(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
‘‘ඉහළ ආයතනවල ඉඳලා පල්ලෙහාම ආයතනවලට එනකම් පගාව, දූෂණය, පැතිරිලා. නීතිය අතට අරගෙන. කිසිතැනක විනයක් නෑ. ලංකාව ලෝකයේ හොඳම විනය නැති මට්ටමට පත්වෙලා තියෙන බව පාරට බැස්සාම පේනවා. අද රටේ ඉහළම ඉඳලා පහළම අය දක්වාම දූෂිතවෙලා....‘‘ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (10) මීරිගම දී පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ මීරිගම ගිරිඋල්ලගම පිහිටි ශුද්ධවූ රෝගුස් මුනිතුමන්ගේ දේවස්ථානය පිළිසකර කිරීමෙන් පසු විවෘත කර කැපකිරීම හා පළමු ආශීර්වාද පූජාව පැවැත් වූ අවස්ථාවේ අදහස් දක්වමිනි.
මීරිගම මීසම් පාලක ක්‍රිෂ්ටි නිකලස් පියතුමාගේ මෙහෙයවීම යටතේ දේවස්ථානය නවීකරණය කටයුතු සිදු කරනු ලැබ ඇති අතර කාදිනල්තුමන් විසින් දේවස්ථානය විවෘත කරනු ලැබීය.
කාදිනල්තුමන් එහිදී අදහස් දක්වමින් මෙසේද පැවසූහ.
‘‘පළමුවෙන්ම මගේ ප්‍රමාදය ගැන සමාව අයදිනවා. රෝගුස් මුනිතුමන්ට කැප කළ මේ දෙව්මැදුර ආශීර්වාද ගන්වා විවෘත කිරීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. මහා වර්ෂාවක් මැද්දේ තමයි විවෘත කළේ. බයිබලයේ තියෙන්නේ වර්ෂාව කියන්නේ දෙවියන් වහන්සේගේ ආදරයේ සංකේතය කියලයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අද අප සමග බවයි.
මේ දේවස්ථානය ගොඩ නගන්නට වෙහෙසවූ පියතුමන්ලාට, ගම්වාසීන්ට මෙන්ම පරිත්‍යාගයන් කළසැමට ස්තුති වන්ත වෙනවා. රැකියා නැති තරුණ තරුණියන්ට ආධාර කරන්න විශේෂ අධ්‍යාපන ව්‍යාපෘති ආරම්භ කරන්නට කටයුතු කරනවා. ඒ සඳහා වන ගොවිපල ඉතාලියේ රදගුරු මණ්ඩලයේ උදව් ඇතිව ගිරිඋල්ල මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරන්න අදහස් කරනවා.
වරාදල පිහිටි අක්කර 27 ක ඉඩමේ තරුණ රැකියා මධ්‍යස්ථානය වයඹ විශ්ව ව්ද්‍යාලය සමග පාඨමාලා පවත්වාගෙන යන අතර ඉදිරියේදී එය විශ්ව විද්‍යාලයක් බවට පත් කරන්නට පියවර ගෙන තියෙනවා.
එක කාලයක කතාවක් තිබුණා ඉස්කෝලයක් ආරම්භ කළාම හිරගෙයක් වැහෙනවා කියලා. අද පාසල් අරුනාට හිරගෙවල් වැහිලා නැහැ. තවතවත් හිරගෙවල් ඇරුණා විතරයි. අපේ සමාජයේ අඩුපාඩුවක් තියෙන බව පේනවා. විනය මනුස්සයාගේ ජීවිතය ලස්සනට සැලැස්මකින් යුතුව ගෙන යන්නට බැරිවෙන තත්වයක් එන්න එන්නම ඇතිවෙනවා කියලා අපිට පේනවා... පත්තරයක් දිග ඇරලා බැලුවාමත් කෝලාහල, මිනීමැරුම් දකින්න ලැබෙනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබවහන්සේගේ කතාව ඇත්ත. ඒත් එන්න කලින් සිස්ටම් වෙනස් කරන්න කතාකරපු අය දෙපැත්තට බෙදිලා කලින් අයටම ඡන්දෙ දෙන්න සැදී පැහැදී ඉන්නවා.
අතිගරු මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමාගේ මෙම ප්‍රකාශය අප 200% අනුමත කරන්නෙමු. කව්රු කෙසේකීවත් දේශපාලන අධිකාරිය අන්ත දූෂිත බව නම් ප්‍රසිද්ධ රහසකි. නමුත් දේශපාලුවන් උදේ සවස වැඩිවෙලාවක් පන්සල්, පල්ලි, කෝවිල් වල කාලය ගතකරන්නෝ නොවේද? එමගින් කියාපාන්නේ සුදුපිරුවට ඇඟේ ඔතාගෙන සිටින්නේ විලි වසා ගැනීමට නොව සීතල දේශගුණයෙන් බේරීමට බව නම් සහතිකයි.."කාටවත්" ලැජ්ජාව නමැති නහරය තිඹිරි ගෙදරදීම කපා ඇතිබවත් හොඳින් පැහැදිලිය..
බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් සහ හින්දු ආගමික නායකයින් සියලුම දෙනාට ඇස් ඇරිලා තියෙන්නේ සහරාන්ගෙන් පස්සේ වගෙයි පෙනෙන්නේ.
ඇත්ත කාදිනල්තුමනි, ඔබතුමාවත් මේ සිංහල ජනතාව දැනුවත් කරන්න මීට පසු එන මැතිවරණයේදී 226 එක්කෙනකුටවත් ඡන්දෙ නොදි රටට ආදරයක් ඇති කෙනෙකු පත්කර ගන්න කියල. ඇත්තටම ඔබතුමා මිනිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා නම් ඔබතුමාට ඇහුම්කන් දෙන එක ස්තිරයි .
ඔබ වහන්සේට කළහැකි දේ නම් නාගානන්ද කොඩිතුවක්කු වැනි අවංක චරිත මහජනතාව වෙත ළං කිරීම මගින් මේ ක්‍රමය වෙනස් කිරීම පමණි. එය කඩේයාමක් නොවේ. මන්ද මහජනතාව කාට ඡන්දය දෙන්නේ කියලා දන්නේ නැති වී අතරමං වී සිටින බැවින්. ඡන්දය යනු මහජනතාවට ඇති උදුරා ගැනීමට නොහැකි අයිතියක්... එය වර්ජනය නොකළ යුතුයි.
රටෙහි පාලනයන්, පාලකයින්ගේ අන්ත වූ දූෂණය ඉවසන ජනතාවක් ඉන්න රටකින් තවත් බලාපොරොත්තු වෙන්නේ මොනවද? එවන් දූෂිත යයි හඳුනාගත් පුද්ගලයන් වීරයන් ලෙස අනාගතයේ රජකිරුළ පළඳන්නට සැරසෙන නිවට ජනතාවක් එක්ක වෙනත් දෙයක් අපේක්ෂා කරන්න පුලුවන්ද ගරු කාදිනල්තුමනි... ඉදිරි කාලයක ඔබතුමන්ගේ ඉදිරියට ඔවුන් පැමිණෙයි.
සියලුම ආගමික නායකයෝත් ඒකට වගකියන්න ඕනෑ. සල්ලි දෙනවා නම්, වාහන දෙනවා නම්, ඉල්ලන්න ඕනෑ දෙයක් ගෙනත් දෙනවා නම් ඔවුන්ව හොඳ මිනිස්සු ලෙස පෙන්වන කොන්‍ත්‍රාත් එක ආගමික නායකයෝ කරන එක. මේ රට කෑවේ සහ කන්නේ දේශපාලනය කරන අය... රාජ්‍ය නිලධාරීන්, සමිතිකාරයින් සහ ආගමික නායකයන්...
ඔව්, කලින් හොඳට තිබ්බා. පගා කොමිස් මුකුත් නැහැ. දැන් තමයි ඒ ඔක්කොම කියන්නේ, කරන්න යන්නේ මොකක්ද කියලා තේරෙනවා. පූජක පක්ෂය දේශපාලනයට ආවාම, පිල් බෙදිලා, මේවා නිවැරදි වේවි...!!!
ක්‍රිස්තියානි පාසල් වගේ ක්‍රිස්තියානි විශ්ව විද්‍යාල ආරම්භ වෙන්න ද යන්නේ
ඒ කියන්නේ ඔබතුමාලා පමණක් හොඳයි කියලා කියන එකද ?
පන්සල්, පල්ලි, කෝවිල්වලින් සමාජයට වියයුතු මෙහෙය නියමාකාරයෙන් සිදු නොවන නිසාද?
දූෂිත දේශපාලකයින්ට හැංගි හැගී කඩේ යන සමහර උන්නාන්සේලා කරන්නේත් දූෂිතයින්ව පෝෂණය කරන එකයි...
මේ කතා ඇහෙනකොට පරණ කතාවක් මතක් වෙනවා" ගොනා හැරෙන්නේ තණකොළ කන්න බව කාටත් තේරෙනවා". මෙතුමා හැරෙන්නේ කොහාටද කියලා අපිට තේරෙනවා..
අනේ අගරදගුරුතුමෝ, පල්ලිය ඇතුලේ ඕවා කියවන්නේ නැතුව තමන් කැමති අපේක්ෂකයාගේ වේදිකාවට නැග්ගාම හරිනේ.. පහුගිය කාලේ පොලිස් නිලධාරීන් ගුටිකනකොට, ඇඩ්‍රස් නැතිවෙනකොට සුදුවෑන් වලින් මිනිස්සු උස්සනකොට, තමුන්නාන්සේගේ දූෂණ මීටරේට අහුවෙන්නම නැතුව ඇතිනේද..?
කාදිනල්තුමනි, ඔබ ඔය කියන දූෂිත වීම පටන් ගත්තේ 1977 සිටනේ. ඉතින් ඒ රජය පිහිටෙව්වේ ඔබලාගේ බලවත් කැමැත්ත සහ උනන්දුව මතනේ. එහෙනම් අනුන්ට ඇඟිල්ල දික් වෙනකොට තමන්ගේ පැත්තට තව ඇඟිලි කීපයක් හැරිලා තිබෙන බව සිහිකරන්න.