IMG-LOGO

‘ඉස්ලාමීය අන්තවාදය නවත්වන්න මම එනවා’

 

මේ වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් ඉස්ලාමීය අන්තවාදය ව්‍යාප්ත වීම නවත්වන බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රොයිටර් පුවත් සේවයට පැවැසීය. 

බුද්ධි සේවාව නැවත ගොඩ නගමින් සහ පුරවැසියන් සුපරීක්ෂණයට ලක් කරමින් ඉස්ලාමීය අන්තවාදය නවතා දමන බව ද ඔහු කීවේය.

රොයිටර් පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිකුරාදා (26) එම කරුණු සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනප්‍රිය වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු ලෙසය. මීට වසර දහයකට පෙර, වසර 26ක් මුළුල්ලේ පැවැති බෙදුම්වාදී දෙමළ කැරැලිකරුවන් පරාජයට පත් කිරීමට නායකත්වය දීම නිසා ඔවුන් දෙදෙනා ජන ප්‍රසාදයට පත්විය.

කිතුණු බැතිමතුන්ගේ පාස්කු ඉරිදාව පසුගිය ඉරිදා (21) යෙදී තිබිණි. කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් ත්‍රිත්වයකට සහ කතෝලික දේවස්ථාන තුනකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් 250කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. 

එම ප්‍රහාරවල වගකීම ඉස්ලාමික් ස්ටේට් (අයි.එස්) සංවිධානය බාරගත් අතර රජය ඉස්ලාමීය සටන්කාමීන්ට එම ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා කළේය.

වත්මන් ආණ්ඩුව යුද්ධය සමයේදී සහ ඉන් පසු කාලයේ දී ගොඩනගනු ලැබූ බුද්ධි ජාලය සහ පුළුල් සුපරීක්ෂණ හැකියාවන් කඩා කප්පල් හා දුර්වල නොකළ නම් පාස්කු ඉරිදා ප්‍රහාර වළක්වා ගත හැකිව තිබූ බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය. 

“ආණ්ඩුව සූදානමින් හිටියේ නැහැ. ඒක නිසා තමයි මෙච්චර බියක් දක්නට ලැබුණේ” යැයි ඔහු කීවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මාස කිහිපයක සිට විවිධ පුවත් සහ වාර්තා පළ විය. ජනාධිපතිවරණය මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි 100% තහවුරු කළේය.

බෝම්බ ප්‍රහාරවලින් පසුව ආණ්ඩුව ඊට ප්‍රතිචාර දැක්වූ අයුරු ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විවේචනයට ලක්විය. ප්‍රහාර මාලාවෙන් පසුව ප්‍රහාර එල්ල කළේ කෙසේ ද, ප්‍රහාර පිටුපස සිටින්නේ කවුද සහ ඉස්ලාමික් ස්ටේට් සංවිධානය රටට කොතරම් තර්ජනයක් ද එය කොතරම් බරපතළ ද යන්න ප්‍රකාශ කිරීමට ආණ්ඩුව අපොහොසත් විය.

“එක එක අය එක එක අයට බනිනවා. කවුරුවත් හරි විස්තරයක් කියන්නේ නැහැ. මිනිස්සු වුණත් කවුද කළේ, කරපු අයගේ නම්ගම් බලාපොරොත්තු වෙනවා. මොන සංවිධානය ද මේක කළේ, මොවුන් මෙතරම් ලොකු ප්‍රහාරයක් කළේ කොහොමද කියන දේ ගැන විස්තර බලාපොරොත්තු වෙනවා. එහෙත් කිසිදු පැහැදිලි කිරීමක් විස්තරයක් තිබුණේ නැහැ” යැයි ඔහු කීය. 

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමෙරිකාවෙන් නඩු දෙකක් පැවැරී ඇත. ඔහු ද්විත්ව පුරවැසියෙකි. එම චෝදනා සහ සිවිල් නඩුවලට කිසිදු පදනමක් නොමැති බවත් තමන් ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටින බවත් රාජපක්ෂ මහතා කීවේය. එම නඩු ඉතා පුංචි බාධාවක් පමණක් බව ද ඔහු පැවැසීය. 

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරන්නැයි තමන් එරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් එම ක්‍රියාවලිය දැනටමත් අවසන් වී ඇතැයි බවත් ඔහු කීය.  තමන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ‘අන්තවාදී ඉස්ලාම්’ තර්ජනය අවසන් කරන බව ද ආරක්ෂක අංශ ශක්තිමත් කරමින් ආරක්ෂක සැලැස්ම සහ පද්ධතිය නැවත ගොඩනගන බව ද හෙතෙම කීවේය. 

“ඒක බරපතළ ප්‍රශ්නයක්. මේ වගේ සංවිධාන ගැන හොඳට හොයන්න ඕනේ. ගැඹුරට හොයන්න ඕනේ. මේ වගේ සංවිධාන විනාශ කරලා දාන්න ඕනේ. තමන් බලයට පැමිණියොත් බුද්ධි අංශවලට තොරතුරු හොයන්න බලය දෙනවා. ආරක්ෂක අංශවලට ඒ අවශ්‍ය බලය දෙනවා. ඒ වගේම පුංචි පුංචි කණ්ඩායම් ගැන පරීක්ෂාවෙන් ඉන්නවා. අන්තවාදී බවට හැරෙන කණ්ඩායම් එයින් වළක්වන්න අවශ්‍ය බලය ආරක්ෂක අංශවලට දෙනවා” යැයි ඔහු කීවේය. 

වසර 2011 දී සන්නද්ධ බුද්ධි අංශයක් ස්ථාපිත කළ බවත් එහි 5,000කට ආසන්න පිරිසක් සිටි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය. එහි අරාබි බස හැසිරවිය හැකි පිරිස් ද සිටි බවත් ඔවුන් අන්තවාදී අදහස් දරන කණ්ඩායම් සම්බන්ධයෙන් පරීක්ෂාවෙන් සිටි බවත් ඔහු කීවේය. වත්මන් ආණ්ඩුව එම අංශය විසුරුවා හැරි බව ද ඔහු කීය. 

“වත්මන් ආණ්ඩුව ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දුන්නේ නැහැ. එතැන පටළැවිල්ලක් තිබුණා. ඔවුන් වාර්ගික සංහිඳියාව ගැන කතා කළා, ඔවුන් මානව හිමිකම් ගැන කතා කළා. ඔවුන්ගේ පුද්ගල නිදහස ගැන කතා කළා” යැයි ඔහු පැවැසීය. 

රොයිටර් ඇසුරිනි  

055

 



අදහස් (54)

‘ඉස්ලාමීය අන්තවාදය නවත්වන්න මම එනවා’

Nil Sunday, 28 April 2019 10:26 AM

වෙන සුදුස්සකු ඔබ හැර මේ අවස්තාවේදී නැත.. මිනිමරු ආත්ම ඝාතකයන්ගෙන් පණ බේරාගැනීම ලාංකිකයන්ගේ එකම අවශ්‍යතාවය වී ඇත

:       7820       21606

tharindu Sunday, 28 April 2019 10:26 AM

ජය වේවා..

:       1477       7857

brave Sunday, 28 April 2019 10:27 AM

ආවට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට වටේ ඉන්න යන්නේ අර එයාපෝර්ට් ආපු සෙට් එකද? එහෙම නම් අපිට මොවුන් හොඳයි..

:       7102       2095

Thilina Sunday, 28 April 2019 11:22 AM

එයාපෝර්ට් සෙට් එකට ඡන්දය දුන්නේ කවුද? අපිම නේද? එතකොට මේ මනුස්සයා ජනාධිපති වුණත් පාර්ලිමේන්තුවට යවන්නේ අපතයින් නම් ආණ්ඩු කරන්න වෙන්නේ ඔවුන් එක්ක තමයි. කුහක නොවී මේ වෙලාවේ උදව් කරන්න.

:       457       1089

ධනුෂ්කSunday, 28 April 2019 02:32 PM

තනි පුද්ගලයෙක් වශයෙන් ඔබතුමා අතින් වැරදි සිදු වුනානම් ඒවා නිවැරදි කරගන්නවා කියමුකෝ. නමුත් ඔබ තුමා වටේ ඉන්නේ අර ලංකා ඉතාහාසයේ අපකීර්තිමත්ම නඩයට මොකද කරන්නේ. බලු වලේ නිදාගත්තොත් කිනිතුල්ලෝ එල්ලෙනවාමයි. හැබැයි වත්මන් පාලකයන්ගේ පාලනය නිසැකයෙන්ම ලංකා ඉතිහාසයේ අවසන් පාලන සමය විය යුතුයි. ඔබ තුමා බලයට එන්නත් කලින් භාවිත කරන භාෂා විලාසයත් ටිකක් භයානකයි. අන්තවාදීන් විනාශ කල යුතුයි. මේ අවස්ථාව බැරැරුම් අවස්ථාවක්. අපේ ලංකාවට වෙන්නේම ඉඟුරු දීලා ගම්මිරිස් අරන්, ගම්මිරිස් දීලා මිරිස් අරගෙන අවසනෙට කබලෙනුත් ලිපට වැටෙන වැඩ.

:       0       6

චින්තක Sunday, 28 April 2019 10:38 AM

ඔබතුමා තමා අපගේ මීලඟ ජනපති. රටට ජය!

:       755       2208

Migida Sunday, 28 April 2019 10:57 AM

ඔබ සමඟ සම්බන්ධතා පවත්වන මත්කඩු ගෙන්වන මුස්ලිම් වෙළඳුන් බොහෝය. ඔබ දැන හදන්නේ බොර දියේ මාළු බෑමට බව පැහැදිලිව පෙනේ. අයථා අන්දමට රජයේ දේපල පරිහරණය කර නඩු පැවරූ ඔබ ඉන් මිදීමට උසාවියට මෝසමක් ඉදිරිපත් කළ බව හැමදෙනා දන්නා කරුණකි. නීතිගරුක පුද්ගලයෙක් ජනාධිපති විය යුතුයි. කුමන වීරකම් කළත් ඔබ අමෙරිකානුවෙක් බව සලකන්න...

:       4947       3687

Thilina Sunday, 28 April 2019 11:28 AM

සිරිකොතේ මඩ බලකාය වැඩට ඇවිත්.. නිකන් නෙමෙයි අලුත් මඩකුත් හොයාගෙන.. ආයේනම් රැවටෙන්නේ නැහැ මහත්තයෝ..

:       1048       2200

මිගිදාSunday, 28 April 2019 12:07 PM

ඔබ තුමා වගේ මම එක එක්කෙනාට කඩේ යන කෙනෙක් නොවෙමි. නීතිගරුක දේශයට ජාතියට සහ බුදුදහමට මෙන්න අනිකුත් අගම් වලට ගරු කරන යමෙක් නම් එයට උදව් කල යුතුය. පසුගිය ව්‍යසනය ගැන විරුද්ද පක්ෂනායක අගමැති ජනපති සහ ඇමතිවරු දැන සිටියා නොවේද? විජේදාස සහ ජයන්ත මන්ත්‍රීවරුන් වසර ගණනාවක් මෙය සාකච්චා කර ඇත. ශරියා විශ්ව විද්‍යලයට අනුමැතිය දුන්නේ කව්ද. පුංචි මනස උරගා බලන්න.

:       512       285

නුවන්Sunday, 28 April 2019 11:49 AM

ඔබ බුද්ධිමය තොරතුරු සඟවා සිටින සෙයක් පෙනේ. කරුණාකර ඔබ දන්නා තොරතුරු අදාල ආයතන වෙත යොමුකර පුරවැසියෙකු සතු වගකීම ඉටු කරන්න. ඒ සඳහා මෙවැනි තැනක අදහස් ප්‍රකාශ කිරීමට කටයුතු කිරීමෙන් වැළකී සිටීම වැදගත්. මට හිතෙන්නේ ඔබ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් එතුමාගේ ආගමනය වැදගත් නොවන බව පෙන්වා දීමට කටයුතු කරමින් සිටී.

:       679       990

MigidaSunday, 28 April 2019 12:12 PM

නිකං ආවට ගියාට කතා ලියන්න එපා. මම දන්න බුද්ධාමය තොරතුරක් නැහැ. මඩ ගැහීමක් නොව ඇත්ත කිව්වෙ.

:       301       89

Thilina Sunday, 28 April 2019 01:33 PM

සර්ව සම්පූර්ණ මිනිසුන් දේශපාලනයේ නොමැති බව ඔබගේ ටිකිරි මොලයට නොවැටහෙන බව පෙනේ.. තොරතුරු දන්නේ නැත්තම් දන්නවා වගේ කියලා අපහාස නොකර ඉන්න. අවුරුදු 24 විපක්ෂ නායක වුණු ඔබගේ නායකයාට ඒ කාලේ බුද්ධි තොරතුරු ලබා දුන්නා නේද..? ඒත් බෝම්බ පිපිරුවා කියලා ආණ්ඩුව විපක්ෂ නායකට ඇඟිල්ල දික් කලේ නැහැ.. කවුරුවත්. තමන්ගේ හෙංචයියන්ට කඩේ යන්න බොරු කියලා අපහාස කරන්න එපා...

:       0       222

Kuma Sunday, 28 April 2019 11:01 AM

ජයවේවා මැතිඳුනි..! මේකට අන්ලයික් දාන සමනලයෙක් ඉන්නවා. තාමත් රට ගැන හැඟීමක් නැති කෙනෙක්...

:       1767       3433

Ruwan Sunday, 28 April 2019 11:05 AM

කසකරුවන් එනකොට පෙරහැර ළඟ බව දැනුණා... ජනතාව අලුත් නායකයින් සෙවිය යුතුය. ඒකාලේ තීන්දු තීරණ ගත්තේ කොහොමද කියලා උදාහරණ ඇතුව ෆොන්සේකා මහත්තයා කිව්වේ... එතැනදී එ්ක හරි වුණාට අන්තිමේදී එහෙම තීරණ ගත්තු නිසා එතුමාම එහි ගොදුරක් බවට පත් වුණා. අග්‍රවිනිශ්චයකාරතුමියට වුනෙත් ඒකමයි. මේ සියල්ලටම මුල නීතිය සාධාරණ ලෙස ඉටු නොවීමයි. නීතිය අකුරට ක්‍රියාත්මක කළහැකි නීතිගරුක පුද්ගලයෙක් හෝ නායකත්වයක් රටට අවශ්‍ය විනා දේශප්‍රේමී වේශයෙන් එන මංකොල්ලකරුවන් රටට අවශ්‍ය නැත.

:       2806       2570

අනිල් Sunday, 28 April 2019 11:34 AM

ඒක මේ රටේ බහුතර ජනතාව බලාගනියි. ඔයා නිකම් පනින්නේ නැතුව ඉන්න.

:       601       815

BamunuarachchiSunday, 28 April 2019 12:19 PM

කසකාරයෝ කව්රුත් නොවෙයි රටේ ජනතාව... අග්‍රවිනිශ්චයකාරතුමියට ගත් තීන්දුව වැරදිද? ඇගේ සැමියා මූල්‍ය වංචාවකට මේ රජය කාලෙම වැරදිකරු වුනානේද? සරත් ෆොන්සේකාම නේද මේ ආණ්ඩුවේ දුර්වලකම් පාර්ලිමේන්තුවේ කිව්වේ...

:       48       267

kule Sunday, 28 April 2019 11:18 AM

ශ්‍රී ලංකාවේ ආලෝකය ඔබයි. කළ හැකියි කියා පැමිණි අයට වඩා කළ හැකියි කියා සනාථ කළ ඔබට ජයවේවා...!!!

:       573       1042

asanga Sunday, 28 April 2019 11:20 AM

ජයවේවා..!

:       385       1047

rocky Sunday, 28 April 2019 11:22 AM

ඔබව නම් මේ රටේ ජනාධිපති හැටියට අපට කොහෙත්ම වුවමනා නැත..! තිබෙන අපරාධ චෝදනාවල හැටියට නඩු විභාග කෙරුණොත් ඔබට කුමක්වනු ඇද්දැයි සිතිය නොහැකිය..!!

:       1752       1127

නුවන් වික්‍රමසිංහ Sunday, 28 April 2019 11:59 AM

අපරාධකරුවන් සහ චෝදනාවලට ලක්වූවන් අතර වෙනස පැහැදිලි කරගන්න. වත්මන් දේශපාලනයේ සියල්ලම චෝදනා වලට ලක්වූවන්. මෙතුමාට මේ චෝදනා එල්ල කරන්නේ කොයිතරම් කාලයක සිටද? යහපාලනයේ අවසන් හෝරාව ගතකරන මේ මොහොත දක්වාම එම චෝදනා සම්බන්ධයෙන් කිසිදු කරුණක් ඔප්පු කර ගැනීමට නොහැකි වීමෙන්ම පෙනීයන්නේ ඒවා හුදු දේශපාලනික පුහු චෝදනා බවය. කරුණාකර පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නොව රට වෙනුවෙන් පෙනීසිටින්න.

:       295       442

Thilina Sunday, 28 April 2019 11:25 AM

කවුරු මොනවා කිව්වත් මේ මොහොතේ රටේ එකම බලාපොරොත්තුව ඔබයි.. අති බහුතරය සිංහල ජනතාවගේ ඡන්දය ඔබට ලැබෙනවා.. මොනව කරන්නත් කලින් රටක් ඉතුරු වෙන්න ඕනේ.

:       886       1351

d.upul Sunday, 28 April 2019 11:27 AM

යන්තම් සටන් පාඨයක් අහුලාගෙන...

:       1263       1212

SanjayaSunday, 28 April 2019 12:19 PM

එහෙම අහුලගන්නවත් සටන් පාඨයක් නැහැ... අමු කැවිලා...!

:       89       159

shan Sunday, 28 April 2019 11:27 AM

ඔය පැන්නේ බලලා මල්ලෙන් එළියට.. මේක ඇතිවෙන්න හැරලා සිරිසේන මගඇරියේ ඇයි කියලා දැන් වැටහෙනවා ඇති... අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ..

:       1514       1612

සෙන්දේ Sunday, 28 April 2019 11:28 AM

බොර දියේ මාළු බානවා කියන්නේ මොකක්ද ඇහුවත් මේක තමයි ගැලපෙනම නිව්ස් එක. අන්තවාදින්ට විල්පත්තු ලියලා, විශ්ව විද්‍යාල හදන්න අවසර දීලා දැන් අන්තවාදීන්ගෙන් රට බේරගන්නවා කියන්නේ විහිලුවක්...

:       1038       1041

Thilina Sunday, 28 April 2019 11:58 AM

දිය බොර කලේ කවුද ?? ඔයාගේ නායකයෝ දෙන්නා නේද ?? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ..මාළු පැන පැන එනවා බලන් ඉන්න .

:       320       445

yudevva Sunday, 28 April 2019 01:38 PM

විල්පත්තුව යුද උපක්‍රමයක් පමණි. කොටි ත්‍රස්තයින්ට පවුරක් එරෙහිව අාවොත් කැලය තුලම නැසෙන මොසාඩ් ක්‍රමයක් පමණි.. විසෙන් විස නැසීම...

:       3       16

ruwan Sunday, 28 April 2019 11:28 AM

උබලාට බලයම ඕනෙද ජාතිය රකින්න..? ලැජ්ජයි සිංහල ජාතියටම එකඑකාට දොස් කියකිය ඉන්නවා මිසක් ජාතියේ එකතුවීමක් නැහැ. හැමෝටම තියෙන්නේ බල තණ්හාවයි. ඒවාට රෙදි නැතිව කඩේයනවා.

:       984       1025

prabha Sunday, 28 April 2019 11:39 AM

ඔබතුමාට රටට යමක් කිරීමට ඇවැසිනම් ඊට ගැලපෙන කණ්ඩායමකුත් හදාගෙන එන්න වේවි. මහින්ද මහත්තයාගේ හොර නඩේ සහ හිටපු හමුදා නිලධාරීන් විතරක් වටකරගෙන ගමනක් යන්න හිතනවා නම් එ්ක සිහිනයක්..

:       257       315

asanga Sunday, 28 April 2019 12:00 PM

මෙතන dislike දාන අය අන්තවාදයට කැමති අය වගේ පෙනෙන්නේ.

:       117       224

Thushara Sunday, 28 April 2019 12:09 PM

ජාතියක ගාම්භීරත්වය පෙන්වීමට ඔබතුමා වටිනවා මේ අවස්ථාවේ

:       242       237

BamunuarachchiSunday, 28 April 2019 01:54 PM

අනික් අයට ජාතියේ ආරක්ෂාව වත් රැකගන්න බැහැ.

:       2       18

Darshana Sunday, 28 April 2019 12:18 PM

ඔබතුමාට ජය..!

:       172       141

පවන් Sunday, 28 April 2019 12:20 PM

හිටපු ආරක්ෂක ලේකම්තුමා, ඔබතුමා දැනුයි දන්නේ ඉස්ලාම් ත්‍රස්තවාදයක් ගැන. ඔබතුමා බොර දියේ මාළු බානවා.

:       335       342

sirimal Sunday, 28 April 2019 12:24 PM

ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් වුනා කියල කියපු දවසෙම රට පුරා බෝම්බ පුපුරා යාමත් ඒ එක්කම ජනාධිපතිවරණයට ඉදරිපත් වෙනවා යැයි ප්‍රකාශ කිරීමත් පුදුමාකාර සහසිද්ධියක්.

:       489       390

isurandi Sunday, 28 April 2019 12:44 PM

මෙතුමන්ලගේ මොන ප්‍රශ්න තිබ්බත් රටේ නායකත්වයක් දරන්න වෙන කෙනෙක් නැති තරම්. සරත් ෆොන්සේකා මහතා හා මෙතුමා වැනි අය රට ගැන හිතලා යමක් කරන්න පුළුවන් උදවිය ලෙසයි මමනම් දකින්නේ

:       9       88

Kamal Sunday, 28 April 2019 12:44 PM

ෂරියා විශ්ව විද්‍යාලයට අවසර දුන්නේ කවුද?

:       59       32

appu Sunday, 28 April 2019 01:31 PM

ෂරියා විශ්ව විද්‍යාලයට අවසර දුන්නේ මෑණියන් නොවැ... අමතක වෙලාද?

:       6       14

මිගිදාSunday, 28 April 2019 01:34 PM

දීපල්ලකෝ උත්තර.... ඕවා තමයි ත්‍රස්තවාදයේ තෝතැන්න...

:       50       14

මිගිදා Sunday, 28 April 2019 12:49 PM

“යුද්දෙට මම ගියා පණට බයේ මම රටම දාල ගියා “.

:       564       570

bona Sunday, 28 April 2019 01:04 PM

අසත්‍ය සත්‍ය බවට සමාජගත කරන සමාජයක මිනිසුන් මුග්ධයෝ සහ මෝඩයෝ බවට පත් කරන්න අපේ රටේ දේශපාලකයන් හරිම කැමතියි.

:       0       0

ඈපා Sunday, 28 April 2019 01:06 PM

අති විශිෂ්ටයි මැතිතුමනි, ඔබේ පැමිණීම දේශප්‍රේමී සියලු ජනතාව අපේක්ෂාවෙන් සිටියි..

:       85       144

gajan Sunday, 28 April 2019 01:34 PM

නැහැ කැපුවත් කොළ පරම්පරාවෙන් නම්බුවට දේශපාලනය කරන අය සිරිකොතේ අයි.එස් දැම්මත් දණගහල වඳිනවා එතනට... නමුත් ගෙදර බත් මුට්ටිය ඉදෙන්නේ නැහැ. ලොක්කට අතට අත දුන්නම ලොක්ක සබන් දමලා අත සෝදාගන්නවා.

:       12       74

Royitar Sunday, 28 April 2019 01:40 PM

මේකෙ දාලා තියෙන ලයික් ගාන දැක්කාම ලක්ෂ 62 මී කුලයේ තණකොළ කාලා පුන්නක්කු බොන අය ගෝඨාභය මහත්තයට විරුද්ධව දාලා තියෙන ඩිස්ලයික් ගාන පයට පෑගෙන දූවිල්ල ගානටවත් වටින්නේ නැහැනේ..

:       319       281

සේනාSunday, 28 April 2019 02:13 PM

පුන්නක්කු කාලා වතුර බිව්වෙ නැහැ වගේ. හිතට අමාරු වගේ. දැනට ඉන්න දේශපාලකයෝයි, ඔවුන්ගේ නෑ පරම්පරාවයි රටට වැඩක් නැහැ හලෝ.

:       23       26

Migida Sunday, 28 April 2019 01:54 PM

ජනමාධ්‍යයේ අවසානයට ළඟාවෙමුද?

:       116       130

Ruwan Sunday, 28 April 2019 02:13 PM

බමුණුආරච්චි මහත්තයා.. ඔයා කියන දේ හරි. මේ ආණ්ඩුව වගේම ජනාධිපතිත් දුර්වල බව ඇත්ත. එ්ත් මුල්‍ය වංචාවට වැරදිකරු බේරුවේ කවුද කියලා හොයලා බලන්න. අග්‍රවිනිශ්චයකාරතුමියට එල්ලකරපු චෝදනා ඇය ඉවත් කිරීමෙන් පසුව ඉවත් කර ගත්තේ ඇයි? ඇය නිදහස් වුනේ ඇයි? නීතිය කියන්නේ කන්න ඕනෑවුනාම තලගොයා කබරගොයා කිරීම් නෙමෙයි. රටක නීතිය ක්‍රියාත්මක කරන්න සරම් උස්සගෙන් යන ගමේ චණ්ඩි වගේ කරන්න බැහැ. මම කියන්නේ ඒ කාලේ ඒ ගොල්ලන්ට වුවමනා දේ කළා මිසක් රටේ නීතිය ගැන හිතුවේ නැහැ කියන එකයි.

:       158       40

BamunuarachchiMonday, 29 April 2019 02:10 AM

රුවන් මහතාගේ රුවන් අදහසට පිළිතුරු මෙන්න. රුවන් දැන් මේගොල්ලෝ රටේ නීතිය ක්‍රීයාත්මක කලයුතු තැන ක්‍රීයාත්මක කලාද? අග්‍රවිනිශ්චකාරවරිය අස්කලා කියා රටට කිසිම කරදරයක්, ආපදාවක්, පාඩුවක් වුනේ නැත. නමුත් අවි ආයුධ බුරුතුපිටින් සොයාගෙන අදාළ පුද්ගලයින් අසුවෙලත් ඔවුන්ට විරුද්දව නීතිය ක්‍රීයාත්මක නොකිරීම නිසා රටේ ඇති වුන විනාසය, අග්‍රවිනිශ්චකාරවරිය ඉවත් කිරීම වගේද? එක කාලයක තමන් බලාපොරොත්තු වුන තීන්දුව නොලැබුන නිසා විනිශ්චය කාරවරුන්ට ගල්ගැසීම සේවයෙන් ඉවත් කිරීමට වඩා අපහාසයක් ලෙස ඔබ දකින්නේ නැද්ද? රුවන් මේක බාල දේශපාලනය.

:       6       0

BamunuarachchiMonday, 29 April 2019 02:22 AM

මුල්‍ය වංචාවට වැරදිකරු කොට අධිකරණ තීන්දුව දුන්නේ මේ ආණ්ඩුව කාලේ. වැරදිකරු බේරුවේ මේ ආණ්ඩුව නැතුව මහින්ද මහතා නොවෙයි.

:       0       0

ශෙහාන් යාපා Monday, 29 April 2019 04:32 AM

ඇත්තටම ඔබතුමා තමයි මේ රටේ ඊලග නායකයා. ඒක තව තවත් ඔප්පු වුන ආණ්ඩුව ඇමරිකාවේදී ඔබතුමාට විරුද්ධව නඩු දාපු එකෙන්ම. ඒ මොන බාධකය ආවත් මේ රට රකින දෙවිවරු ඔබතුමා රකිනවා. ඒ අපේ මවුබිම රකින්න ඕන නිසා. මගේ මවුබිම සුරකින්නට ඔබතුමාට ශක්තිය ‍ධෛර්ය වාසනාව ලැබේවා! ඒ සදහා දැනටමත් සියලුම සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් ප්‍රගතිශීලී ජනතාව පෙලගැසී හමාරය.

:       40       0

kamaniMonday, 29 April 2019 09:40 AM

සිහිනයක් පමණයි. නැවත ජනාධිපති කරන්න ඔබලාට පිස්සුද..? වඳුරාට දැලි පිහිය....

:       0       2

shan Monday, 29 April 2019 04:34 AM

ජනතාව තමන්ගේ සුව පහසුව තකා "ඉගුරු දීල මිරිස් ගන්න" ක්‍රියා නොකරයි කියා බල පොරොත්තු වෙනවා ......

:       0       12

sohonandasena parajaksha Monday, 29 April 2019 09:56 AM

අනේ එපා ! කොහොමටවත් එපා ! මේ කරගෙන යන විදිය හොදයි

:       0       3

Chanak Los angeles Tuesday, 30 April 2019 05:15 AM

මේ වෙලාවේ අපි රජයට සහයෝගය දෙනවා කියා කියනවා වෙනුවට පාලන බලයට තිබෙන කෑදර කම නිසා අන්තවාදය නැති කරන්න මම බලයට එනවා කියනවා .. එහෙනම් මේ පහරදීම් කාගේ අනුදැනුම් පිට සිදුවෙනවාද කියා දෙපාරක් හිතන්න ඕනේ නැහැ. බලලා මල්ලෙන් එලියට පැනලා . බුද්ධිමත් මිනිසුනේ මෙහෙව් කයිරාටිකයන් පිලිබඳ දැනුවත් වෙයල්ලා ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 367 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 529 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site