IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


උඩවලව ඇත් අතුරු සෙවණ හෙට සිට විවෘත කරයි

( ලසන්ත නිරෝෂණ පෙරේරා    )

කොරොනා වසංගත තත්ත්වය නිසා මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබුණු උඩවලව ඇත් අතුරු සෙවණ සංචාරකයින් සදහා    (හෙට ) 22 වනදා සිට විවෘත කිරිමට වනජිවි     සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ .                                                           
මහජන සෞඛ්‍ය නීති අනුව  සංචාරකයින්ට අලි පැටවුන් නැරබ්මේ හැකියාව නැරඹුම් කුටියේ සිට ලබාදෙන බව උඩවලව ඇත් අතුරු සෙවණ කාර්‍යාලය පවසයි .                     

උඩවලව ජාතික වනෝද්‍යානය ද ඉකුත් 15 වනදා සිට ව්වෘත කර තිබේ .

සංචාරක වාහන 150 ක් පමණ දිනකට වනඋද්‍යානය තුළට ඇතුළත් කර ගැනිමට වනජිව් සංරක්ෂණ දේපාර්තමේන්තුව උපදෙස් ලබාදි තිබේ .  උඩවලව ජාතික වනෝද්‍යානය ව්වෘත කර ගතවු දින පහක කාලයේදී සැලකියයුතු දේශිය සංචාරකයින් පිරිසක් වනඋද්‍යානය නැරඹීමට පැමිණ තිබේ .   
                                                     
විදෙස් සංචාරකයින්ට මෙරටට පැමිණිමට අවසර ලැබුණු පසු උඩවලව වනෝද්‍යානය සහ ඇත් අතුරු සෙවණ නැරඹීමට සුපුරුදු ලෙස සංචාරකයින් එනු ඇතැයි   උඩවලව සංචාරක කර්මාන්තයේ යෙදෙන අයගේ විශ්වාසයයි.
 



අදහස් (2)

උඩවලව ඇත් අතුරු සෙවණ හෙට සිට විවෘත කරයි

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 21 June 2020 09:20 AM

සතුටුදායක ආරංචියක් !!! අනේ .. මේ අසරණ සුරතල් අලි බබාලාට කිරිපොවන අයුරු මොනතරම් බලාසිටියත් සිතට අතිවෙන්නේ නැහැ ... අර කියමනක් තියෙනවානේ .. අලි බැලිල්ල කවදාවත් එපාවෙන්නේ නැහැ කියා ..

:       0       10

විජිත් Sunday, 21 June 2020 09:43 AM

අලි බලද්දි... කාලය කියන නිරපේක්ෂ සාධකය ශුන්‍යයි කියලා අපි උපකල්පනය කරමු. එතකොට අපිට ඕනා වෙලාවක් මේ දැවැන්තයින්ගේ වැඩ කිඩ බලන්න පුළුවනි. අවසන් වරට මම මේගොල්ලෝ බලන්නගියේ දැනට අවුරුදු 2 කට කලින්. අලි චුට්ටන්ට කිරි දෙන වෙලාව තමයි කාගේත් සිත් ගන්න අවස්ථාව. ඔක්කොටම එකපාර කිරි දෙන්නේ නැහැ. කට්ටියෙන් කට්ටිය තමයි ගන්නේ. එක සැරයක් බිලා හොරෙන් ආයෙමත් එන ඇට්ටර පැටව් කීප දෙනෙකුත් හිටියා. අසනීප අයට බෙහෙත් කරන්න දක්ෂ දොස්තර මහත්ම, මහත්මින්ලා කීප දෙනෙක් එහි ඉන්නවා. ඒවගේම තමයි කාර්ය මණ්ඩලය මේ දැවැන්තයින් වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් කරනවා. මේ අලි පැටව් ලොකුවුනාම ටිකෙන් ටික අපි ඒගොල්ලන්ට තියෙන ඇගෑලුම්කම දුරස්ව තියාගන්නවා. මොකද මේ අයව වනයට හුරු කරන්න ඕනනේ. ගොඩක්ම ආදරයෙන්, කිට්ටුවෙන් ඉඳලා හැදුවොත් ඒගොල්ලෝ කැලාවට යන්න කැමති නැහැ. ආපහු එනවා. ඔබත් ඒ පැත්තේ යනවානම් දුප්පත් අහිංසක දු දරුවන් රාශියක් ඔබටත් මගදී දැකගන්න ලැබේවි. ඒගොල්ලන්ට ඉස්කෝලේ ගෙනියන්න පොත් පත් වත් නැහැ. ඇඳුම් හරියට නැහැ.. හැකිනම්පොත් පත් පෑන් පන්සල් ආදියටිකක් අරගෙන යන්න.. අලි බැලුවාටත් වඩා සතුටක් ඔබ ලබාවි.. ඒ දරුවන් ඔබේ පරිත්‍යාගයෙන් ලබන අහිංසක සතුට දැක්කම..

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site