IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


උතුරට දෙමළ ආණ්ඩුකාරවරයෙක් ලැබීම ගැන විග්නේෂ්වරන් සතුට පළකරයි

(රොමේෂ් මධුෂංඛ)
 
උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් පත්කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසා ඇත.

විග්නේශ්වරන් මේ බව පවසා ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර වෙනුවෙන් දෙමළ ජාතිකයෙකු පත්වීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවට සුභපැතුම් නිවේදනයක් නිකුත් කරමිනි.

එහිදී හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ දෙමළ ජාතිකයකුට දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් අවබෝධයක් පවතින බවත් දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් දෙමළ ජාතිකයකු ලෙස සිතා කටයුතු කිරීම වැදගත් වන දෙමළ ජනතාව‍ගේ ගැටළු වෙනුවෙන් සම්බන්ධ වී කටයුතු කළ හැකි දෙමළ නියෝජිතයකු උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කරන බවද වැඩිදුරටත් පැවසා ඇත.

එමෙන්ම රාගවන් මහතා දෙමළ ජනතාවගේ ගැටළු අව‍බෝධ කරගෙන ඉදිරියට හොඳින් කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවද හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශවරන් මහතා පෙන්වා දී ඇත.
 



අදහස් (5)

උතුරට දෙමළ ආණ්ඩුකාරවරයෙක් ලැබීම ගැන විග්නේෂ්වරන් සතුට පළකරයි

chandima Wednesday, 09 January 2019 05:15 PM

ඔබතුමාට ප්‍රෙෂර් තියෙනවනම් දැම්ම බෙහෙත් ගන්න. සතුට වැඩිවුණාම ප්‍රෙෂර් කාරයින්ට හොඳ නැහැ. මම කියන්නේ දැන් නෙමෙයි, ළඟදීම අරය ඔබතුමාලට වෙනමම ජනාධිපති කෙනෙකුත් දුන්නම.

:       96       30

nihal Thursday, 10 January 2019 09:25 AM

මෙය ජාතිවාදී අදහසකින් ලියන ලද්දක් බව නොසලකන්න මෙතුමාගේපකාශයේ අන්තර්ගතය කුමක්ද 1978 වියවස්ථාවෙන් අඩවෙනතුරු කොපමණ ආණ්ඩුකාරවරුන් වර්තමාන සහ හිටපු ජනාධිපතිවරුන් විසින් පත්කර ඇද්ද ඒ අතරතුර සිංහල බෞද්ද ජනයා වැඩි වශයෙන් ජීවත්වෙන පළාත්වලට දෙමල සහ මුස්ලිම් ජාතික ආණ්ඩුකාරවරු පත් වුණද නමුත් ඒ පලාත්වල කිසිම මහා ඇමතිවරයෙක් ඔවුන් සමග සුහදව රාජකාරිය කලා මිස සිංහල බෞද්දයකු නොවීම ඔවුන් ප්‍රශ්නයක් කරගත්තේ නැත උතුරු පලාතට සිංහල ආණ්ඩුකාරවරයකු පත් වුණානම් විග්නේශ්වරම් අසතුටු බව නේද ඔහුගේ ප්‍රකාශයෙන් වැටහෙන්නේ සංහිදියාව ඇත්තේ කාලගද නැත්තේ කාලගද

:       0       62

BamunuarachchiSunday, 13 January 2019 07:11 AM

මේ මොනවා කියනවද? විග් තව ටික දවසකින් උතුර ඔහෙලටම මේ ගොයියෝ ලියලා දේවි. ඊට පස්සේ සිංහල වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන අය වේවි... ඔහෙලා දවසින් දවස දශමෙන් දශමේ ෆෙඩරල් වෙනවා. අපේ මැට්ටෝ ගන්න ඔහෙලගේ ගුණ වර්ණනා කරනවා. අපේ රට ඔහෙලට දෙන අයගේ ගුණත් වර්ණනා කරනවා. උඩින් කෙනෙක් ලියලා තිබෙන්නේ "මෙතුමාගේ ප්‍රකාශයේ අන්තර්ගතය කුමක්ද" කියලා අපෙන් අහනවා. මෙයා විග්නේශ්වරන්ගෙන් අහපු පළවෙනි කතාව මේකද කොහෙද? හලෝ උතුර ශ්‍රී ලංකාවේ කොටසක් නම් සිංහල අපේ පරිපාලන අයිතිය එතන තිබෙන්න ඕනේ...

:       0       58

Bamunuarachchi Sunday, 13 January 2019 07:21 AM

හලෝ 13නෙන් බලාපොරොත්තු වුනේ වෙනම පලාත් සභාවක් උතුරට, නැගෙනහිටරට දෙන්න. නමුත් එතැනින් නොනැවතී දකුණට අනවශ්‍ය එහෙත් පළාත් සභා දුන්නේ ඇයි? උතුරට, නැගෙනහිරට පමණක් පළාත් සභා දුන්නොත් ඔවුන්ට වෙනම කොටසක් දුන්නු බවට ලෝකෙට පෙනෙන නිසාත් එය ඊලමට පාර කැපීමක් වෙන නිසාත්ය. ඒ වගේ උතුරට නැගෙනහිරට සිටි අපේ ආණ්ඩුකාරවරු ගත්තාම ඔවුන්ට උතුරු නැගෙනහිර සම්පූර්ණ පාලනය දුන්නැයි කියා පෙනෙන්නේ නැත්තේ... අනගාරික ධර්මපාලතුමා කීවාක් මෙන්, ඇස්වලට හෙන ගහල නිසාද?

:       0       14

chinthana Wednesday, 16 January 2019 03:18 AM

රෙජිනෝල්ඩ් කුරේ තරම් නම් දෙමල ජනතාවට අවශ්‍ය විදියට ප්‍රබාකරන් වලෙන් නැගිටල ආවත් කරන් එකක් නෑ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 548 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site