IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 3ක් ඇරේ

 
(කාංචන කුමාර ආරියදාස)
 
මේ දින කීපයේ ඇදහැලෙන වර්ෂාව පතනය හේතුවෙන් දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය සම්පූර්ණයෙන්ම පිරීයාමෙන් අද (21)  වාන් දොරටු තුනක් විවෘත කර දැමූ බව මහවැලි නිලධාරීහු පවසති.

ඒ අනුව ඉබ්බන්කටුව ජලාශයෙන් තත්පරයකට ඝන අඩි 2460 ක ජල ප්‍රමාණයක් කලා වැවට මුදා හැර ඇති බවත් තවදුරටත් වර්ෂාව පතිත වුව හොත් දැනට විවෘත කර ඇති දොරටු  තුනට අමතරව ඉතිරි දොරටු  දෙකද විවෘත කිරීමට නියමිත බවත් මහවැලි නිලධාරීහු සඳහන් කර සිටිති.

ඉබ්බන්කටුව ජලාශය හරහා කලා වැව දක්වා ජලය රැගෙන යන දඹුලු ඔය දෙපස ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවත් වර්ෂාපතනය වැඩි වුවහොත් සොරොව් විවෘත කිරීමෙන් ප්‍රදේශය ඇළ මාර්ගවලට බැසීමෙන් වළකින්නැයි මහවැලි නිලධාරීන් ජනතාවට ගෙන් ඉල්ලීමක් කර සිටිති.

මේ අතර ඉබ්බන්කටුව ජලාශයෙන් ලැබෙන ජල ප්‍රමාණය සමග ක්‍රමක්‍රමයෙන් කලා වැවේ ජල මට්ටම ද ඉහල යමින් පවතින බව වාරිමාර්ග ඉංජිනේරුවරු සඳහන් කර සිටිති.



අදහස් (0)

ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 3ක් ඇරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site