
(කේ.ආර්.රාජමන්ත‍්‍රී)
කොරොනා වසංගතය හේතුවෙන් වසාදමා තිබු රත්කරවිව මාලිගාතැන්න ප‍්‍රාථමික පාසැල ආරමිභ කිරිමට විදුහල්පතිවරයා නොපැමිණිම නිසා ගුරුවරයකු පාසල් ප‍්‍රධාන දොරටුවේ ඉබියතරු කඩා ළමුන් ඇතුලත්කර අධ්‍යාපන කටයුතු ආරමිභ කළේය.
ළමුන් 200 අඩු පාසල් අද දින සිට විවෘත කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේය.
වැලිමඩ මාලිගාතැන්න ප‍්‍රාථමිකයේ ගුරුවරයකු වන වැලිමඩ ඌවපරණගම ගුරු එකමුතුවේ සභාපති ජී.එමි.පී.එන්.ගජසිංහ මහතා, ප‍්‍රධාන දොරටුවට යොදා තිබු ඉබියතුරු යකඩ ඉන්නක් භාවිතාකර කඩා දමන ලදි.
ඉන්පසු සේවයට පැමිණි ගුරුවරු ගුරුවරියන් 04 දෙනකු සමග ආගමික වතාවත් ඉටුකරමින් ඉගැන්විම් කටයුතු ආරමිභ කරණු ලැබුහ. වැලිමඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දුරකථනය මගින් දැණුවත් කිරීමෙන් අනතුරුව ඔහු මේ ආකාරයට ඉබි යතුරු කඩා පාසලේ කටයුතු ආරම්භ කළේය.
පාසලේ ආරක්ෂාවට ඉබියතුරුදමා වසා තිබුන ප‍්‍රධාන දොරටුට බලහත්රකායෙන් විවෘතකර ඇතුලූවිමට එරෙහිව එහි විදුහල්පති ඩබිලිවි.ඇමි. ගුණවර්ධන මහතා පොලිසිය පැමිණිල්ලක් කර ඇත.

COMMENTS
දැන් පාසල විවෘතකළ ගුරුවරයාට චෝදනා පත්‍රයක් අධ්‍යාපන බලධාරීන් දෙන්නත් පුලුවන් මේ යන විදියට. මේ පාසලයි දරුවොයි දැක්කහම අධ්‍යාපනයේ විශමතාවය මනාව පෙනෙනවා. මේ අහිංසක දරුවන්ට පාසල විවෘතකර අධ්‍යාපනය ලබන තත්වයට පත්කිරීම ගත් උත්සාහයට මේ ගුරුතුමාට මාගේ පැසසුම හිමිවෙනවා. ධෛර්යයෙන් ඉදිරිගමන යෑමට සියලු දෙනාගේ ආශිර්වාදය ලැබේවා.
ඒ් එඩිතර ගුරුතුමන්ලා ආරක්ෂා කරගැනීම සඳහා දෙමව්පියන් පෙරමුණ ගත යුතුය. පොලිසියට පැමිණිලි දැමූ විදුහල්පතිවරයාට සුදුසු පරිදි ගෞරවය දැක්වීමටත් පසුව කටයුතු කලාට කම් නැත. රජයද මෙහිදී පූර්ණ ආරක්ෂාව ලබාදිය යුතුය. අවසානයේ අර විදුහල්පතිවරයා රැක ගෙන පාසැල විවෘත කෙරූ ගුරුවරුන් අපහසුතාවයට පත් නොකල යුතුය. ඒ් ගුරුවරුන්ට තව දුරටත් ඒම විදුහලේ විදුහල්පතිවරයාගේ පලි ගැනීම්වලට ලක් නොවනු පිණිස විදුහල්පතිවරයාව අති දුෂ්කර පළාතකට මාරු කල යුතුය.
විදුහලේ ප්‍රධානියා විදුහල්පති තමයි. නමුත් විදුහලක් යනු ඔහුගේ පෞද්ගලික බූදලයක් නෙවෙයිනෙ ඉබ්බො දාලා ගෙදරට වෙලා ඉන්න.
අතින් වියදම් කරගෙන හෝ අළුත් ඉබ්බෙක් දමා ඒක යතුරක් තමා භාරයේත්, තව යතුරක් කළාප අධ්‍යාපන කාර්යාලයේත්, තවත් යතුරක් ඇත්නම් පොලිසිය වෙතත් විධිමත් පරිදි භාර දෙන්න. අර පුද්ගලයා එම ඉබි යතුරු කැඩුවහොත් ඔබත් පොලිස් පැමිණිල්ලක් දමන්න. පැමිණිලි දැමූ ඒවැනි පුද්ගලයන් මේ රටට පිළිලයන් වේ.
බයියෝ සෙට් එකක් වගේ පේන්නේ.
මේ ඉස්කෝලේ ළමයි කීයක් විභාග පාස් වෙනවද ? ප්‍රින්සිපල්ට වගකීමක් නැතිද? ඔයා පොලිසියට ගිහින් වැඩ කරන්න බැරි නම් ගෙදරම යන්න. කොරෝනා වලින් බැට කාපු දෙමාපියන්ට ඔයාලගෙනුත් බැට ඕනේ නැහැ.
මාත් ගුරුවරයෙක්. පෙන්ෂන් ගියෙ ශ්‍රේණිධාරී විදුහල්පති කෙනෙක් විදියට. කොයි පක්ෂෙත් දේශපාලකයො එක වගේ. මං ඔවුන් එක්ක ගගගෙනත් තියෙනව. හැබැයි මේ වගෙ වැඩ කරල නෑ. මං ස්ට්‍රයික් නම් නි. විදුහල්පති හෝ ඊළඟට ඉන්න ජ්‍යේෂ්ට ගුරුවරයාට වැඩ කරන්න ඉඩ දුන්නා. ඒක ඔවුන්ගේ අයිතියක්.
වෙනත් කෙනකු භාරයේ ඇති ස්ථානයකට අයුතු ඇතුල්වීමක් වෙනවා මොහුට විරුද්ධව විනය පියවර ගත යුතුය. මොහු දැනුවත් කලායැයි කියන ඉහළ නිළධාරියාද වරදක් කල බව කිව හැකිය
ඇත්තටම මේ ප්‍රින්සිපල් කෙනෙක්ද. තමන්ට වැඩ කරන්න බැරි නං පුලුවන් කෙනෙකුට වැඩ බාරදෙන්න බැරි නැහැනෙ. මෙයාලගෙන් ඉගෙගන්න අපේ දරුවො කොහොම හැදෙයිද
අනගිරත්න කියන පුද්ගලයාට මම කියන්නේ මේ ගුරුවරු කැඩුවේ විදුහල්පතිගේ ගෙදර ගේට්ටුවේ ඉබ්බා නෙමෙයි .රජයේ පාසලක ගේට්ටුවක් .විදුහල්පති කියන්නේ පාසැලේ හිමිකරු නෙමෙයි ,ඔහු ගුරුවරුන්ගේ ප්‍රධානියා පමණයි
දෙමාපියනි , සියලු දෙනාම මේ අභීත ගුරුවරයා වෙනුවෙන් පෙනී සිටින්න.
නිවට හැත්තට එහෙමයි පෙනෙන්නේ සිරිබිරිස්...
ඔතන වර්ජකයෙක් හිටියොත් මම පළමු මිටි පහර දෙන්නේ වර්ජකයාගේ ඔලුවට... මොලේ විවෘත කරන්න...