නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට පැමිණි ලාංකිකයින් 13 දෙනෙකු එරට සිරගත කර ඇති අතර ඔවුන් සති දෙකක කාලයක් අයිතිවාසිකම් අහිමි කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය ඔක්තෝබර් මාසයේ ලංකාවේ සිදුවු දේශපාලන වෙනසින් පසු මෙම පුද්ගලයින් 13 දෙනාට මරණීය තර්ජන ඇති බව පවසමින් සංචාරක වීසා මත ඊශ්‍රායලය වෙත පලා ගොස් ඇති බවට අදාළ සැකකරුවන් සඳහන් කර තිබේ.
අදාළ පුද්ගලයින්ට බෙන්-ගුරියන් ගුවන්තොටුපලේ දී ප්‍රශ්න කිරීම සඳහා පරිවර්තකයකු නොමැතිවීම හේතුවෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි එක් සාමාජිකයකු සමඟ 11 දෙනා සහ කාන්තාවන් දෙදෙනා ඊශ්‍රායලයේ රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත ගෙන ගොස් ඇති බවට එරට පළවන ජෙරුසලම් පෝස්ට් පුවත්පත වාර්තා කරයි.
මේ අතර සතියක් පුරා අදාළ සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි කරමින් ඔවුන්ට දුරකථන ඇමතුම් ලබා ගැනීමට හෝ ඔවුන්ට ඇඳුම් මාරු කළ ගැනීමට පවා නොහැකි වූ බව අදාළ පුද්ගලයින් සඳහන් කර තිබේ.
මේ අතර ඔවුන්ට ඖෂධ ලබාගැනීමට අවසර නොලැබුණු අතර වකුගඩු රෝගය හා දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයකු රෝග උත්සන්න වීම හේතුවෙන් වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කර ඇති බවට වාර්තා වෙයි.
අදාළ සැකකරුවන් සිරගත කිරීමට ගෙන යන අවස්ථාවේදී එක් පුද්ගලයෙක් විසින් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වෙත සිය ජංගම දුරකථනයෙන් පණිවුඩයක් ලබා දී ඇති අතර එම පුද්ගලයා මෙම පුද්ගලයින් 13දෙනා නීතිඥයකු වෙත යොමු කර තිබේ.
පසුව අදාළ නීතිඥවරයා සමඟ පැවති සාකච්ඡාවලින් පසුව, ඔවුන් එරට ආරක්ෂක අංශ වෙත පවසා ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිදුවු දේශපාලන වෙනසින් පසු මරණීය තර්ජන හේතුවෙන් ඊශ්‍රායලය වෙත පැමිණි බවයි.
අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඊශ්‍රායලය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීක් වෙත පවසා ඇත්තේ රැකියාවක් ලබා ගැනීම පිණිස ඊශ්‍රායලට පැමිණි බවයි.
(125)
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊශ්‍රායලයට හොරෙන් ගිය ලාංකිකයන් 13 ක් හිරේට