(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
උඩවලව ජාතික වනෝද්‍යානයේ පනහඩුව ප්‍රදේශයේදී අවුරුදු හතක් පමණ වයසැති වන අලියකු කකුල් ලණුවලින් බැඳ සොරකම් කිරීමට උත්සාහ දරා ඇති බවත් මෙම උත්සාහය උද්‍යාන බාරකාර රණතුංග මහතා ඇතුළු වනජීවී නිලධාරින් සහ දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන් වළක්වා තිබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය
එම ප්‍රයත්නය වැළැක්වූ සියලු නිලධාරීන්ට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ වනජීවී අමාත්‍යවරයාට තමා ස්තූතිවන්ත වන බවද හෙතෙම සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මහාපරිමාණ අලි හොරකමක පෙර නිමිති අද මතුව ඇති බවත් අලි හොරකම් නැවැත්වීමට වහාම නව නීති සම්පාදනය කළ යුතු බවත් ඔහු පැවසුවේය.
වනයෙන් සොරාගත් අලි ඇතුන් පින්නවලට ලබාදිය යුතු බවද ප්‍රේමදාස මහතා කීවේය .
පෙරහර සඳහා හීලෑ අලින් බෝ කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම ප්‍රායෝගික යැයි පැවසූ විපක්ෂනායකවරයා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයිද ඉල්ලීමක් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
උඩවලවේ අලි හොරකමක් වැළැක්වූ නිලධාරීන්ට විපක්ෂනායකගේ ප්‍රසාදය
sharm warn Thursday, 11 November 2021 01:03 PM
සිරිකොතේ අලිත් හොරකම් කළානේ දුරකතනයෙන් (හොරකමකුත් නෙමෙයි ඉතින් .අලි බලාගන්න එකෙක් නැති වෙච්ච අවුලක් )
Hafeel Thursday, 11 November 2021 02:13 PM
නමුත් ලොකුලොකු අලින්ගෙන් මහ බැංකුව බේරගන්න බැරි වුණා නේද?
Ushan Thursday, 11 November 2021 02:52 PM
ඔව් ඉතින් නිදන් හොරු අලි හොරකමේ යන්නේ නැහැනේ
RaveendraThursday, 11 November 2021 05:01 PM
මම... මේ... මම... ම්ම්.... තාත්තගේ බලපරාක්‍රම කාලේ තාත්තගේ මුර පිරිසත් එක්ක කැලෑ කොළේ හිටියේ නිධන් වදුල පරිශීලනය කරන්න. ඔහෙලා හිතුවද මම මේ නිධන් හෑරුවා කියලා? මට මුදල් අහේනියක් නැහැ. තේරුණාද මගේ සදාදරණිය පියාණන් "දුගී දුප්පත් ජනතාව වෙනුවෙන්" අපේ පරම්පරා 7කට නොව පරම්පරා 49ම හරිහම්බ කරලා තියෙන්නේ හොඳේ. එනවා මෙතන මට නිධන් හොරා කියන්න...
fairoos Thursday, 11 November 2021 03:23 PM
බයියන්ට පුතානෝ හොඳ දෙයක් කිව්වොත් ඒත් දරා ගන්න බෑ .මට නම් මේ දෙගොල්ලොම එකයි
Anura Thursday, 11 November 2021 03:56 PM
මතකද ඒ කාලේ අයියලා, මල්ලිලා කැලෙන් අල්ලපු අලිපැටවු බෙදාගෙන තිබ්බා... අායෙත් ඒ වැඩ පටන් අරන් වගේ..