
(විනීතා එම් ගමගේ)
මෙරට තේ ඉරානයට වැඩි වශයෙන් අපනයනය කිරිමේ සහ එයින් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ජාතික ඉරාන තෙල් සමාගමට දිගුකාලිනව ගෙවීමට ඇති ණය පියවිමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සහිත අවබෝධතා ගිවිසුමක් ඉරානය හා ශ්‍රී ලංකාව අතර පසුගිය දා අස්සන් කෙරිණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ඉරාන ඉස්ලාමිය ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය ඇලිරිසා පැමන්පැක් මහතා මෙම ගිවිසුමට අස්සන් කරනු ලැබුයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ දීය.
මේ වනවිට ශ්‍රී ලංකාව ජාතික ඉරාන තෙල් සමාගමට ඇමරිකානු ඩොලර් 250,925,169 ක් දිගුකාලින ණය වශයෙන් ගෙවීමට නියමිතව ඇත.
එම මුදල රුපියල්වලින් ගෙවීමට ද මෙම ගිවිසුම අනුව අවස්ථාව හිමිවන බැවින් මෙරට තුළ විදේශ මුදල් ඉතිරිවන බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කියයි.
2016 වනවිට ඉරාන මෙළඳපොලේ සියයට 47 ක් හිමිකරගෙන සිටි ලංකා තේ කර්මාන්තය 2020 වනවිට සියයට විසිපහ දක්වා පහත වැටී ඇති බවත්, ගෙවීමේ ගැටළු ඉරාන රියාල් ක්ෂ්ය වීම වැනි ගැටළු ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපෑ බවත් අමාත්‍යංශය පෙන්වා දෙයි.
මේ අතර ඉකුත් 2012 වසරේ ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට සම්බාධක පැනවිමත් සමග බැංකු පද්ධතිය හරහා මුදල් ගෙවීමට පිළිගත් යාන්ත්රණ්යක් නොමැති වූ අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ට ඉරාන ගැනුම්කරුවන් ගෙන් මුදල් ලබාගැනීම අපහසු විය. මේ නිසා අතරමැදි රටවල් හරහා ගෙවීම් සිදුවන අතර එය ද බොහෝ බාධාකාරි තත්ත්වයන් ඇති කර තිබේ.
කෙසේ වෙතත් මෙම ගිවිසුම හරහා එකී ප්‍රශ්න බොහොමයකට පිළිතුරු ලබාගත හැකි බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
COMMENTS
රුපියල්වලින් ගෙවලා විදේශ මුදල් ඉතුරු කරනවලු මේ ගිවිසුමෙන්. විදේශ මුදල් තිබුනුත් නේ ඉතුරු කරන්නත්?
මේක බෞද්ධ රාජ්‍යක් මොකටද මුස්ලිම් රටවල් එක්ක ගිවිසුම් ගත වෙන්නේ, ලජ්ජා නැද්ද.?
දියේ ගිලෙන කොට පිදුරු ගහක හරි එල්ලෙන්න එපායැ...