(සුමිත් ප්‍රේමතිලක)
ඩුබායි රාජ්‍යයේ සැගව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක "මාලවෙල ඉන්දික" නැමැත්තාගේ මෙරට ජාවාරම සිදුකරන "ඌරගහ චූටි බේබි" නැමැත්තිය අද (05) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි .
ඇල්පිටිය,ඌරගස්මං හන්දිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකාර කාන්තාව ඉමෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් ජාවාරම සිදුකර ඇති අතර , ඇයට එරෙහිව මහාධිකරණ නඩු හතරක් පවතින බවද පොලිසිය කීය .
සංචාරක හෝටල්වල කාමර කුලියට ගෙන රැඳී සිටිමින් ජාවාරම සිදුකරන සැකකාර කාන්තාව, අලුත්ගම , මොරගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකට යමින් සිටියදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 12 යි මිලිග්රැම් 650 ක් සමගින් අත්අඩංගුවට ගෙන ජාවාරම සදහා යොදාගත් නවීන ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකාරිය අලුත්ගම පොලිසියට බාරදි ඇති අතර , කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉමෝ හරහා කුඩු වික්ක ’’ඌරගහ චූටි බේබි’’ අත්අඩංගුවට