(නිමල කොඩිතුවක්කු)
ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසඳුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක‍්‍රමවේදයක් ලංකාවට හඳුන්වාදීමට බි‍්‍රතාන්‍ය රජය සිය කැමැත්ත පලකර තිබේ.
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක සහ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවය පළව තිබේ.
දෛනිකව ඉහල යන විදුලි ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් වෙනුවෙන් අවම මිලක් සහිත පරිසර හිතකාමි විදුලි උත්පාදන ක‍්‍රමවේදයන්ට මේ වනවිට ශ‍්‍රී ලාංකීය විදුලිබල ක්ෂේත‍්‍රය යොමුවෙමින් පවතී.
එහි තවත් එක් වැදගත් සංදිස්ථානයක් වශයෙන් මෙම අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ ක‍්‍රමවේදය හදුන්වාදිය හැක.
මේ ආකාරයෙන් ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීම තුළින් රටේ විදුලිබල ගැටළුවට මෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුවටද සතුටුදායක විසදුම් ලබාගත හැකි බව අමාත්‍ය රවී කරුණානායක මහතා එහිදී පැවැසීය.
තාක්ෂණික ඥාණය උපයෝගි කරගනිමින් ඉවත ලන ද්‍රව්‍ය තුළින් විදුලිය නිපවීම ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රචලිත කිරීමෙන්, ශ‍්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත‍්‍රයට, විදුලි පාරිභෝගිකයාට මෙන්ම රට වැසියාටම එය කිහිප ආකාරයකින් සහනයක් වියහැකි බව එහිදී බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.
ඉවතලන ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් විදුලිය නිපදවීම සම්බන්ධයෙන් හැකි ඉක්මනින් රජයේ මෙන්ම විදුලි ක්ෂේත‍්‍රයේ අදාළ නිලධාරීන් දැනුවත් කර, ඉදිරි වැඩකටයුතු දියත් කිරීමට තමා කැපවී කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ පූර්ණ සහයෝගය තමා අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ අවුරුද්දේ ආපහු ඕකම කියාවි
ඇයි මෙවැනි දේ අපේ විශ්ව විද්‍යාල වලින් ඉගෙනගත් විද්‍යාර්තයින්ට කරන්නට බැරි? ඒ අයට පුළුවන් පෙළපාලි යාම පමණද?
මට මතකයි මේ වැඩේ අපේ කෙනෙක් කරන්න ගියා... මොකද දැන් එ්කට වුනේ?
ලෝකයේ බොහෝ රටවල් කුණු සම්පතක් කර ගත් යුගයක අපි තවමත් කුණු කුණුවීමට ඉඩහැර තිබීම කණගාටුදායක කරුණක්... අනික මේ අකාරයට කුණු සම්පතක් කරගන්න හැකියාව ඕනෑතරම් තිබියදී ඇයි පරිසරය වනසන ව්‍යාපෘති අරඹමින් කුණු වල දමන්න හදන්නේ?
ඔන්න ආපහු විදුලි ඉංජිනේරුවන්ගේ වැඩේ දේශපාලකයෝ බාරගෙන මේ රටේ මේ විදුලි අර්බුදයට මූලිකව වගකියන්න ඕන මේ පාලකයෝ . අනික මේ උන්නැහේ අතගහපු මොන වැඩේද හරියට කරේ ? මෙතන තියන තාක්ෂණික පැත්ත මේකයි රටකට මේ වගේ පුනර්ජනනීය විදුලිය නිපදවන එක හොඳයි නමුත් ඒවායේ බරපතල සීමාවන් තියනවා . රටේ අවශ්‍යතාවය සපුරන්න නම් අනිවාර්යයෙන් දැනට ලාබම දෙයවන ගල් අඟුරු හෝ "ද්‍රව බවට පත්කරනලද " ස්වාභාවික වායු වලට යායුතුමයි . එක නොකර දේශපාල ව්‍යපෘති කලොත් රට අඳුරේ ! ඩීසල් කාරයන්ගේ සාක්කු පිරේවි !
වැඩේ නම් හොඳයි.. ඒත් මේ සහාය ලබාගන්න අත්සන් කරපු ගිවිසුම් එහෙමත් හෙළි කරා නම් තවත් හොඳයි.. මොකද ඇමරිකාවට වගේ කොටසක් ලියලා නොදී මෙවැනි දේ කරන්න ඉදිරිපත් වෙන එකක් නෑ ඔය රටවල්..
එන්ටර්ප්‍රයිස් ලංකා එකේ සල්ලිත් තියෙන එකේ ලංකාවේ ඉන්ජිනේරුවෝයි, ලංකාවේ ව්‍යවසයකයෝයි, ලංකාවේ විශ්වවිද්‍යාලයි එකතුවෙලා පොඩ්ඩ පොඩ්ඩ හරි තමන් විසින්ම කරොත් තම හොඳ. මොකද යම් කිසි දෙයක් පටන් අරන් කරගෙන යද්දී අවශ්‍ය දැනුම ලංකාවට හරියන විදියට ලංකාවේ මිනිසුන් විසින්ම කරගෙන ගියොත් අත්දැකීමක් හැටියට පසුව එන ළමයිටද විශ්වවිද්‍යාල වලදී උගන්වන්න පුළුවන්. එහෙම නැත්නම් එම දැනුම ගන්න විශාල මුදලක් දීල පිටරටවල ගහිල්ල ඉගෙනගන්න වෙනවා. ලංකාවේ දැනුම ඉතිරි වෙන්නෙත් නැහැ එක එක රටවල් වලට ණය වෙන එක තම ඉස්සරහට වෙන්නේ.