න එපා කියලා දෙමළ ජාතික සන්ධානය බලකර සිටියා. ඒ දෙමළ ජාතික සන්ධානයට අද ෆෙඩරල් විසඳුමක් ගැන කතා කරන්න පුළුවන් කොහොමද ? එය දෙමළ ජාතික සන්ධානය විසින් එදා කරපු සුවිශාල ඉතිහාසගත වරදක් යැයිද ආනන්ද සංගරි මහතා සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ.



අදහස් (11)

උතුරේ පක්ෂ පහේ යෝජනාවලිය දේශපාලන නාඩගමක්

Sujeewa Monday, 21 October 2019 11:21 AM

මෙන්න නියම ශ්‍රී ලාංකිකයෙක්. ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි මෙතුමා, 2005-2009 කාලයේදී ශ්‍රී ලංකා රජයට යුද්ධය නිමා කිරීමට වචනයෙන්, ලංකාවේදීත්-විදේශ රටවල්වලට ගොස් දේශනා පවත්වමින් මහින්ද, ගෝඨාභය රාජපක්ෂ රජයට කළ සේවය අප ගෞරවයෙන් සිහිපත් කළයුතුයි. මින්පසු පත්වන මහින්ද, ගෝඨාභය රජයක දේශප්‍රේමී ද්‍රවිඩ ශ්‍රී ලාංකිකයන් නියෝජනය වෙනුවෙන් ආනන්ද සංගරී මහතා සම්බන්ධ කර ගත යුතුමයි. 2009 දී, මහින්ද රාජපක්ෂ රජයෙන් එය සිදු නොවීම රටටත්, මහින්ද රජයටත් අගය කිරීමට නොහැකි පාඩුවක් බව අපට තේරුනේ 2015 ජනවාරි 08 ඡන්දය පරාජිත වී, රට සුන්නත් දුලි වූ පසුවයි.

:       191       571

senaMonday, 21 October 2019 12:16 PM

දේශප්‍රේමී කිව්වේ ඇමරිකානු ප්‍රේමීද, ශ්‍රී ලංකා ප්‍රේමීද කියන එක තේරුම් ගන්න බැහැ සුජීව මහත්තයෝ...

:       367       93

Dil PereraMonday, 21 October 2019 12:31 PM

සේන මහත්තයෝ, ඔයාට අමු කැවිලාද? එච්චර ශාස්ත්‍රීය විග්‍රහයකට අගෞරව කරන්නන එපා.

:       257       331

සෙනෙවිරත්න Monday, 21 October 2019 12:56 PM

2009දී යුද්ධය නිමා කළ පසු කළ යුතු දේශපාලන ප්‍රතිසංස්කරණයන් මහින්ද මහතා විසින් සිදුකලේ නම් එතුමා නෙල්සන් මැන්ඩෙලා, ලෙස හෝ දුටුගැමුණු, පරාක්‍රමබාහු ලෙස ඉතිහාසගතවීමට හැකියාව තිබුණි. එසේ නොකර පවුල රැකීමට සහ බලය රැකීමට යාම නිසා එතුමාට ඉතිහාසයේ කුණු කූඩයට යාම වැළැක්විය නොහැක. මගේ තර්කය වැරදි නම් එතුමාට කුරුණෑගලින් පාර්ලිමේන්තුවට යාම ගැන කිව හැක්කේ කුමක්ද?

:       1314       1399

Hafeel Monday, 21 October 2019 12:04 PM

මෙතුමාට පමණයි යතාර්ථය තේරිලා තියන්නේ...

:       0       303

මුණසිංහ Monday, 21 October 2019 12:34 PM

ආනන්ද සංගරී කියන්නේ සැබෑ අවංක ද්‍රවිඩ දේශපාලඥයෙක්. මොහුට යථාර්ථය තේරෙනවා. ඒ නිසා තමයි ජාතිවාදි අනෙකුත් ද්‍රවිඩ දේශපාලකයන් සමග මොහුට දේශපාලනය කරන්න බැරි.

:       1       129

Thilina Monday, 21 October 2019 01:18 PM

සේන මහත්තයෝ ඔබ ඔය සඳහන් කරන කෙනා ඇතුළුව ඉතා විශාල පිරිසක් වෙනත් රටවල්වල පුරවැසිභාවය අරගෙන ද්විත්ව පුරවැසියන් ලෙස ජීවත් වෙනවා.. ඒත් ඔවුන් ශ්‍රී ලාංකිකයන් බව අමතක කරන්න එපා. ඔබටත් හෙට ඕස්ට්‍රේලියාවේ හරි ඇමරිකාවේ හරි පුරවැසිභාවය ලැබුණොත් නොගෙන ඉන්නවාද? ඔවුන් ඉපදුණු රට මේක... ඔවුන්ට අයිතියක් තිබෙනවා මේ රට වෙනුවෙන් සේවය කරන්න. මේ රටේම ඉපදිලා මේ රටටම ගරහන බෞද්ධ රටක් නෙමෙයි කියලා ගරහන මිනිස්සු ඉන්න රටක මොවුන් කල සේවය අමරණීයයි..

:       10       196

senaMonday, 21 October 2019 02:35 PM

යුද්ධය ඉවර කරපු කාලේ ආරක්ෂක ලේකම් හැටියට එතුමා කරනලද හොඳ වැඩවලට එතුමාට ලැබිය යුතු ගෞරවය ලැබිය යුතුයි. නමුත් ලැදියාවන් අතර ගැටීමක් ඇති කෙනෙක් ජනාධිපති වීම රටට ඉතාමත් භයානකයි. මෙතන ප්‍රශ්නේ එතුමාගේ පුද්ගලික හැඟීම් හෝ චරිතය ගැන නෙවෙයි... ඇමරිකානු නීතියේ යම්යම් කොටස් වලට එතුමා තව බොහෝ කාලයකට යටත්... මේ සැරේ දිනුවත් ඊළඟ සැරේ පැරදුණොත් එතුමාට යන්න වෙන්නේ ඇමරිකාවට.. මොකද එතුමාගේ පවුල තවමත් ඇමරිකානුවන්... එවැනි තත්වයක් යටතේ එතුමාට ඇමරිකානු වුවමනාවන් සපුරන්න වීම ස්වාභාවිකයි.. පුද්ගලයෙක් කරපු දේවල්වලට ලැබිය යුතු ගෞරවය ලබාදීමත්, රටක පාලනය බාරදීමත් කොටස් දෙකක්, පටලවා ගන්න එපා සර් බුද්ධිමත්ව තීරණය කරන්න.

:       333       270

Thilina Monday, 21 October 2019 03:20 PM

යුද්ධය පිළිබඳව කාරණාවේදී එදා ගෝඨාභය ආරක්ෂක ලේකම් ලෙස සේවය ලබා දුන්නෙත් මේ තිබෙන තත්වයන් යටතේම නේද? ඔබට අමතකද ඇමරිකාව... කැනඩාව ප්‍රමුඛ බටහිර රටවල් එදා රජයට යුද්ධය නතර කරන්න කරපු බලපෑම්... චන්ද්‍රිකා වැව ඉස්මත්තේදී ඔවුන් අපිට කරපු තර්ජන සහ එදා නායකයන් එ්වාට පිළිතුරු ලබා දුන් විදිහ... එදා නොනැමුණු ඔවුන් ගැන අදත් විශ්වාසය තියන්න පුලුවන් නේද? පහුගිය අවුරුදු 4 ඇතුළත වර්තමාන පාලකයින් කරපු දේවල් අනුව ඉදිරිය ගැන විශ්වාස කරන්න පුලුවන්ද කියලා ඔබම තීරණය කරන්න.

:       164       344

Dil PereraMonday, 21 October 2019 04:34 PM

සේන, මම ඇමරිකාවේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසියෙක්. මා නොදන්නා, ඔබ දන්නා" "ඇමරිකානු නීතියේ යම් යම් කොටස් වලට එතුමා තව බොහෝ කාලයකට යටත්" යන්නෙන් ඔබ පමණක් දන්නා ඇමරිකානු ආගමන-විගමන නීතිය මටත් කියා දෙනවද? එතුමා දින්නත් පැරදුණත්, එතුමා ඇමරිකාවටම යායුත්තේ ඇයි? ඔබ ගෝඨාභය රාජපක්ෂ මහත්මියගෙන් විමසා බැලුවාද ඇය ඡන්දෙන් පසු දින්නත්, පැරදුණත් ඉන්නේ කොහෙද කියා...? ඇය ද්විත්ව පුරවැසියෙක්ඔ බව ඔබ නොදන්නේද? ඔබ හිතන විදියට නිගමනයකට පැමිණ, එය තවත් ඔබට කිසිම සම්බන්ධයක් නැති පවුලක තීරණයක් ලෙස පුවත්පත්වල පලකිරීම, ඇමරිකාවේ නම් දරුණු වරදක් බව නොදන්නවා නම් දැන්වත් දැනගන්න...

:       12       415

nuwanMonday, 21 October 2019 04:54 PM

රෝයල් ගිහින් සාපෙළ අසමත්වීම නම් කුමන තත්වයේදීවත් සාධාරණය කළ නොහැකිය.

:       35       146

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31392 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13633 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11021 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 133 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1036 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site