(ජයන්ත සමරකෝන්)
සිය ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුණහොත් 24 දින සිට අඛණ්ඩ වැඩවර්ජනයක නියැලීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය හා රජයේ විධායක නිලධාරීහු තීරණය කර ඇතැයි එම සංගම් පවසති.
මෙම සේවාවන්ට රුපියල් 50000 ක දීමනාවක් ලබා දීමට ගත් තීරණයට එරෙහිව රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව 23 වැනිදා ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකරන බව එහි කැඳවුම්කරු උදේනි දිසානායක මහතා පැවැසීය.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා පැවසුවේ සිය වැටුප් විෂමතා සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ මෙම මස 23 වැනිදා අමාත්‍ය මණ්ඩල අනු කමිටුය වෙත යැවීමට අද පැවැති සාකච්ඡාවකදී ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා එකග වු බවය.
රජයේ විධායක නිලධාරීන්ගේ එක්බද්ධ කමිටුවේ ප්‍රධාන ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා කියා සිටියේ සිට වැටුප් විෂමතා වලට මෙම මස 24 වැනිදා විසඳුම් ලබා දීමට අමාත්‍යවරයා පොරොන්දු වී ඇති බැවින් 23 වැනිදින ආරම්භ කිරීමට තීරණය කර තිබූ එක්දින සංකේත වැඩවර්ජනය අත්හල බවයි.
COMMENTS
මේ දිනවල කරන වැඩවර්ජන, උද්ඝෝෂණ එකක්වත් සාධාරණ නැති නිසා තමයි කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් මේ ගොල්ලන්ට කතා නොකළේ.. එන්න අපිත් එක්ක වැඩකරන්න. අපි බලයට ආ ගමන් ඔය පොරොන්දු ඉටුකරනවා කියා...
හිටිහැටියේ රට පුරා සංවිධානාත්මකව වැඩ වර්ජන රැල්ලක් බිහි කරන්නේ මොන දේශපාලන පක්ෂයකට අයත් සංගම්ද කියලා හොයලා බැලුවොත් ඒ ගොල්ලන්ගේ සැබෑ අරමුණ සොයාගන්න පුළුවන්. අහිංසක ජනතාව කරදරයේ වට්ටවමින් දේශපාලන පක්ෂයක් ජයග්‍රහණය කරවීමේ අදහසින් කරන මේ වගේ ජරා වැඩ සියලුම දෙනා පිළිකුලෙන් යුතුව බැහැර කළ යුතුයි. එවැනි කණ්ඩායම්වලට උල්පන්දම් දෙන අපේක්ෂකයිට ඡන්දය දීමෙන්ද වැළකී සිටිය යුතුයි. නැතුව මේ රට හදන්න බැහැ..
මේ සෑම වෘත්තියකම යෙදෙන සහ වැඩවර්ජන කරමින් අහිංසක මිනිසුන් තලාපෙලා දමන ඔහෙලා "මෙතෙක් ගත්ත සහ ගන්න වැටුපට හිතට එකඟව අවංකව එම මුදල් වෙනුවෙන් සේවයක් " කෙරුවේද? කරන්නේද? කරුණාකර ඔබ සියල්ලම අවංකව අපගේ මෙම පැනයට පිළිතුරු ලබාදෙන්නේ නම් අගය කරන්නෙමු. වර්ජන කරන සියළුම වෘත්තීකයන් පොදුවේ මෙය අසන බැවින් කිසිවෙකු අවංක හදවතින් කතා කරන්නේ නම් අප එය අගය කරන්නෙමු.
සාමාන්‍ය මහජනතාව බිල්ලට දීල (බ්ලැක් මේල් ) මේ ගොල්ල ඔක්කොම තමන්ගේ මල්ල පුරවා ගන්න හදන එක ලජ්ජා නැති වැඩක්.
මෙම කණ්ඩායමේ සිටින වැඩිදෙනා 1994 ත් 2015 ත් අතර පත්වීම්ගත් පිරිස් වෙනවා. දැනට මැතිවරණ කොමිසම නිකුත්කර ඇති චක්‍රලේඛය අනුව රජයට මොවුන්ගේ ඉල්ලීම් ඉටුකරන්න බැහැ. මොවුන් කරන්නේ පවතින රජය දැඩිම අගතියට පත්කිරීමක්. ඒ හැර මොවුන්ට දේශපාලන කටයුතුවලට සෘජුව හෝ වක්‍රව උදව්කරන්නත් බැහැ. එ් නිසා මොවුන් කරන මෙම කටයුතු නැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමක් බව කියන්න වෙනවා.
ඔය වැඩ වර්ජනවලින් පොදු ජනතාව අද දක්වා කළ ඉල්ලීම්වලට ලැබුණු ප්‍රතිචාර කොහොමද? අද වැඩ වරන්න වෙලා තියෙන්නේ පොදු ජනයට. ජනතා ඉල්ලීම් වලට පස්ස හරවන අය ඒ ගොල්ලන්ගේ ඉල්ලීම් ඉල්ලනවා.
ජනාධිපතිවරණ මැතිවරණය ගැසට් කරලා තියෙන වෙලේ මෙවැනි වැඩවර්ජන කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළයුතුයි. ඔවුන් උත්සාහ කරන්නේ පවතින ආණ්ඩුවෙන් ඒ දේවල් බලෙන් ලබාගැනීම ඡන්දේ පෙන්න පෙන්න. වහාම මැතිවරණ කොමිසම මැදිහත්විය යුතුයි. අනික තමන්ට පඩි ප්‍රශ්න තිබේනම් අයින් වෙලා වෙන ජොබ් එකක් හොයාගන්නකෝ.. රටේ මහජන මුදල් නාස්ති කරන්නේ නැතුව. දේශපාලනය කරන අයට වඩා රට කන්නේ මේ නිලධාරීන් තමයි.
සරල ලෙස මේ සියල්ල ආණ්ඩුව වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් තොරාගත් කාණ්ඩවලට ඡන්දයේදී වාසිදායක කොටස්වලට වැඩි කිරීම නිසා සිදුවිය. කණගාටුව එහි විපාක ජනතාවට විඳීමට වීමයි.