ඉරානයේ සංස්කෘතික වටිනාකමකින් යුත් ස්ථානවලට පහර දීමට ගන්නා ඕනෑම තීරණයක් “යුද අපරාධයක්” යැයි ඉරාන විදේශ අමාත්‍ය ජවාද් සරීෆ් පැවැසීය.
ඉරානයේ සංස්කෘතික ස්ථාන ඇතුළු එරටට වැදගත් ස්ථාන 52ක ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සෙනසුරාදා රාත්‍රියේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉන් පැය කිහිපයකට පසු ඉරාන විදේශ අමාත්‍යවරයා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.
“සංස්කෘතික ස්ථානවලට පහරදීමට සැලසුම් කිරීම යුද අපරාධයක්” යැයි ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ් නිකුත් කළ එම ට්විටර් පණිවුඩයේ දැක්විණි.
ඒ.එෆ්.පී.
055
COMMENTS
එතකොට පල්ලි, පන්සල්, බුදුපිළිම, වලට පහරදීම...
මේ ගොල්ලන්ගේ ආගම අදහන කට්ටිය තමයි අතීතයේ ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කලේ, ඇෆ්ඝනිස්ථානයේ මිනිසා විසින් නිර්මාණය කළ බුදු පිළිමවලට දවස් ගණනක් වෙඩි තියලා විනාශ කලේ. යුරෝපයේ කරලා තියන විනාශ කියලා නිම කරන්නට බැහැ. එ්ක නිසා තමයි මේ ගොල්ලන් මේ ගොල්ලම මරාගන්නේ... අතර මැදට වෙලා දහදුක් විඳින්නේ අහිංසක ගැහැණු සහ අහිංසක දරුවන්...
අනිවාර්යයෙන්ම සංස්කෘතික ස්ථානවලට තමයි පහර දෙන්න ඕනෑ හමුදාවලට නෙමෙයි. ඔය සංස්කෘතිය නිසා තමයි අපිට බෝම්බ පාරවල් කන්න වෙලා තියෙන්නේ. ඔය සංස්කෘතිය නැතිකර දමනවා කියන්නේ ලෝකයටම බලපාන ලොකුම තර්ජනයක් ඉවත් කරනවා කියන එකයි.
ඔය කියන ඇමරිකන් කාරයින්ට සංස්කෘතියක් නැහැ. උපරිම වසර 200යි. රතු ඉන්දියානුවන්ගේ තිබුණු හැම දේම විනාශ කරලා දැම්මා. ඔය ඇමරිකානුවන්ට සංස්කෘතිවල අගයක් නැහැ. කොහෙද තෙල් තියෙන්නේ විටිනා ඛනිජ සම්පත් තියෙන්නේ එහෙට ගොඩබාවි. ඔය අපේ රටටත් කරගන්න යන්න MC ගිවිසුම ගැනත් හොඳින් කලපනා කරන්න ඕනේ... ඉරානයෙන් කාගෙන්වත් කරදරයක් නැහැ. කිසිම රටක් ආක්‍රමණය කරලා නැහැ. ඇමරිකාව මොනතරම් සම්බාධක දැම්මත් තවමත් වැටෙන්න නැතිව ඉන්න ඒ රට හැදිලා තියෙන්නේ.. ඔය මිනිස්සුන්ගේ තියෙන දක්ෂකම නිසා.