IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘‘ඉරානයේ සංස්කෘතික ස්ථානවලට පහරදීමට සැලසුම් කිරීම යුද අපරාධයක්‘‘

ඉරානයේ සංස්කෘතික වටිනාකමකින් යුත් ස්ථානවලට පහර දීමට ගන්නා ඕනෑම තීරණයක් යුද අපරාධයක්යැයි  ඉරාන විදේශ අමාත්‍ය ජවාද් සරීෆ් පැවැසීය.

ඉරානයේ සංස්කෘතික ස්ථාන ඇතුළු එරටට වැදගත් ස්ථාන 52ක ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සෙනසුරාදා රාත්‍රියේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඉන් පැය කිහිපයකට පසු ඉරාන විදේශ අමාත්‍යවරයා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

“සංස්කෘතික ස්ථානවලට පහරදීමට සැලසුම් කිරීම යුද අපරාධයක්” යැයි ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ් නිකුත් කළ එම ට්විටර් පණිවුඩයේ දැක්විණි.

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (7)

‘‘ඉරානයේ සංස්කෘතික ස්ථානවලට පහරදීමට සැලසුම් කිරීම යුද අපරාධයක්‘‘

Chandima Sunday, 05 January 2020 04:30 PM

එතකොට පල්ලි, පන්සල්, බුදුපිළිම, වලට පහරදීම...

:       353       185

ThiwSunday, 05 January 2020 06:58 PM

ලෝකෙ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ වගේ...

:       0       52

TrumpSunday, 05 January 2020 11:50 PM

මෝඩ කතා කියන්න එපා අයි.එස්.අයි.එස් වගේ අන්තවාදී මුස්ලිම් පිරිස් කරන දේවලට පොදුවේ හැමෝටම දොස් කීම වැරදියි. ඒ වගේම අමතක කරන්න එපා ඇමරිකාව කියන්නේ ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරපු රටක්...

:       103       146

vidya Sunday, 05 January 2020 11:42 PM

මේ ගොල්ලන්ගේ ආගම අදහන කට්ටිය තමයි අතීතයේ ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කලේ, ඇෆ්ඝනිස්ථානයේ මිනිසා විසින් නිර්මාණය කළ බුදු පිළිමවලට දවස් ගණනක් වෙඩි තියලා විනාශ කලේ. යුරෝපයේ කරලා තියන විනාශ කියලා නිම කරන්නට බැහැ. එ්ක නිසා තමයි මේ ගොල්ලන් මේ ගොල්ලම මරාගන්නේ... අතර මැදට වෙලා දහදුක් විඳින්නේ අහිංසක ගැහැණු සහ අහිංසක දරුවන්...

:       57       29

ජීවන්ත Monday, 06 January 2020 02:53 AM

අනිවාර්යයෙන්ම සංස්කෘතික ස්ථානවලට තමයි පහර දෙන්න ඕනෑ හමුදාවලට නෙමෙයි. ඔය සංස්කෘතිය නිසා තමයි අපිට බෝම්බ පාරවල් කන්න වෙලා තියෙන්නේ. ඔය සංස්කෘතිය නැතිකර දමනවා කියන්නේ ලෝකයටම බලපාන ලොකුම තර්ජනයක් ඉවත් කරනවා කියන එකයි.

:       166       208

Lakmina Monday, 06 January 2020 03:32 AM

ඉරානයේ තියන පුරාවිද්‍යා වටිනා ස්ථාන සමහරක් ලෝක උරුම, ලෝකයේ මිනිසුන් මුල්ම ශිල්පීය දායකත්වය...

:       2       27

Gamage Monday, 06 January 2020 04:16 AM

ඔය කියන ඇමරිකන් කාරයින්ට සංස්කෘතියක් නැහැ. උපරිම වසර 200යි. රතු ඉන්දියානුවන්ගේ තිබුණු හැම දේම විනාශ කරලා දැම්මා. ඔය ඇමරිකානුවන්ට සංස්කෘතිවල අගයක් නැහැ. කොහෙද තෙල් තියෙන්නේ විටිනා ඛනිජ සම්පත් තියෙන්නේ එහෙට ගොඩබාවි. ඔය අපේ රටටත් කරගන්න යන්න MC ගිවිසුම ගැනත් හොඳින් කලපනා කරන්න ඕනේ... ඉරානයෙන් කාගෙන්වත් කරදරයක් නැහැ. කිසිම රටක් ආක්‍රමණය කරලා නැහැ. ඇමරිකාව මොනතරම් සම්බාධක දැම්මත් තවමත් වැටෙන්න නැතිව ඉන්න ඒ රට හැදිලා තියෙන්නේ.. ඔය මිනිස්සුන්ගේ තියෙන දක්ෂකම නිසා.

:       202       374

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 977 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site