
(රංජන් කස්තුරි)
සංචරණ සීමා ඉවත් කළ අද දින පෙරවරුවේ සිට උකස් මධ්‍යස්ථානවල ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබිණි.
මාසයක පමණ කාලයකින් පසුව රටපුරා උකස් මධ්‍යස්ථාන අද වීවෘත කෙරුණු අතර බොහෝ පිරිස් සිය කන කර උකසට තිබීම සඳහා මෙසේ පැමිණ ඇත.
එදිනෙදා ජිවිත්වීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදි ගැනීමට කිසිදු ආදායමක් ඉකතු දිනවල නොලැබුණු හෙයින් කන කර උකස් තැබීමට සිදු වූ බව අප කළ සොයා බැලීමේදී ඔවුහු පැවැසූහ.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවලත් දිවයිනේ පිටපළාත්හි පිහිටි නගරවලත් උකස් මධ්‍යස්ථානවලට සහ බැංකුවල උකස් අංශවලට මේ ආකාරයෙන් බොහෝ පිරිස් පැමිණ සිටි බව ද වාර්තා වෙයි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)

(ඡායාරූප: තිලකරත්න දිසානායක)

COMMENTS
කැළණියේ නයා ගෙනාපු සුබ පණිවිඩය.... රටටම හොඳ කාලයක් උදාවෙලා...
ආයෙ වහනවා නම් මාසික පඩිය හම්බ වෙන අයගේ පඩියෙන් භාගයක් දුප්පත් මිනිස්සුන්ට දෙන්න. එතකොට රට වහන්න කියලා සමාජ මාධ්‍යවල වැලලෙන පිරිස අඩු වෙයි...
ඇයි රජයෙන් දෙන 5000න් ජීවත් වෙන්න බැරිද? සර් මේවා දැක්කා නම් මේවත් ඉවත් කරයි වගේ...
රට වහන්න වහන්න කියලා දැඟළුවාට මේන්න මේවා තමයි සැබෑ ප්‍රශ්න. එදිනෙදා හම්බ කරගෙන කන අහිංසකයින් අමාරුවේ...
චීනෙට රටම උකස් තියලා තියෙන එකේ ඕක පුදුම වෙන්න දෙයක් නොවේ. "චීනය අප්‍රිකානු රටවල් සංවර්ධනය කරලා තියෙන හැටි බලලා සන්තෝෂ වෙයල්ලා. අපට හදලා දීලා තියෙන පොර්ට් සිටිය, අධිවේගී මාර්ග, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, නෙළුම් කුළුණ, නෙලුම් පොකුණ, තේවතු, පොල් වතු, රබර් වතු, තරු පහේ ලොකු හෝටල් වගේ දේවල් චීනය ඒ රටට අරගෙන යන්නේ නෑනේ. ඒවා අපේ මතු පරම්පරා ගණනාවකට ප්‍රයෝජනවත් දේවල්... එ් නිසා ඒ ගැන බොරු බයක් ඇතිකර ගන්න එපා" කියලනේ දැන් කියන්න පටන් අරගෙන තියෙන්නේ.
අර මොකක්ද සංගමයේ අයට පේනවද දන්නේ නැහැ මේ අහිංසක මිනිස්සුන්ගේ තත්වය.. මේක තමයි අද රටේ තත්වය.. ගම්වල එදාවේල හම්බකරන් කාපු මිනිස්සු හාන්සියි. ඔවුන්ට ඕනෑ වහන්න විතරයි. දන්නෙත් එච්චරයි. මොකද මාසෙ අන්තිමට පොකට් එක පිරෙනවනේ.. කාලකණ්ණි ඉන්න රටක් තමන්ගේ බඩගෝස්තරේ රැකෙනවා නම් අනෙක් මිනිස්සුන්ට කෙළවුණත් කමක් නෑ...
පාලකයෝ රට උගස් තියලා කනවා. ජනතාව රත්තරන් බඩු උගස් තියාගෙන කනවා. ඉතින් ලංකාවේ සංවර්ධනය කියන්නේ ඕකටනේ. වෙනස සැපයි කියන්නේ කට කහනවටද අපි?
හැම අතින්ම තැලෙන්නේ අපේ රටේ නැති බැරි අහිංසක ජනතාව මිසක් , ඔවුන්ව ගොනාට අන්දවපු, සෞභාග්‍යයේ දැක්ම මවාපාපු දූෂිත දේසපාලුවන් නොවෙයි...
බලන්න ඔය එක පෝලිමකවත් තමන් චන්දෙ දීල පාර්ලිමේන්තුවට යැව්ව ජනතා නියෝජිතයෝ ඉන්නවද කියල? ඒ අයට ඔය වගේ ප්‍රශ්න නැහැ. ඒ අයට තියෙන්නේ සැප වහනයක් නොමැතිවීම වැනි ප්‍රශ්නයි. අපේ රටේ ජනතා නියෝජිතයින් සැබවින්ම ජනතා නියෝජිතයින්ද යන්න ගැටළුවක්.
බයියන්ට දැන් සැපද?
පාලකයිනි, ඇස් ඇරලා හොඳට බලාපල්ලා... ඔබලාගේ වැඩකිඩවල තරම, ඔබලා හරියට කළා නම් මිනිස්සුන්ට අද ඔහොම වෙන්නේ නැහැ. ලැජ්ජා වෙයල්ලා...
වහල්ලුන්ට දැන් සැපද? සේරම වරෙල්ලා පෝලිමට..!!!
රට අන්ත අසරණ තත්වයට ඇදදැමීම පිළිබඳව රාජපක්ෂ පාලනය සම්පූර්ණයෙන් වගකිව යුතුයි...
" උකසට තබා කන කර රත්තරන් බඩු ... කන බොන ජනතාව ගණනින් නොමැත අඩු ... පෙනුමට හොඳ ඇඳුම් ඇඳගෙන දුකෙන් අඩු ... බව පෙන්වමින් සිටියත්, හද දුකෙන් හැඬූ ... "
ඔබගේ හද දුකෙන් තැවුණත් පලක් නැතී.. උන්ගේ පවුල් සතුටින් නම් මුන්ට ඇතී.. එහෙම හිතන ජාතියකට මගක් නැතී.. අවසානෙදි උන්ටයි රට අපට නැතී..
මට විශාල දුකක් සමග සතුටක් දැනෙනවා, මේ අය ගැන මිනිස්සුන්ට තේරුම් ගන්න අවස්ථාවක් ලැබුන එක ගැන.
මේ දේවල්වලට රජය වගකියන්න ඕනෑ. මිනිස්සුන්ට පාන් ගන්න සල්ලි නෑ. ඉතින් රත්තරන් බඩු උකස් කරන එක අහන්නත් දෙයක්ද?