
(යොහාන් භාසුර)
විනය විරෝධී ක්‍රියා හේතුවෙන් මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලංකා සතොස හිටපු ප්‍රධානියෙක් හොර පාරෙන් නැවත සේවයට ඒමේ උත්සාහයක් ඇති බවට කුරුණෑගල සතොස සේවකයන් පිරිසක් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබේ.
සුදු ලූණු වංචාවත් සමඟ ලංකා සතොස පිළිබඳව ජනතාව තුළ සැකයක් නිර්මාණය වී ඇති වර්තමානයේ විනය විරෝධී ක්‍රියා රැසකට චෝදනා එල්ල වූ එම නිලධාරියා නැවත සේවයට නොගන්නා ලෙසත් ඔහු නැවත සේවයට ගතහොත් සතොස ආයතනයට හානියක් වන බවත් කුරුණෑගල සතොස සේවකයෝ පවසති.
මීට වසර නවයකට පමණ පෙර ලංකා සතොස ආයතනයේ සේවයට පැමිණ ඇති මෙම නිලධාරියාට එරෙහිව මේ වන විට විනය කඩ කිරීමේ චෝදනා 10 කට අධික සංඛ්‍යාවක් යොමු වී ඇති බව ද සතොස සේවකයෝ කියති.
ලංකා සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ අදාල පුද්ගලයා සම්බන්ධ විමර්ශන වාර්තාවක් හෝ මේ දක්වා ලැබී නොමැති තත්වයක් තුළ ඔහු නැවත සේවයේ පිහිටුවිය නොහැකි බවත් අදාල පුද්ගලයා චෝදනාවට වැරදිකරු හෝ නිවරදිකරු හෝ වීම මත නැවත සේවයේ පිහිටුවීම තීරණය වන බවත්ය.
එම පුද්ගලයා නැවත සේවයේ පිහිටුවූවද නැවත කුරුණැගල දිස්ත්‍රික්කය ලබානොදෙන බව ද සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
ඇමරිකන් ජාතිකයන්, පැරදිච්ච අය, මිනීමරුවන්, හොරුන්, දුෂිතයන් පාර්ලිමේන්තුවට එනවා නම්, මේ මොන කතා...
මූව හොර පාරෙන් ගෙන්න හදන එක තමයි මූත් එක්ක එකතුවෙලා කුරුණෑගල සතොසේ වංචා ඔක්කොම කලේ .ඒකයි ආයිත් මේ හෝරාව ගෙන්න හදන්නේ
කව්රු අවත මේ වගේ වැඩ නවත්වන්න බෑ .මේවා රටට් ජාතියේ දියුණුව වෙනුවෙන් දෙපු රස්සා නෙමෙයි .දේශපාලන පත්වීම්
හොරා හොරාම තමයි